PickMe කොටස් වෙළඳපොළට පිවිසෙයි, ආයෝජන අවස්ථා වර්ධනය කරයි

PickMe කොටස් වෙළඳපොළට පිවිසෙයි, ආයෝජන අවස්ථා වර්ධනය කරයි

කොළඹ කොටස් වෙළඳපොළේ නවතම ලැයිස්තුගත සමාගම වන Digital Mobility Solutions Lanka Limited හි ද්විතියීක කොටස් වෙළඳපොළ ගනුදෙනු අද (03) උදෑසන ආරම්භ කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ඩිජිටල් ප්‍රවාහන විසඳුම් සේවාව වන PickMe, ක්‍රියාත්මක කරනු ලබන්නේ Digital Mobility Solutions Lanka Limited සමාගම විසිනි.

පසුගිය සැප්තැම්බර් 13 දින, PickMe හි මූලික මහජන කොටස් නිකුතුව විවෘත කෙරුණි. එහිදී සාමාන්‍ය කොටස් 43,474,179 ක්, එකක් රු. 36/- බැගින් ඉදිරිපත් කරන ලදී. මෙම කොටස් නිකුතුව අභිලාෂිතය හා අධිදායකත්වයක් ලැබී ඇති බැවින්, එම නිකුතුව එදිනම වසා දැමීමට පත් වූ බව වාර්තා වේ.

අද පෙරවරුවේ, PickMe හි ද්විතීක කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භය පිළිබඳ සංකේත කිරිම සඳහා, කොටස් වෙළෙඳපොළ සම්ප්‍රදායික ගනුදෙනු ඇරඹීමේ සීනුව නාද කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවේ කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති, ප්‍රධාන විධායක නිලධාරීන් සහ Digital Mobility Solutions Lanka Limited හි සභාපති ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සහ ප්‍රධාන නියෝජිතයින් පිරිසක් එක්වී සිටියේය.

 

Related Articles