ශ්‍රී ලංකාවේ  විභවය  ඇත්තේ  කොහිද ?

ශ්‍රී ලංකාවේ විභවය ඇත්තේ කොහිද ?

 

ශ්‍රි ලංකාව නැවත ගොඩනැගීමේ විභවතාවයක් පවතී ද ?….

 

නිදහස් ලාංකීය සමාජය 75 වසරක මැත කාලින ඉතිහාසය තුල දරුණුතම ආර්ථික අර්බුදයේ පීඩනයෙන් හෙම්බත්ව්‍  සිටින අතර වාරේ අනාගත අපේක්ෂාවේ යුතු විලිරුදාවෙන් 2024 ජනාධිපතිවරණය අභියස සිටි.

රාජ්‍ය හා පුද්ගලික ව්‍යවසායන්ගේ කාර්යක්ෂම බව ඛේදනීය ලෙස අර්බුදයට ගොස් ඇති මොහොතක දු දරුවන්ට නිදහසේ හුස්ම ගත හැකි හෙටක් උදා කරගැනීම ශ්‍රි ලාංකීය පුරවැසි වැඩිදෙනාගේ පැතුමයි .

පශ්චාත් නිදහස් යුගය තුල අන්ත වාමවාදී මෙන්ම අන්තවාදී නව ලිබරල්වාදී ආර්ථික හා දේශපාලන භාවිතාවන් අසමත්වී හමාරය . ඒ භාවිතාවන් අප වෙත ලඟා කොට ඇත්තේ දුපත්කම. කැරලි කෝලාහල සහ වේදනාවයි .

නව මාවතක්

මේ සමාජ ආර්ථික දේශපාලනික අගාධය ගැඹුරුය එයින් ගොඩවීමට නම් නව මාවතක් ගවේශනය කළ යුතුය.

ප්‍රගතියේ මාවත ඔස්සේ ගමන් කිරිම සදහා වු විභවතාවයක් හඳුනාගෙන එම මංපෙත් පෝෂණය කිරිම යහපත් අනාගතයක් අපේක්ෂා කරන සමාජ, ආර්ථික හා දේශපාලනයේ කාලීන කාර්යභාරයයී.

රාජ්‍ය ව්‍යවසාය මුල්කරගත් යුගය සමාජයට උරුම කලේ අමිහිරි නිලධාරී ශාන්ත්‍රනයක පිඩනයයී. එ මත වු රාජ්‍ය ව්‍යවසාය බංකොලොත්භාවයේ පිඩනය පොදු ජනයාගේ පසුම්බිය වෙත දරුණු බදු බරක් පටවා තිබේ . මිහින් ලංකා, සිට එයාර් ලංකා, විදුලි බල, ගල් අගුරු, දුම්රිය, ප්‍රවහනය, ජලය, බලශක්ති, තොග හා සිල්ලර වෙළදාම, පතල් හා කැණීමි, අවට මුහුදු තිරය, අහස, සංනිවේදන අවකාශය භාවිතා කොට ඇත්තේ අතාර්කික සහ අකාර්යක්ෂම ලෙසිනි .
ඒ භාවිතාව අප සමාජයට ගෙන දී ඇති ආර්ථික හා සාමාජීය පිඩනය කවර නම් මිණුම් දණ්ඩකින් මැන්නද එක්කොට ඇත්තේ දැරිය නොහැකි බදු බරකි

 

නිදහස් ලංකාවේ සෞඛ්‍යය හා අධ්‍යපනය වෙනුවන් ජනතාව දැරූ මුල්‍ය දායකත්වය වෙනුවෙන් ඔවුන්ට මේ සම්පත් පරිපාලනය නිලධාරී තන්ත්‍රය සාධාරණත්වය ඉටු කොට නොමැත .

ශ්‍රිලංකාවේ නිදහස ලබුදා පටන් සැම අය-වැය ලේඛනයකම මුල්තැන ලබාදී ඇත්තේ පෞද්ගලික ව්‍යවසාය ශක්තිමත් කිරීමටයි .

පෞද්ගලික අංශය ශක්තිමත් වූ විට කර එහී ප්‍රතිලාභ සමස්ත සමාජය වෙත කාන්දුවී යතැයි උපකල්පනය කෙරින .

රුකියා අවස්ථා , දියුණු සමාජ ආර්ථික අවස්ථා,සහ විද්‍යත්මක හා තාක්ෂණික අංශවල ප්‍රගමනයක් ඇතිකරමින් ජාතික ධනය ගොඩනැගීමේ ධාවක බලවේගය ලෙස පෞද්ගලික අංශය සැලකින .

එහෙත් පසුගිය 75 වසර තුලම බලයේ සිටි ආණ්ඩු පෞද්ගලික අංශය වෙත දක්වා ඇති නිර්ලෝභී දායකත්වයට සරිලන ප්‍රතිලාභ සමස්ත සමාජය වෙත ලැබී නොමැත . සිදුව ඇත්තේ ඇති නැති පරතරය ප්‍රසාරණය වී රටේ බහුතරය සමස්ත සමාජ ආර්ථික ක්‍රමයට පිටස්තරයින් වීම පමණි .

පාලක පංතීන් පොදු ජනතාව රාජ්‍ය පාලනයෙන් ඉවත් කොට සකසුරුවමින් තොර දිවි පෙවෙතක් ගත කළහ.

රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසාය රටට අවශ්‍ය සියල්ල සපයතැයි යන සිහිනයේ ඇලී ගිළුනහ .

පොදූ ජනතාව පාලනයෙන් ඉවත් කොට දේශපාලන පංතිය ව්‍යාපාරිකයින් සහ නිලධාරීන් සමීප ඇසුරේ තබා ගනිමින් රාජ්‍ය පාලනය කරගෙන ගියහ .

ජාත්‍යන්තර අත්දැකීම

ඇමරිකානුවන් බ්‍රිතාන්‍ය බදු වලට විරෝධය පල කරමින් තේ පෙට්ටි බොස්ටන් වරායට වීසි කළහ

පොදු ජනතාව පාලනයෙන් දුරස් කොට ආර්ථිකය තම පාලනය යටතේ තබා ගැනීමට ගත් හැම තැනකම වැඩ වැරදී තිබේ . අනෙක් අතට ජනතාවට රාජ්‍ය පාලනයේ කොටසක් බවට පත්වීමට ඉඩ ලැබුනු විට නව සමාජ අවකාශයක් බිහි වූ අතර ඒ අවකාශය තුල සමාජ වෙනසේ නව බිජුවට පැල විය

ඇමරිකානු සිවිල් යුද්ධය ආරම්භ වුයේ බ්‍රිතාන්‍ය රජය ඇමරිකානු ජනපද දහතුනේ බදු එකතු කිරීමට විරෝධය පල කරමිනි

එම විරෝධය පුළුල් ජනතා සහභාගිත්වයක්‌ සහිත නුතන ඇමරිකානු එක්සත් ජනපදය බිහිවීමේ පදනම නිර්මාණය කළේය.

දේශපාලන , සමාජ සහ ආර්ථික බලය ජනතාව අතට පත්කිරීම තුලින් සමානාත්මතාවය සහ ආර්ථික අසමානතාව අඩු කරගත් තවත් උදාහරණ වන්නේ ප්‍රංශය සහ ස්කැන්ඩිනේයානු කලාපයේ නොර්වේ ,ස්වීඩන් සහ ඩෙන්මාර්ක් යන රටවල්ය.මේ රටවල් මේ තත්වය උදා කරගත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි සමාජ ආර්ථික දේශපාලනික ප්‍රවාහයක් තුලිනි.

සමාජ ආර්ථිකයේ අයහපත් විෂම චක්‍රයේ පීඩාකාරී බව දැඩිව දැනෙන මොහොතකි. ඒ වේදනාකාරී බවේ උච්ච තැනකට පැමිණ සිටින මොහොතේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිටු දැකිය හැකිද ?

රාජ්‍ය සතූ අධිකාරි බලය උපරිමයෙන් යෙදවන් අතර හා ජනතා බලය උදුරා ගැනෙන ලක්ෂණයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක් ක්‍රියාත්මකවේ . විදුලිය, ගැස්, ජලය, දෛනික ආහාර, ගමන් ගාස්තු, උපයන විට බදු, ආදායම් බදු, හා වක්‍ර බදු, තුලින් මෙරට සමාජ ආර්ථිකය අයහපත් විෂම චක්‍රයකට හසුව තීබිම ඉතා පැහැදිලව ගම්‍යවේ.

අධිකාරි බලයේ අනුහසින් පෙදු ජනතාවගේ ධනය උදුරා ගනිමින් සිදුකරන මේ පාලනයකට ප්‍රතිවිරුද්ධ
ගමන් පථයක ලාංකීය සමාජ ආර්ථික ගමන සිදුවිය යුතුව ඇත

පොදු ජනයා ඇතුලත් කරගන්නා සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පාලනයකට හා ආර්ථික රටාවකට අප යොමුවිය යුතුව ඇත .ඒ සඳහා බිම් මට්ටමේ සිට ඉහළට ගොඩනැගෙන සමාජ දේශපාලන යාන්ත්‍රනයක් ගොඩනැගිය හැකි දේශපාලන නායකත්වයක් අවශ්‍යවී තිබේ .

ජාතියේ ප්‍රගතිය සදහා ජන සහභාගිත්ව බලයක්………….

Sri Lanka: Candidates lure voters with divergent agenda

ශ්‍රී ලංකාව පසුගිය දශක 03 පුරා ගමන් ගත් මග රුදි තිබුනේ දේශපාලන බලය මුලු සමාජය හා භුමිය ‌පුරා නොව කල්ලියක් මතය. ආණ්ඩු බලය සහ මෙන්ම ප්‍රතිවිරුද්ධ බලය අතර පැවති අදෘෂ්‍යමාන සබදතාවයක් ඔස්සේ ගජ මිතුරු කල්ලියක් බිහිවිය.

සමස්ත ආර්ථික හා සමාජ ආයතන සම්බන්ධීකරණය ‌පවත්වා ගනිමින් නිෂ්පාදන හා සේවා පද්ධතින් නිසි ආකාරයෙන් පවත්වා ගැනීමට මේ ගජ මිතුරු කල්ලි වලට නෙහැකි විය. එම නිසා රටක් වශයෙන් ලාංකීය සමාජය තුළ නිෂ්පාදන හා සේවා පද්ධතින් දුර්වල විය.එහි ප්‍රතිපලය වශයෙන් රාජ්‍ය පාලනය, පරිපාලනය, පළාත් පාලනය, සෞඛ්‍යය, හා අධ්‍යපනය වැනි සේවා මෙන්ම නිශ්පාදන , බෙදාහැරීමේ හා පාරිභෝජනය සඳහාවූ වු ආර්ථික ක්‍රියාවලි පසුගාමි විය.එමෙන්ම කඩා වැටුනි.ශ්‍රි ලංකාව නැවත ගොඩනැගිම සදහා මෙම විභවතාවයන් හදුනාගෙන එ තූලට රාජ්‍ය බලය නීතිය මගින් මෙන්ම පොදු ජනතාව විසින්ද පාලනයට දායකවන ජන සහාභාගීත්වයේන් ක්‍රියාත්මක වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යුහයන්  ක්‍රියාත්මක වන ආර්ථික හා දේශපාලන පද්ධතියක් ගොඩනගා ගත යුතුය.

එ සදහා නීතිය සමානව ක්‍රියාත්මක වන ප්‍රසරයක් අවශ්‍යවේ. දේශපාලන අධිකාරිය නිවැරදි කිරිමට තරම් සක්‍රිය දායකත්වයක් හා අවස්ථාවන් ජනතාවට තිබිය යුතු අතර එම දායකත්වයට ඇති අයිතිය ව්‍යවස්ථාපිතව නීති රාමුවකින් තහවුරු විය යුතුය .

ජන සහභාගිත්ව හුදු පාලක පංතියේ සිතැඟි අනුව ලබා දෙන වරදානයක් නොව  ජනතාවගේ අනුල්ලංගනීය පරම අයිතියක් විය යුතුය .

ශ්‍රි ලංකාව නැවත ගොඩනැගීමේ විභවතාව ඇත්තේ මේ පරම අයිතිය පිළිගැනීම තුළය.

කමල් බණ්ඩාරනායක

 

 

Related Articles