ශීක් හසිනා පලා යයි

ශීක් හසිනා පලා යයි

බංග්ලාදේශ් අගමැති ශීක් හසිනා ඩැකා අගනුවරින් පලායයි

ආසියාවේ ඉතා බලවත් නායිකාවක ලෙස පිළිගැනීමක් තිබූ බංග්ලාදේශ් අගමැතිනිය වන ශීක් හසීනා තම ධූරයෙන් ඉවත්ව ඩකා අගනුවරින් පලාගොස් තිබේ.විරෝධතාකරුවන් අගමැති මන්දිරයට කඩා වැදෙන විට එතුමිය පලාගිය බව ජනමාධ්‍ය පවසයි .බොහෝ විට ආආරක්ෂක අංශ අනුශාසනා උපදෙස් මත ධූරයෙන් ඉවත් වන්නට ඇතැයි කල්පනා කළ හැකියි.

එරට බිහිවූයේ 1971 ඉන්දියා-පකිස්ථාන් යුද්ධයෙන්ය. එහි ප්‍රථම අගමැති වූයේ ශීක් හසීනාගේ පියා වූ ශීක් මුජිබර් රහමාන්. බංග්ලාදේශ් නිදහස් සටනේ පුරෝගාමියා වූ ශීක් මුජිබර් බලයට පත්වූ පසුව ආඥාදායකයෙක් ඒකාධිපතියෙක් ලෙස ඔහු ක්‍රියා කළ බව එහි දේශපාලන ඉතිහාසය විමසා බලන විට පෙනී යයි.මුජිබර් විපක්ශය වගේම විරුද්ධ මත මර්ධනය කළේ අනුකම්පා විරහිතව . ඔහු 1975 තමාගේ පක්ෂය අවාමි ලීග් පක්ශය හැර සෙසු පක්ශ තහනම් කළේය .ඒ අනුව තනි පක්ශ ඒකාධිකාරයක් නිර්මාණය කෙරුණි .එසේවුවත් ඔහු 1975 අගෝස්තු මස 15 දින හමුදා කුමන්ත්‍රනයකින් පවුලේ සාමාජිකයන් වැඩි පිරිසක් සමඟින් ඝාතනය කළහ.එහෙත් එවකට විදෙශගතව සිටි ශීක් හසීනා සහ ඇයගේ නැගනිය පමණක් දිවි බේරුණි.ඔවුන් ද සිටියේ නම් පියාට අත්වූ ඉරණම අත්වනවාට කිසිම සැකයක් නැහැ .එහෙත් ජීවත් වීමේ වාසනාව අක්ක නගෝට තිබුණි .

1980 කාලයේ ශීක් හසීනා නැමති ජනකාන්ත තරුණ නායිකාව දේශපාලනයට පිවිසෙන්නේ බංග්ලාදේශ ජනතාවගේ අපමණ ප්‍රසාදය මතයි.ඇය අවාමි ලීග් පක්ශයේ නායිකාව වශයෙන් දේශපාලනයට ප්‍රවිෂ්ට විය .පසුව හසිනා 1996-2001 දක්වාත් නැවතත් 2009 සිට 2024 පළායාම දින දක්වාත් අගමැති ධුරය හෙබවීය.එතුමිය 2009 අගමැති වීමෙන් අනතුරුව විරුද්ධ පක්ශ මෙන්ම විරුද්ධ මතධාරීන් මර්ධනය කිරීමට වගේම අතිශය ඒකාධිපති සහ ධරුණු පාලනයක් ගෙන ගියේය .

ආර්ථිකය දියුණු වුවත් පොදුජනයාට ඉන් වාසි අත් නොවීය.වාසිය ගියේ ජාවාරම්කාර පැලැන්තියකටයි.එහෙත් බලයෙන් ඉවත්වීමට පාදක වූයේ විශාල තරුණනැගිටීමකි.බංග්ලාදේශ් නිදහස් සටනේ කොටස්කරුවන් වූවන් ගේ පවුල් වලට රජයේ රැකියා අවස්ථාවන් වලින් 30% ලබාදීමට එරෙහිව පැන නැගුනු ශිශ්‍ය සහ තරුන විරෝධතාවය ඉතා කුරිරු ලෙස මර්ධනය කිරීම නිසා විරෝධතාවය අති දරුණු විය.

 

මේකේ අවසන් ප්‍රතිඵලය වූයේ තම පියාට මීට 49 වසරකට පෙර සිදු වූ පරිදි ආගෝස්තු මාසයකදීම 76 වියැති ශීක් හසීනාට බංග්ලාදේශ් අගමැති ධූරය අහිමි වීමයි. කෙසේ වෙතත් එතුමිය ස්වකීය පියාට වඩා වාසනාවන්තය.පියා ඝාතනය වුවත් මෙතුමියට පවුලේ සැමගේ ජීවිත ආරක්ශා කර ගැනීමට වාසනාව හිමිවිය.

විරෝධතාකරුවන් අගමැති මන්දිරයට කඩා වදින විට එතුමිය සිටියේ නම් තාත්තාට අත්වූ ඉරණම අත්වන්නට බොහෝ ඉඩකඩ තිබුණි.පාලකයන් සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රටක් කළයුතු බවට මෙය තවත් කදිම නිදසුනකි.

දේශපාලන විචාරක ගාමිණි ගුණසේකර 

Related Articles