ශ්‍රි ලංකාවේ සුවිශේෂී කඩොලාන වර්ග 70ක් පමණ වැඩෙන අතර ලෝකයේ දක්නට ලැබෙන කඩොලාන විශේෂ වලින් තුනෙන් එකක් පමණ මෙරටින් හඳුනාගත හැකිය. ජාතික කඩොලාන විශේෂඥ කමිටුවේ සභාපති, වයඹ විශ්වවිද්‍යාලයේ ධීවර හා ජලජ ජීවී අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි පෙන්වා දෙන්නේ මෙරට කඩොලාන ගහණය හෙක්ටයාර් 19000ක් දක්වා අඩු වී ඇත . 1980 සිට මේ දක්වා කඩොලාන හෙක්ටයාර් 10,000ක් පමණ අහිමි වී මේ වේ ගොසින්ය.
කඩොලාන බෝ වන්නේ ඒ ශාකයේම බීජය එම ශාකයම පැළයක් වන තෙක් පෝෂණය කිරීමෙන් පසුව කලපුවට වැටීමෙනි. එහෙයින් කඩොලාන විනාශ වීමත් සමඟ බෝවීම සීමාවේ. අන්තර් උදම් කලාප ලෙස සැලකෙන ජලය සහ ගොඩබිම එක්වන මායිම් වල සැදෙන කඩොලාන පරිසර පද්ධතිය ඉතා සුවිශේෂි ජෛව විවිධත්වයකින් හෙබි විශේෂ ශාක ප්‍රජාවකි. කලපු, මෝය සහ කුඩා දුපත් ආදී පරිසර පද්ධති මුල් කොට ගෙන හට ගන්නා මෙම කඩොලාන පරිසර පද්ධතිය කරදිය මෙන්ම මිරිදිය දෙවර්ගයටම නිරාවරණය වේ
මුහුද සහ ගොඩබිම අතර පරිසරය නොනැසි පැවතිමට දායකත්වය සපයන මෙම කඩොලාන වෙරළබඩ ශාක සහ සත්ව ප්රජාවන්ගේ යහ පැවැත්ම, ආහාර සුරක්ශිතතාව සහ ආරක්ශාව සඳහා මහත් සේවයක් සපයනු ලබයි.
මෙම කඩොලාන සතු සුවිශේෂි ලක්ෂණයක් වන්නේ සමාන්‍ය ශාක වලට සාර්ථකව වැඩිමට අපහසු පරිසර පද්ධතීන් වන ලවණ මිශ්‍ර, අධික සුළං සහ අධික හිරු එළිය සහිත පරිසර පද්ධතීන් වල ද කඩොලාන ශාක වලට සාර්ථකව වැඩිමට හැකි විමයි. මෙම කඩොලාන පරිසර පද්ධති ජෛව විවිධත්වයෙන් අනුන වන අතර කාබන් තිර කිරීමට සහ රඳවා තබා ගැනිමට ඇති සුවිශේෂි හැකියාව නිසා දේශගුණික විපර්යාස අවම කිරීමට ද මහත් දායකත්වයක් සපයයි
කඩොලාන වෙත එල්ල වන තර්ජන:
ඉස්සන් කර්මාන්තය, ලුණු කර්මාන්තය, සංචාරක කර්මාන්තය හා වෙනත් සංවර්ධන ක්‍රියා සඳහා විශාල වශයෙන් කඩොලාන කපා එම බිම් යොදා ගැනීම මෙන්ම ඝන අපද්‍රව්‍ය හා අනෙකුත් විෂ සහිත අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් ලෙස යොදා ගැනීම ද කඩොලාන වෙත එල්ල වන දැඩි තර්ජනයකි.