‘හතලිස් වසකට පසුව, නැවතත් ගින්නකි. රෑ අහස ලෙයින් නැහැවී, හිංසනයෙන් දූෂණය වී ඇත …’
‘හතලිස් වසකට පසුව
නැවතත් ගින්නකි
රෑ අහස ලෙයින් නැහැවී
හිංසනයෙන් දූෂණය වී ඇත …
මාගේ නෑදෑකම
විවාහය විසින් පමණක් වුවද
මට හැඟෙයි මාවම
ගොදුර ලෙස හා අපරාධකරු ලෙස
එකම විට … ‘ (පරිවර්තනය – බූන්දි වෙබ් අඩවියේ අර්ජුන)
එයාගේ තාත්තයි, අම්මයි, අම්මගේ අම්මයි සියලුම දෙනා මරල දැම්ම හිට්ලර්. යුදෙවු වීම නිසා මුළු පවුලම සමූල ඝාතනය වුනා”
අසූ තුනේ කළු ජූලිය දැක කම්පා වූ ඈන් රණසිංහ කිවිඳිය සිය කම්පනය පත් ඉරුවක සටහන් කළේ එලෙසින්.
නාසිවාදීන් සිය දෙමාපියන් ඇතුළු මුළු පවුලම ඝාතනය කළ අවස්ථාවේ එංගලන්තයේ වාසය කිරීම නිසා යාන්තමින් දිවි බේරාගත් ජර්මානු ජාතික ඇනෙලීස් කාට්ස් හෙවත් ඈන් රණසිංහ -පණහේ දශකයේ සිට ශ්‍රී ලංකාවේ වාසය කළ ඇය දිවියෙන් සමුගන්නේ 91 හැවිරිදි වියේදී.
ආචාර්ය සරත් අමුණුගම, ඈන් රණසිංහ කිවිඳිය සමීපව ඇසුරු කළ ඇගේ රසිකයෙක්. ආචාර්ය අමුණුගම සහ ඈන්ගේ ස්වාමිපුරුෂයා වූ, නැසීගිය මහාචාර්ය ඩීඒ රණසිංහ සමීප මිත්‍රයන්.
කවි කම ආවේ එයාගේ වේදනාව නිසා
“ලංකාවේ ජීවත්වුණ අග්‍රගන්‍ය කිවිඳියක්. එයාගේ ඒ කවි කම ආවේ එයාගේ වේදනාව නිසා,” ආචාර්ය සරත් අමුණුගම බීබීසී සංදේශය සමඟ ඇගේ නිර්මාණ අගය කළේ එලෙසින්.
ඡායාරූප ශීර්ෂ වැකිය,අචාර්ය සරත් අමුණුගම, ඈන් රණසිංහ කිවිඳිය සමීපව ඇසුරු කළ ඇගේ රසිකයෙක්
“එයාගේ තාත්තයි, අම්මයි, අම්මගේ අම්මයි සියලුම දෙනා මරල දැම්ම හිට්ලර්. යුදෙවු වීම නිසා මුළු පවුලම සමූල ඝාතනය වුනා.”
ඉන් අනතුරුව ඇය සිය මුළු ජීවිතයම ගත කළේ එක්තරා බියකින් බවයි, සරත් අමුණුගම පවසන්නේ.
1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ඇතුළු ශ්‍රී ලංකාවේ ගැටුම් හටගත් අවස්ථාවල ඇය සිය කම්පනය පළ කළේ කාව්‍ය රචනාවකින්.
“ඔව් එයා ඒ දෙක අතර සංසන්දනය කළා. හිට්ලර් රාජ්‍ය බලය තුලින්නේ යුදෙවුවන් ඝාතනය කළේ? ලංකාවෙත් ඒ ගැටුම් අවස්ථාවල රාජ්‍ය බලය ඒ කියන්නේ පොලිසිය, හමුදාව වගේ බලය පෙන්වන සංකේත ගැන එයාගේ ලොකු බියක් තිබුණා,” ආචාර්ය අමුණුගම විස්තර කළේය.
‘මම මවිත වූයෙමි
නට්සි මිනීමරුවන් ගැන සහ
ඔවුන්ගේ ඝාතන දෙස
ඔහේ බලා සිටියවුන් ගැන …
බැබර නේක නෙත්
පිළිබඳ මතකයන්
අකුණක් විලස
ඔවුන්ගේ දින සහ අවුරුදු
විනිවිදින්නේද …’ (පරිවර්තනය බූන්දි වෙබ් අඩවියෙන්)
කලක් ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනයේ කොළඹ නියෝජිතවරිය වශයෙන්ද සේවය කළ ඈන් ගේ බොහෝ නිර්මාණවලට වස්තු බීජය වූයේ සුළු ජනකොටස්වලට එරෙහිව සිදුවන හිරිහැර සහ නොසලකා හැරීම්.
ඈන් රණසිංහ සිය නිර්මාණ වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී මෙන්ම අන්තර්ජාතිකවද සම්මාන රැසකින් පිදුම් ලැබුවාය.
July 1983
I used to wonder about the Nazi killers,
and those who stood and watched the killing:
does the memory
of so many pleading eyes
stab like lightning through their days and years
and do the voices
of orphaned children
weeping forlornly before dying
haunt their nights?
are their nights sleepless –
has the agony and anguish and
the blood and terror and pain
carved a trail in their brain
screaming: I am guilty. Never again…
Forty years later
once more there is burning
the night sky bloodied, violent and abused
and I – though related
only by marriage –
feel myself both victim and accused,
(black-gutted timber
splinters, shards and ashes
blowing in the wind: nothing remains) –
flinch at the thinnest curl of smoke
shrink from the merest thought of fire
while some warm their hands at the flames.
H. Anne Ranasinghe | 1983