විචිත්‍ර දාන තරඟය

විචිත්‍ර දාන තරඟය

දානය දීම බොහෝ ආගම් වල මුලික සංකල්පයක් ලෙස සැලකේ .

ක්‍රිස්තියානි ආගම තුල දානය දානය දීම එකිනෙකාට ප්‍රේම කරවන බව හඟවන ක්‍රියාකාරකමකි. ඉස්ලාම් දහම තුල තමන්ට වඩා අඩුවෙන් ඇති අය සමඟ ඇති දේ බෙදා ගැනීම මුලික ආගමික ධර්මතාවකි .
බුදු දහම තුල දානය යනු හුදු හුවමාරුවකට එහා ගිය පුළුල් අධ්‍යාත්මික සහ සමාජීය ක්‍රියාවලියකි

  • .යෝ සීලවා සීලවන්තේසු දදාති දානං
  • ,ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ,
  • අභිසද්ධහං කම්ම පලං උලාරං,
  • තංවේදානං විපුල පලන්ති බෲමී,

මෙම ගාථාවෙන් දානයක් ලෙස දෙන යමක් දිය යුතු , ආකාරය, හා කාට, කෙසේ ,මෙන්ම එකී දානමය වස්තු උපයා ගත යුතු අයුරු , එවැනි අවස්තාව කදී සිත තුල උත්පාදනය කලයුතු ධර්මතා ,ආදිය ද පැහැදිලි කර ඇත .
දනය තමන්ගේ ආර්ථික හා සමාජීය ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් කර ගැනීම බැලූ බැල්මට වරදක් සේ දැකිය හැකි නොවෙතත් එසේ කිරීම බුදු දහමේ මුලික ඉගැන්වීම් වලට අනුගතවේද යන්න ගැටළුවකි

විචිත්‍රවත් දාන පිරිනැමීම කෙටි මගකින් නිවන් ලැබීමට හේතුවන බව විශ්වාශ කරන කෙනෙක් වේ නම් ඒ පිළිබඳව තර්ක කළ නොහැකි නමුත් එමඟින් බිහිවෙන දාන තරඟය බුදු දහමේ මුලික අපේක්ෂා බැහැර කරන බව පෙනේ.

ප්‍රඥාවන්තයින් උදෙසාම
බුදු දහම වනාහී ප්‍රඥාවන්තයින් උදෙසාම බව බුදුන්වහන්සේ දේශණාකල අවස්තා බොහෝ වෙති .”පඥාවන්තස්සායං ධම්මෝ න අයං ධම්මෝ දුප්පඥස්ස ” ලෙස බුදුන් වහන්සේගේ අවස්තා ගණනකදී දේශණාකර තිබීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය .
දානය පිලිබදව වඩා පැහැදිලි කිරීමක් උදෙසා ,අංගුත්තර නිකායේ ,5 වන පොතෙහි දැක්වෙන “වේලාම සූතයේ” සදහන් ,පුණ්‍ය ක්‍රියාවලිය හා ඒ ඒ පින් කටයුත්ත කෙරෙහි බුදුන් වහන්සේගේ දැක්වූ දේශණාවේ පෙලගැස්ම කෙටියෙන් විස්තර කිරීම යහපත් බව මාගේ විශ්වාසයයි .

වේලාම බමුණු තෙමේ , බුදුන් ප්‍රමුඛ මහසගරුවනක්, ලොව පහල වී නොමැති , අතීත භවයකදී අන් පිරිස් උදෙසා දුන් දානය ක් පිලිබදව අපගේ ගෞතම බුදුන් වහන්සේ ,අනේපිඩුසිටුතුමාට මෙම දේශණාකල ,දහම තුලින් විශේෂයෙන් දානය ට හිමිවන ස්තානය කුමක්ද යි පහදා දී ඇත . එහෙත් දානය කිසිසේත් ප්‍රතික්ෂේප කර නොමැති බව නම් කිවයුතු මය .

වේලාම බමුණු තෙමේ ,රන් පිරවූ රිදී පාත්‍රා, 84000, ක් රිදී පිරවූ රන් පාත්‍රා 84000 ක්, දල ඇතුන් 84000ක්, අශ්වයන් බැදී රථ 84000 ක්, අසීමිත ආහාර ,බඩුබාහිරාදිය , ආදී මහා ධනස්කන්ධයක් දන් දුන් බව ප්‍රකට කල ,උන් වහන්සේ , ඊට වඩා උතුම් දානයන් හා කුසලයන් මෙසේ පෙලගස්වා දේශනකර ඇතිබව සදහන් වේ .

වේලාම බමුණාගේ එකී මහා දානයට වඩා ,
අසරණ මිනිසුන් 100 කට දෙන දානය මහත් පල මහානිසංෂ බවත් ,ඊට වඩා එක් සෝවාන් උතුමකු උදෙසා දෙන දානය උතුම් බවත්,සොවාන් 100 උතුමන් ට පුදන දානය ට වඩා එක් අනාගාමී උතුමකුට පුදන දානය උතුම් බවත් ,……යනාදී ලෙස අවසන බුදුන් ප්‍රමුඛ මහ සගරුවන ට දෙන දානය, සිව්දිගින් වඩිනා සගරුවන උදෙසා ආවාස, අනතුරුව තෙරුවන් සරණ යාම, අනතුරුව පන්චශීලය සුරැකීම ,ඊටත් වඩා මලක සුවද සිඹින කාලයක් අතර “මෙත් වැඩීම” , හා අවසන් වශයෙන් මොහොතක් “අනිත්‍ය මෙනෙහි කිරීම” , යන කුසලය දක්වා පින් කුසල් පෙලගස්වා දේශණාකර ඇති දේශණාව දෙස විමසීම් නුවනින් අධ්‍යයනයේ යෙදීමෙන් , දානය යම් වූ සත් ක්‍රියාවට හිමි ස්තානය හොදින් තේරුම් ගත හැකි නොවේද ? .
(එදා වේලාම බමුණන් සේ එකී දානය දෙනුලැබුවේ, ගෞතම බුදුන් වහන්සේ ම බවත් දේශණාකර ඇත්තේ ය)

එහෙත් දානය ත්‍රිශික්ෂාවේ මූලික මෙන්ම වැදගත් ස්තානයක් ගන්නා බැවින් අනිවාර්යයෙන් ම වැඩිය යුතු පුණ්‍ය ක්‍රියාවලියක් ලෙස අවිවාදයෙන් පිලිගත යුතු වේ .නමුත් නිවන් සාක්ෂාත් කරගැනීම පිණිස එකී සීමාවෙන් ඔබ්බට පිවිස රැස්කල යුතු දහම්,පිලිපැදියයුතු හා අනුගමනය කලයුතු පිලිවෙත් ප්‍රතිපත්ති ,වැඩිය යුතු කුසල් පූර්ණය කර , චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට ඉටා ගනිමු

ගාමිණී රුවන්චන්ද්‍ර

 

Related Articles