උද්ධමනය පහළට

උද්ධමනය පහළට

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය පහළ ගොස් ඇති බව, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 අගෝස්තු මාසයට අදාළ ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය අද (සැප්. 24) ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, 2024 ජූලි මාසයේ 2.5% ලෙස වාර්තා වූ උද්ධමනය 2024 අගෝස්තු මාසය සඳහා 1.1% දක්වා අඩු වී තිබේ.

2024 ජූලි මාසයේදී 2.9% ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේදී 2.3% කට අඩු වී තිබේ.

එසේම, 2024 ජූලි මාසයේදී 2.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේදී 0.2% කට පහත වැටී ඇත.”

Related Articles