සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු නික්ම ගොස් ඇත්තේ දිදුලන ගුරු තරුවක් දිවි මගෙන් නික්ම ගිය පසු දැනෙන වේදනව ශේෂ කරමිනි . දිගු කලක් කැලණිය විශ්ව විද්‍යාලයේ එතුමන් හා ඇසුරු කිරීමේ වරම් ලද සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගල ගෙවී ගිය මතක සැමරුම් අතරින් ගමන් කරමින් චීනයේ Chongqing Normal සරසවියේ සිට තැබූ සටහනකි මේ:
කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මටපළමුව හමුවන්නේ හැත්තෑව දශකයේ වාරියපොළශ්රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ දේශනයක දීය. කෙට්ටු කුඩා පෙනුමක් තිබුණ ඔහු ඇඳගෙන හිටියේ විශාල බෙල් බොටම් කලිසමකි. අඟල් දෙක හමාරක් විතර ඉන පටියක් ලා සිටි ඔහු සාක්කු හා එහෙන් මෙහෙන් කෑලි එල්ලුන කමිසේ අත් නවා තිබුණි. පැළඳ සිටියේ ලොකු සපත්තු දෙකකි. දිගට කතා කරන විට දිගටවවපු කොන්ඩය දෙපැත්තට විසිවුණු අතර මූණ පුරා රැවුලක් වවා තිබුණි.
එහෙත් මම කැලණිය සරසවියට ඇතුළු වනවිට ඔහුගේ අනන්‍යතාව වූයේබිම අනිමින් යන දිග කුඩය, සුරුට්ටුව හා උර හිසෙහි එල්ලා ගෙන සිටි හම් බෑගය යි.
මම දකින්නේ හැත්තෑවේ දශකයේ සිට බහු විෂයික ශික්ෂණයෙන් සිංහල භාෂාවට නව පණක් එක්කළගුරුවරයෙක් ලෙසිණි. ඔහු සමාජ විද්‍යා හා මානව විද්‍යා ශික්ෂණය ලද සිනමා සාහිත්‍ය කලා හා විචාර වාදයන් හදාළඔහුඑවක පැවති සිංහල භාෂා අධ්‍යයනයේ විෂය සීමාව පළල් කර නව මානයක් එක්කළ අයෙකි. ඵලදායි මහාචාර්යවරයෙකුගේ ලක්ෂණ ගතික වන අතර සන්දර්භීය, සංස්කෘතික සහ කාලීන බලපෑම්වලට එවැන්නෙක් විවෘත වන්නේය.
පරතරය අවම කිරීම
ෆ්රෑන්ක් කොෆීල්ඩ් (Frank Cofield ) බිල් විලියම්සන්(Bill Williamson) විශ්වාස කරන්නේ ප්රජාතන්ත්රවාදී සමාජයන්හි විද්‍යාල හා විශ්වවිද්‍යාලවල අනාගතය “ඔවුන් සේවය කරන සමාජවලින් වෙන් කළ නොහැකි බවත් සමාජයේ විවිධ කොටස් අතර පුළුල් වන පරතරය නොසලකා හැරියහොත් විශ්වවිද්‍යාල හීන වී, හානි වීමට පවා ඉඩ ඇති බවත්” ය. එවක මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු එකී පරතරය අවම කිරීම වෙනුවෙන් පෙනී සිටි අයෙකු බව මට හැඟුණි. විශ්වවිද්‍යාල ගුරුවරයා විද්‍යාර්ථයින් සමාජ සහ තමන් විසින්ම සූදානම් කර ඇති ජීවන කොන්දේසි ප්‍රශ්න කිරීමට යොමු කළ යුතුය.ඔහු තුළ වූ එම දැක්ම සම්මත තාර්කිකත්වය, සංවෘතභාවය සහ අවිනිශ්චිතතාව ඉක්මවා යාම වෙනුවෙන් පෙනී සිටියේය. ‘සංස්කෘතියේ සමාජ මුහුණුවර’, ‘විදේශීන් දුටු සිංහල ලකුණ’, ‘එපුර රැජ යූ ඇය’, ‘ සමරූපණය’ වැනි කෘති හානවකතා,සාහිත්‍යය, සමාජ විද්‍යාව, ජනප්‍රවාදය සහ චිත්‍රපට අධ්‍යයනය යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ග්රන්ථ 50 කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර තිබීමෙන් එය පැහැදිලි වේ.ඔහු 1976 දී “Ceremonies and Festivals and Rituals of the Sinhalese ; An Anthropological Approach” නිබන්ධයට සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය.
ඕනෑම දැනුමක් යනු ඉතිහාසයේ සහ සමාජ සංවර්ධනයේ එක්තරා අවධියක දැනුමක් වන අතර, දැනුමේ ස්වභාවය අනිවාර්යයෙන්ම එය ජනනය වන සංස්කෘතික සම්ප්‍රදායන් විසින් සීමා කරනු ලැබේ.දැනුමේ සංස්කෘතික ස්වභාවය මානව දැනුමේ විවිධත්වය තීරණය කරන අතර මානවවාදී දැනුම, සමාජ දැනුම, දේශීය දැනුම, විදේශීය දැනුම, හා ක්‍රියාපටිපාටික දැනුම මහාචාර්ය පල්ලියගුරුට තිබුණි. ඕනෑම දැනුමක් සන්නිවේදන ක්‍රියාවලියේදී බල සීමාවන්ට යටත් වේ.සියලු දැනුම පවතින්නේ යම් කාල සීමාවක්, අවකාශයක්, හර පද්ධතියක්, භාෂාමය සංකේත සහ වෙනත් සංස්කෘතික සාධක තුළ ය.“දැනුම සම්ප්‍රේෂණය තොරතුරු සම්ප්‍රේෂණයකට සීමා නොවිය යුතුය.” යන අර්ථයෙන් ඇතැම් ගුරු පරම්පරාවන්හි ඊනියා ”දැනුම අධිකාරිය”මහාචාර්ය පල්ලියගුරු ප්‍රශ්න කළ බව මම දනිමි. මහාචාර්යවරුන් විසින් පාලනය කරනු ලබන ශාස්ත්‍රීය විෂය මායිම් තුළඅත්අඩංගුවට ගත් දැනුමක්මොහු තුළ නොවුණි.
ගුරු භූමිකාවේ නිර්මාණශීලීත්වය
ගුරුවරුන් සහ සිසුන් අතර අධ්‍යාපනික සංවාදය මඟින් අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අධ්‍යාත්මික සන්නිවේදනය අවශ්‍යය.එවිටසිසුන් විසින් අවබෝධ කරගත් “ක්ෂිතිජ ඒකාබද්ධ කිරීම” සාක්ෂාත් කර ගැනීමට ගුරුවරුන්ටඋපකාර ලබා දිය හැකිය.අධ්යාපනයගුරුවරුන් සහ සිසුන් අතර අන්තර්ක්‍රියාවක් වන අතර එහි දීහුදකලා ගුරුවරුන්ගෙන්ට භූමිකාවක් නොමැත. ඉගැන්වීම යනු ගුරුවරුන් සහ සිසුන් තම පරිකල්පනය භාවිත කරමින් අර්ථය නිර්මාණය කිරීමේ සහ බෙදාගැනීමේ ක්‍රියාවලියකි.ගුරුවරුන් සහ සිසුන් අතර නිරන්තර පරතරයක් ඇති විශ්වවිද්‍යාලය තුළගුරු-ශිෂ්‍ය සම්බන්ධතාවය නියත වශයෙන්ම ද්විමය විරුද්ධත්වයක් නොව සහජීවනයක් ලෙස මෙතුමන් සැලකුවේය.පවතින තාර්කිකත්වයේ සහ අත්දැකීම්වල විලංගුවලින් මිනිසුන් මුදා ගනිමින් මෙම පදනම මත සජීවී චින්තනයක් නිර්මාණය කිරීම මහාචාර්ය පල්ලියගුරු ගත් මග ඔහුගේ ගුරු භූමිකාවේ නිර්මාණශීලීත්වයයි. එය ඔහු විසින් රචිත මෙම ගීතයෙන්ම නොපෙනෙන්නේ ද ?
“ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්න පෙර
අරුණලු උදයේ දිලිසෙන පිනි මත
පියමන් කරමින් – අහස් ගව්වටයි ළං වෙන්නේ
හිරු රැස් දැඩි වී හැකිලී ගුලි වී
සැඟවී යාදෝ පිනිකැට මිහි තුළ
පා පෙරැළී ගොස් රැඳේ ද අප හැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ
ඉරහඳ නැති වී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළක් සුසුමක් හදින් ගලනතෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ.”
ආරියරත්න ඇතුගල