රනිල් කොටු වෙලා?

රනිල් කොටු වෙලා?

 

උත්තරීතර නීතියත් සමග සෙල්ලම් කරන්නෙ නැතුව ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මොණරාගලදී ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්. දැඩි ප්‍රකාශයක් සිදු කොට ඇත.

ජනාධිපතිවරයා තවදුරටත්. ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවට පිටුපා කටයුතු කරන්නේ නම් සමගි ජන බලවේගය දැඩි පියවරක් ගැනීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

කථානායකවරයා විනිසුරුවරුන් සමඟ සමඟ සාකච්ඡා කිරීම සදාචාරාත්මක නොවන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ.

අනෙක් අතට. උසාවියට අපහාස කිරීමේ චෝදනා වලට ලක්විය හැකි හෙයින්  දේශබන්ධු තෙන්නකෝන්  හට පොලිස්පති තනතුරේ ක්‍රියාකාරී විය නොහැකි තත්වයක් ඇතිවී ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසන්නේ.

වැඩබලන පොලිස්පතිවරයෙක්

 

උදා වී ඇති මේ ඇතිවී තිබෙන මේ තත්ත්වය හමුවේ වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන්. රනිල් වික්‍රමසිංහට කටයුතු කිරීමට සිදු වී ඇත.

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක

පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලලිත් පතිනායකය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිව එල්ල වූ චෝදනාවලින් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ඔහුව නිදහස් කොට ඇත.

 

පොලිස් දෙපාර්තමේන්තුවේ ඊට පසු ජේ්‍යෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නේ ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, දමින්ද ශ්‍රී රාජිත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු සහ අජිත් රෝහණ සිටිති .

Related Articles