අමෙරිකානු තානාපතිනිය ජනාධිපති සමඟ සාකච්ඡා සඳහා හමුවේ.

අමෙරිකානු තානාපතිනිය ජනාධිපති සමඟ සාකච්ඡා සඳහා හමුවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

එම හමුවේදී, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගෙන යාම පිළිබඳව සාකච්ඡා වූ බව වාර්තා වේ.

තවද, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ආර්ථික, සමාජයීය සහයෝගීතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි

Related Articles