ඕමාන යාත්‍රාවේ ලාංකිකයින් අතුරුදහන්

ඕමාන යාත්‍රාවේ ලාංකිකයින් අතුරුදහන්

 

ඕමාන මුහුදේදී අනතුරට පත් යාත්‍රාවේ ගමන් කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු ගෙන් යුත් කාර්ය මණ්ඩලය අතුරුදන්ව ඇති බව ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය පවසයි.

 

කොමරෝස් ධජය යටතේ ගමන් කළ මෙම ඕමාන නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි සෙසු 13 දෙනා ඉන්දීය ජාතිකයින් වේ.

මෙම නෞකාව ඕමානයේ, රාස් මද්‍රකාහි සිට නාවුක සැතපුම් 25ක් දුරින් වූ මුහුදු කලාපයේ දී පෙරළී ගොස් ඇති අතර මේ තා කිසිදු තොරතුරක් ලබාගත නොහැකි වී ඇත.

මෙම නෞකාව එරට ඩියුකම් වරායේ සිට යේමනයේ ඒඩ්න් වරයා බලා යාත්‍රා කරමින් තිබී ඇත.

අතුරුදන්වූ ශ්‍රී ලාංකිකයින්ගේ තොරතුරු ශ්‍රී ලංකාවේ විදේශය අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර ඕමානයේ සමුද්‍රිය ආරක්ෂක ඒජන්සි සමඟ තමන් තොරතුරු හුවමාරු කරගනිමින් සිටින බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

 

 

Related Articles