ශ්‍රී ලාංකිකයින්- වීසා රහිතව තායිලන්තයට

ශ්‍රී ලාංකිකයින්- වීසා රහිතව තායිලන්තයට

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයින්ට පහසුවෙන් තම රටට පිවිසීමේ අවස්ථාවක් ලබා දෙන බව පොරොන්දු විය. දැන් එම පොරොන්දුව ඉටුවී තිබේ.

තායිලන්තයේ නව සංචාරක වීසා යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට ගොඩ බැසීමෙන් පසුව (ON ARRIVAL ) වීසා ලබා ගත හැකි ය.

මේ අනුව, ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රලාභීන්ට තායිලන්තයට යාමට පෙර පූර්ව වීසා අයැදුම් කිරීමක් අවශ්‍ය නොවේ.

එරටට ගොඩ බැසීමෙන් පසුව ලබා ගන්නා වීසා මත දින 60ක් එරට රැඳී සිටීමට අවස්ථාව හිමි වේ.

 

මෙම අවස්ථාව අලුතින් පිරිනැමුණු රටවල් අතර, ජෝර්දානය, ඉක්වදෝරය ඇතුළු රටවල් 17ක් වේ.

තායිලන්තයේ සංචාරක කර්මාන්තය

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් තායිලන්තය මෙම නව වීසා ක්‍රමය දියත් කොට තිබේ.

තායිලන්තයට පැමිණෙන සංචාරකයින් අතරින් බහුතරය පැමිණෙන්නේ, චීනය, මැලේසියාව සහ ඉන්දියාවෙනි.

තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය දියුණු වීමත් සමඟම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩුවීමට ඉඩ හැකි අතර අනෙක් අතට තායිලන්තයට පැමිණෙන සංචාරකයන් තමන්ගේ සංචාරයේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගතහොත් එහි වාසිය ශ්‍රී ලංකාවට ලබාගත හැකිය.

 

පස් අවුරුදු වීසා බලපත්‍රය

දූරස්ථ සේවකයන් සඳහා නව පස් අවුරුදු වීසා බලපත්‍රයක් හඳුන්වා දුන් අතර, එය දරන්නන්ට සෑම වසරක ම දින 180ක් දක්වා රැඳී සිටීමට ඉඩ සැලසේ.

ඊට අමතරව, තායිලන්තයෙන් මූලික උපාධිය හෝ ඊට ඉහළ උපාධියක් ලබා ගත් සංචාරක ශිෂ්‍යයින්ට උපාධිය ලබා ගැනීමෙන් පසු රැකියාවක් සොයා ගැනීම සඳහා වසරක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට ද අවසර හිමි වනු ඇත.

Related Articles