කමල් අද්දරආරච්චි මහමැතිවරණයට මාලිමාවෙන් ඉදිරිපත් වීමට සූදානම්

කමල් අද්දරආරච්චි මහමැතිවරණයට මාලිමාවෙන් ඉදිරිපත් වීමට සූදානම්

ජනතාවගේ යහපත හා යුගයේ අවශ්‍යතා සලකා, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට කමල් අද්දරආරච්චි මහතා සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත.

තමන්ට එම මහා භාරය භාරගැනීමට අවශ්‍ය සුදුසුකම් හා හැකියාවන් ඇති බවත්, රටපුරා විශාල පිරිසක්ගේ සහය පවතින බවත් කමල් අද්දරආරච්චි මහතා අවධාරණය කරයි.

කමල් අද්දරආරච්චි මහතා පසුගියදී පැවති මාලිමා කලා ශිල්පී හමුවට සහභාගිවෙමින්, ඡන්දයට ඉදිරිපත් වන්නැයි ඉල්ලීමක් ලැබුවහොත්, ඕනෑම පළාතකින් තරඟ කිරීමට කැමැත්ත ප්‍රකාශ කළේය. ඒ සමගම, ජනතා යහපත සඳහා ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලබාදීම අත්‍යාවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත්, කමල් අද්දරආරච්චි මහතාට තරග කිරීමට අවස්ථාවක් ලබාදීමට පක්ෂය තවම නිල වශයෙන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

Related Articles