ඡන්ද දිනය සඳහා ලංගමයෙන් අතිරේක බස් රථ පළවෙයි

ඡන්ද දිනය සඳහා ලංගමයෙන් අතිරේක බස් රථ පළවෙයි

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා අවශ්‍ය වුවහොත්, දුර ගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බව සභාපති ශෂී වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

එහෙත්, අතිරේක දුම්රිය සේවාවන් යොදවීම පිළිබඳ තීරණයක් දැනට ගෙන නොමැති බවත්, දුම්රිය ධාවනය වෙනදා සතියේ දිනවල සහ සතිඅන්ත දිනවල මෙන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

“එමෙන්ම, අතිරේක දුම්රිය සේවාවන් ලබාදීම පිළිබඳ මෙතෙක් කිසිඳු ඉල්ලීමක් ලැබී නොමැති බවත්, ඉල්ලීම් කළ හොත් පවා විශේෂ සේවාවන් පවත්වා ගැනීමට ප්‍රමාණවත් අමතර දුම්රිය රථ නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පවසයි.

“එමෙන්ම, පෞද්ගලික බස් රථ සේවකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට යන බැවින් අමතර බස් රථ සේවා ලබා නොදෙන බවත්, කෙටි ගමන් බස් සේවා සීමිත ප්‍රමාණයක් පමණක් ධාවනය වනු ඇති බවත්, පෞද්ගලික බස් රථ සංගම් නිවේදනය කරයි.”

Related Articles