සුසිල්: පහන් ටැඹක ප්‍රභාව

සුසිල්: පහන් ටැඹක ප්‍රභාව

ජනතා සහභාගිත්වය සහිත ආණ්ඩුකරණයක් වෙනුවෙන් නිබඳව පෙනී සිටි විප්ලවීය ජීව ගුණයෙන් පිරිපුන් මානව හිතවාදියෙක් වූ සුසිල් සිරිවර්ධන අප වෙතින් නික්ම ගොසින් තුන් වසරක් ගෙවී ගොසිනි.

ඈත ගම් දනව් කරා ගිය ගුරුවරයෙක් , කැරලිකරුවෙක් , ජේෂ්ඨ සිවිල් සේවකයෙක් , හිටපු ජනසවිය කොමසාරිස් සහ ශාස්ත්‍රීය පර්යේෂකයෙක් ලෙසින් සුසිල් සිරිවර්ධනයන් ගෙවූ දුර ගමන පිළිබඳව මේ තබන්නේ ඒ ගමනේ ගමන් සගයකු වූ කමල් බණ්ඩාර නායකයි.

 

විප්ලවාදී චරිතයක්

ලාංකීය ඉතිහාසයේ යටත්විජීත යුගයේ සමිභාව්‍ය පසුබිමකින් යුතු ඉංග්‍රීසි උගත් ප්‍රභූ සමාජතත්වයකට උරුමකම් කී මෙරට කෙමිප්‍රදෝරු පංතියේ විප්ලවාදී චරිතයක් වු දැරණියගල සුසිල් පිරිස් සිරිවර්ධන ජ්‍යාතන්තර ප්‍රගතිශිලි චරිත ගනයට එක්කල හැකි සැබෑ විප්ලවවාදී චරිතයකි. ඔහු අප හදුනන්නේ රණසිංහ ප්‍රේමදාස යූගයේ සිටි සැබෑ ජනතාවාදි නිළදරුවකු ලෙසිනි. වරක් ජාතික නිවාස සංවර්ධනය ආධිකාරියේ සභාපති ලෙසත්,වරක ජනසවිය කොමසාරිස්වරයා ලෙසත් රටම හදුනන ඔහූ කා අතරත් ප්‍රසිද්ධියට පත්වුයේ සුසිල් සිරිවර්ධන යන සිංහල ආරට හූරු දේශිය නමකින්.

 

විසල් දැනුමකින් හා බුද්ධියකින් පුථල් සමාජ පරාසයක් අතික්‍රමණය කල නිහතමානිත්වය හා අල්පේජ්ජතාවය අගය කල සුසිල් සිරිවර්ධනන් දේශිය නමකින් ආරිය සිංහල ඇදුමට ප්‍රියකල ඔක්ස්පඩි විශ්ව විද්යාලයේන් මෙරටට බිහිවු විශිෂ්ඨ බුද්ධිමතෙකි.

1938 දෙසැම්බර් 09 වැනි දින මතුගමදී මෙලොව එලිය දුටු දැරණියගල සුසිල් පීරිස් සිරිවර්ධන එවකට රබර් පර්යේෂණ ආයතනයේ නිලධාරියකගේ පවුලේ දෙවන පුත්‍රයා විය. සිය වැඩිමහල් සොයුරිය මල්ලීකා පීරිස් හා බාල සොයුරු ප්‍රියංග හා සහෝදරත්වයෙන් බැදි පවුලකි. මෙරට විද්වතුන් අතර ප්‍රකට ශ්‍රිරාන් දැරණියගල හා සේනක බණ්ඩාරනායක පියාගේ හා මවගේ දෙපාර්ශවයේන් මස්සිනාලා විය.එ බණ්ඩාරනායක හා රත්වත්තේ පරපුරේ ඤතිත්වයයි. මෙරට ප්‍රකට පරම්පරාවක් වු සොලමන් ඩයස් බණ්ඩාරනායක පරපුරට නැ කමි කී සුසිල්  පවුල්වාදී හැගිමේන් පුහුමාන්නයේන් වියුක්ත පෞරුෂයක් විය.

1949-57 කාලයතුල ගල්කිස්ස ශාන්ත තොමස් විදද්‍යලයටත්, . 1958-61 දක්වා ඔක්ස්පෆ්ර්ඩ් විශ්ව විද්යාලයේ කීබල් කොලේජ් හි ඉංග්‍රීසි සාහිත්‍ය හැදැරු සුසිල්, මෙරටට පැමිණ ගුරු වෘර්තියට බැදි සිය කැමැත්තෙන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යලයේන් සේවය ඇරඹිය. අනුරාධපුර උදුලාගම නඩුකාර බංගලාවේ සිට දෛනිකව පාසැලට පැමිණ පාසැල තුල දරුවන්ගේ අධ්‍යපනය හමුවේ විප්ලවය චරිතයක් විය. විනය හා පරිසර හිතකාමී බව තුලින් සාධනීය වෙනසක් ඇති කිරීම ඔහුගේ අරමුණ විය . ආචාර්ය C. W. W. කන්නංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යපනය ප්‍රතිපත්ති හා භාවිතය ගැන ඉතා ප්‍රශස්ථ ප්‍රයෝගික දායකත්වයක් ලබාගැනීමට මට සුසිල් සිරිවර්ධනන්ට හැකිවිය.

ජාතික අධ්‍යාපන ආයතනය පවත්වන වාර්ෂික කන්නන්ගර අනුස්මරණය දේශනය පවත්වමින් මේ දැනුම විදහා දැක්වීය .
අධ්‍යපනයත් විනයත් පරිසර හිතකාමීත්වයත් එක්තැන් කළ හෙතෙම පාසැලේ විප්ලවකරු විය. ස්කෘටරයේන් පාසැලට පැමිනෙන ඔහු දරුවන් පාසැලට ගෙන්වා ගන්නේ කෙසේදැයි විමසා බැලීය .

පාසැල රසවත් ස්ථානයක් කිරීම සදහා පාසැල් නාට්‍යය නිශ්පාදන කල සුසිල් වෙල්ලවැහුම් නාට්‍ය දරුවන් සමග ‌පාසැල් වේදිකාවේ ප්‍රතිනිර්මාණ කලේය. 1965 ගැටඹේ මහා විද්‍යලයට ස්ථාන මාරුවක් ලද ඔහූ එහිදි පරිපාලන සේවය සදහා වු විභාගයට ඉදිරිපත්ව දිවයිනේ පලමු ස්ථානය ලැබීය. එමෙන්ම දැඩි ඉංග්‍රීසි චර්යා ආදිපත්‍යයට යටත්ව පැවති පරිපාලන සේවා සම්මුඛ පරීක්ෂණයට ඉදීරි‌ත්පත්වු ඔහු, ආරිය සිංහල ඇදුමින් සෙරෙප්පු දෙකක් දමාගෙන උපාධි සහතික ටිකත් ගෙන සම්මුඛ පරීක්ෂක මංඩලයට ඉදිරිය ගිය විට සෝපහාසයෙන් බලා ඔබ විද්‍යාලංකාරයෙන් ද , විදේයෝදන්ද විමසා ඉංග්‍රීසි කථා හැකිදැයි විමසුහ . ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලයේ සහතික පත් බලා ඔව්හු විමතියට පත් වුහ.

තරුණ  වැඩසටහනක්

1966-70 සිට දිසා ඉඩම් නිළධාරි සහ ඉඩම් අමාත්‍යංශයේ සහකාර ලේකම් ලෙස කටයුතු කල අතර වාරිමාර්ග හා බලශක්ති අමාත්‍යංශයේ කටයුතු කරමින් ඩඩ්ලි සේනානායක රජයේ Youth Settlement Schemes Project හි භරකරු ලෙස තරුණ ගම්මාන 40 ක් යටතේ 2400 තරුණ පිරිසක් සදහා වු වැඩසටහනක් ක්‍රියාත්මක කලේය. එවකට තරුණයන් අතර පැවති ඉඩම් හා නිවාස පීඩනය සුසිල් සිරිවර්ධනන් හඳුනාගෙන සිටි අතර ගැටළුව විසඳීමට ශක්ති පමණින් දායක විය . මෙය 1971 ඈතිවු තරුණ කැරැල්ල හා එහි පදනම කලින් අවබෝධකරගත් අවස්ථාවක් විය.

 

1967 දී එක්සත් ජාතීන්ගේ ආසියාතික ආයතනය මගින් පැවැත්වූ Urban Planning Course පාඨමාලාව හැදැරිමේන් ‌පසු සුසිල් සිරිවර්ධනන්ගේ විශිෂ්ඨ ගමනක ආරම්භක පදනම වැටුණි. එමෙන්ම 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරු‌ල්ලේදී වීජේවිරට සහය දුන් බව කියන ඉංග්‍රීසි උගත් ඉහල මධ්‍යම පාන්තිකයන් වු පුද්ගලයන් තිදෙනාගෙන් ඔක්ස්පඩි උගතා වූයේ සුසිල් සිරිවර්ධනන් ය. වසර දෙකකට පසු කෘෂීකර්ම පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලෙසත්, 1979 ග්‍රාමීය නිවාස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස ජාතික නිවාස සංවර්ධනය අධිකාරියට සම්බන්ධ විය. 1981 M. G. D.ජයරත්න සමග එක්ව ඉදිරිපත් කල Lowering Unit cost As A Strategy In the Supply of Low Income Rural Shelter. පර්යේෂණ වාර්තාව විශිෂ්ඨ පරාසයක් විවරකල ලියවිල්ලක් විය.

1984-89 කාලපරිච්ඡේදය තුල තූල ජාතික නිවාස සංවර්ධනය අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයි ලෙස නිවාස දශ ලක්ෂයේ වැඩපිළිවලත්, පසුව මිලියන ‌පහේ නිවාස වැඩපිළිවෙල මෙහෙයවිය.

ජාතික නිවාස සංවර්ධනය අධිකාරියේ සභාපතිවරයා

1989-92 ජනපති රණසිංහ ප්‍රේමදාස රජයේ ජාතික නිවාස සංවර්ධනය අධිකාරියේ සභාපතිවරයා ලෙස සිය සුවිශේෂී කාර්යභාරය ඇරඹිය. 1972 ඇරඹි 1978 දී වඩා පුථල් අර්ථයකට ගෙන් වු G. V. S. ද සිල්වා, ආචාර්ය පොන්නා විග්නරාජා ඇතුථ දකුණු ආසියාතික සමාජ විද්‍යාඥය පීරිස් මතුකල ප්‍රජාමුලික – ප්‍රජා සහභාගිත්ව සංවර්ධනය ප්‍රවේශය සිය වෘර්තිය හැදැරිම තුලත් පෞද්ගලිකවත් සමාජයත් ඉහලින් ඔසවා තෑබීමට භාවිතා වු න්‍යාය ධර්මය විය. එය ඉදිරියට සංවර්ධනය කරමින් නුතන ‌ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස සලකනු ලබන මහාචාර්ය හැරල්ඞ් .ලැස්කි වීද්වතාට ආනූකුලව ගමන් කරමින්.

” දුප්පත් ජනතාව වෙනම සංවිධානය වි, ජනතාව තිරණය කරති ,යි ජනතාව ක්‍රියාත්මක කරති , අන් අය සහය දෙති යි ” යන න්‍යායාත්මක පසූබිම මොනවට බිම් මටිටම දක්වා ප්‍රයෝගික කරනය විය . එමෙන්ම යම් ක්‍රියාවලියකට තින්දු ගැනීමටත් , ක්‍රියාත්මක කිරීමටත් , ඊට සහය සේවා පද්ධතියක ආරක්ෂාව සහ සහයෝගය අත්‍යවශ බව මැනවින් තහවුරු විය . එම ගමන් මගේ අවසන් ඉම වුයේ 1992-93 ජනසවිය කොමසාරිස් ලෙස ඇරඹි මෙරට නැති බැරි දුප්පතුන් නගා සිටුවීම සදහා කැපවිමයි.

ලාංකීය ජන සමාජය තුළ අසාධාරණයට හා පීඩනයට පත් ජනතාව නගා සිටුවීම ඔහු ඉලක්ක තුනක් වෙත අවධානය යොමුකලේය

පළමුව, ” තනි තනිව නොව කංඩායමි වශයෙන් ශක්තිමත්ව නැගී සිටිය යුතුය . ඊට මුලින් රාජ්‍යය අංශය අතදිය යූතු අතර පියවරයන් පියවර රාජ්‍ය සහ පෞද්ගලික අංශය පසුව අත දිය යුතුය . එ සුසිල්ගේ ජනසවියයී. ” මම සැලසුම් කල විදියට ඉස්සරහට ගියා නම් අද මේ නැති බැරි මිනිස්සු තවදුරටත් ආණ්ඩුවෙන් සහනාධාර, අරව මේවා ඉල්ලන්නේ නැ” ඔවුන් නැගිහිටල ඉවරයි.
“ඔය දැන් කරන්නේ සල්ලි බෙදන දේශපාලන ගේම් එකක්.ඒ නැති බැරි අය මනසින් හිඟන මානසිකත්වයට තල්ලු කරන එකක්.” යන්න ඔහුගේ මතය විය .

“මෙරට දියුණු කරන්න නම්, මේ දුප්පත් නැති බැරි ජනතාව සංවර්ධනයේ කොටස්කරුවන් කර ගන්න ඔනී.අද රටේ ජනතාවගෙන් සියට විස්සක් රටේ ඔක්කොම සම්පත්, මුදල්, ව්‍යපාර, ඉඩම්, පාර්ලිමේන්තු හැම දෙයක්ම බාරදිලා. ඔවුන් කවරදාටත් දුප්පතුන් නගා සිටුවන්නේ නැහැ.”  . මෙය සුසිල් සිරිවර්ධනන් තුල තිබු බිම් මට්ටමේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන හැගිමයී

” ජනසවිය “

ඔහුට අවශ්‍ය වුයේ ” ජනසවිය ” නිර්දේශපාලනිකව ප්‍රජාව පදනමි කර ගෙන ක්‍රියාත්මක වැඩසටහනක් බවට පත් කිරිමටයි. එය බරපතල අභියෝගයක් විය. ජනසවිය ආධාරලාභීන් තේරිම ගමේ ජනතාව විසින් ඉතා විවෘතව කෙරෙන ආකාරයක් යෝජනා කෙරින.ආධාරලාභීන්ගේ නාම ලේඛනය ගමේ සමුපකාරයේ දොරටූවේත්, ගමේ කඩේ ඉදිරිපසත්, ග්‍රාම නිලධාරි කාර්යාලයේත් ප්‍රදර්ශනය කිරිමටත්, එ සම්බන්ධ වෙනස් කමි ගමේ සාකච්ඡා සභාවක ඉදිරිපත්කර අවසන් ලේබනය සියල්ලන්ගේ අනුමැතිය ලබා ගැනිම වැඩ පිළිවෙත විය. එ අනූව ජනසවිය දුප්පත් කම තුරන් කිරිමට දුප්පතුන්ට සහන ලබා දෙන්නකට වඩා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන සහභාගිත්ව වැඩපිළිවෙලක් විය .

 

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරිමට නිදහස ලැබු දින සිට ගනු ලැබු සැළසුම් කිසිවක් ගමේ කේන්ද්‍රගත ශක්තින් යොදා නොගත් බවත් හැමදාම කොළඹ සිට කෙරුණු සැලසුම් වලට ගැමියා පිටස්තරයෙක් වු බව ඔහුගේ අදහස විය. ගමේ බල
ධුරාවලිය බහුතර ග්‍රාමීය ප්‍රජාව ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් දුරස්කර තබන බවත්, ජනපති ප්‍රේමදාස ගමේ පහල මට්ටම ආමන්ත්‍රණය කිරිමට උත්සහ කරන්නේ ඒ නිසා බවත් සුසිල් සිරිවර්ධන දැන සිටියේය.

යාන්ත්‍රික මාක්ස්වාදීන්

ග්‍රාමීය සමාජයේ ඒ පරස්පරය කොළඹටද පැමිණ ඇතැයි විශ්වාශ කල ඔහු නිදහසින් පසු කොළඹ දේශපාලන බලය කේන්ද්‍රගත වුයේ කුල සාධකය ද සමගින් යැයි ඔහු පෙන්වා දුන්නේය

කුල සාධකය ආර්ථිකය සමඟ වෙලී ඇති බව ඔහු දුටුවේය . “ආර්ථිකය තින්දු වන්නේ සමාජ-සංස්කෘතියේහි ප්‍රභූ බලය සමගයි. යාන්ත්‍රික මාක්ස්වාදීන් මේ පරස්පරය වගේම මේ අන්නෝන්‍යය යැපීම තේරුම් ගත්තේ නැති නිසා තමයි එගොල්ලෝන්ට ගමේ පය ගහන්න බැරි උනේ”.

යැයි ඔහු කියා සිටියේය

Let us turn poor families into rich families with 2500/= | Janasaviya ...

සිරිවර්ධනන්ගේ දෙවැනි අදහස වුයේ නැති බැරි ජනතාවගේ දු දරුවන් අධ්‍යාපනයෙන් සහ ඉගෙනිමේන් හා දැනුමින් සන්නද්ධ කල යුතු බවයි. C.W.W. කන්නංගර මැතිතුමාට හා එතුමාගේ නිදහස් අධ්‍යපනය විප්ලවයට ඔහු තුල වුයේ අපිරිමිත භක්තියකි. දිලිඳු ග්‍රාමීය ජනතාවගේ ඉදිරි පරම්පරා ඔසවා තැබිමේ මුලික අවියක් ලෙස අධ්‍යයනයට මුලික තැනක් දෙනු ලැබිය.

දැමු ඇදුම් ඇදගෙන ‌පාසැල් එන දරුවන් වෙනුවෙන් ඈධුමි, සපත්තු, මෙන්ම දිවා ආහාර වේලක් ලබාදිම දක්වා වූ ගමන් මගක් ඇරඹියේ මෙම මුඛ්‍ය මතවාදීමය ප්‍රවේශය තුලිනි. එය සමාජය ඉදීරියේ යථාර්ථයක් කොට නිදහස් අධ්‍යපනයට සැපයු ජවයක් එක් කරන ලදී. එය ග්‍රාමීය ප්‍රභූ විරෝධයට ද ගැරහිමටද ලක්විය.සිය වතුවල ගස් යවන්න කොල්ලයක් කූරුටිටේක් නැති කරන ප්‍රේමදාසගේ වැඩ යන්න ලෙසය.

තෙවැන්න වුයේ, ශ්‍රි ලංකාව තව දුරටත් අවස්ථාවේදි ජාතිවාදී දේශපාලකයන්ගේ ක්‍රීඩාපිටියක් බවට පත් වේද යන කාරණය පිළිබඳව ඔහු දැක්වූ අවධානය දැඩි විය . සුසිල් සිරිවර්ධනයන් 71 කැරුල්ලේ මහා නඩුවේ 24 වැනි සැකකරු වි පුනරුත්තාපනයෙන් අනතුරුව නිදහස් විය .බොහෝ දෙනෙකුගේ වැරදි මතයක් වුයේ සුසිල් උග්‍ර ජවිපෙ සාමාජිකයකු බවත් ,දැඩි මතවාදී අදස් දරන 71 කැරූල්ලේ ක්‍රියාකාරිකයකු ව්‍ය බවයි . නමුත් ඔහු කෑරුල්ලට හසු වුයේ ඔහුගෙන් ඉගෙන ගත් ශිෂ්‍යයෙක්වු වූ පියසිරි සමඟ සමග පැවැත්වු දේශපාලන සබදතාවය නිසාය.

 

“මට හිතාගන්න බැරි තරම් දියුණු ආත්මශක්තියක් රටට ජාතියට ආදරයක් තියෙන ගම්වල තරුණයෝ හිරගෙවල් වල දි පුනරුත්තාපනය කදවුරු වලදී හමුවුනා.අපේ ගම්වල නැති බැරි ජනතාවට, තරුණයන්ට දරුණු විදියට දේශපාලකයින් , ආණ්ඩු විසින් රැවැටීම් හා මුලාකිරීම් සහ නොසලකා හැරිම් නිසයී ඔවුන් මේ කැර‌ලිවලට සහභාගිවි ඇත්තේ. ඔවුන්ට පෙනෙන තෙක් මානයක අනාගතයක් නැ. එදා මම දැන ගත්තා මේ නැති බෑරි නගරබද ගම්බද පංතිය තවදුරටත් අමතක කළොත් ලොකු පිපිරිමක් අනාගතයේ වන බව. දකුණේ 82 දී උතුරේ වුනෙත් එකයි ” යැයි ඔහු වරෙක පැවසීය.

 

මේ අදහස ඔහු මැනවින් වටහා ගත්තා පම ණක් නොව එය දේශපාලන අධිකාරියට එය මැනවින් කාන්දු කළේය.

ප්‍රේමදාස යුගයේ ඇතිවු තරුණ කැරල්ල හමුවේ තරුණ කොමිසම පත්කොට හෙළිදරව් කරගත් ගැටළු විසඳීමට සැබෑ ලෙසම දයක් විය ඒ යුගයේ මැතිවරණ වලදි තරුණ නියෝජනය අනිවාර්ය විය කලේය.පාර්ලිමේන්තු මංත්‍රි ආසන ගනනය කිරිමේදි සියයට දොළහක් වු ප්‍රතිශතය සියයට පහ දක්වා අඩු විය .ඒ තුලින් ට දකුණේ ජවිපෙට මෙන්ම උතුරේ තරුණ කණ්ඩායම් වලට පාර්ලිමේන්තූවේ දෙරටු විවර විය. සුදුසුකම් මත තරඟ විභාග පවත්වා රුකියා ලබා දෙනලදි .
මේ ප්‍රගතිශිලි ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා සුසිල් සිරිවර්ධන නිබඳව දායක විය .

නිදහසින් පසු නැති බැරි රටේ බහුතරය නගාසිටුවීම වෙනුවෙන් අද දක්වා සිදුවන්නේ ඔවුන්ව විවිධාකාර පොරොන්දු වලින් මුලා කරමින් සොච්චමක් දි බලය ලබාගැනිමයි . නැගිසිටිමට ඉඩ නොදි සදාකල්හිම නැති බැරි පංතියක් ලෙස ඔවුන් පාගාගෙන සිටිම පාලකයින්ගේ ක්‍රමවේය විය. මේ දේශපාලන කුමන්ත්‍රණය පරාජය කොට ඔවුන්ව නගා සිටුවිමට අවංකව කැපවු එකම නායකයා වන්නේ රණසිංහ ප්‍රේමදාස ජනපති පමණි. සුසිල් සිරිවර්ධන ප්‍රේමදාසගේ දකූණු අත හා සමානව ගහට පෙත්තක් වුවේ ප්‍රේමදාසගේ පෙර පිනකටය

කොසොල් රජු දුටු එක් සිහිනයක ගැලේ ඉදිරියෙන් ලපටි ගොනුන් දෙදෙනෙකු බැද වැඩුණු ගොනුන් දෙදෙනෙකු පිටුපස බැදිමේන් ගැල විනාශ වි යයි . බුදුන් වහන්සේගේ සිහිනය විස්තර කලේ අනාගතයේ කිසිදු ගුණයකින් දහමක් පමණක් නොව ශිල්ප සතරක් නොදන්න නුසුදුසු පුද්ගලයන් රාජ්‍ය රාජ මහාමාත්‍ය හා උසස් තනතුරු වලට ලක්කරන්නට පාලකයන් කටයුතු කරන ආකාරයයි .එ නිසා රටවැසියන්ද රටේ නිතිය ද, සමය ද, රාජ්‍යය ද, විනාශ වන බව මෙම සිහිනයෙන් නිරූපනය විය.

අද රටට උදාවී ඇත්තේ ද ඒ ආනිසංසයමය පසුගිය වසර 30 තුළ රට ගමන් ගත් ආකාරය තුල රටේ ශේෂ පත්‍රය බංකොලොත් ඉලක්කමකි. යලි මුල සිට ආරම්භ කලයුතු මොහොතක් උදාවී ඈති අවස්ථාවකි මෙය. එහිදී සුසිල් සිරිවර්ධන අපට අමතක කල නොහැකි සදානුස්මරණීය චරිතයකි. ලාංකීය දිළිදු ජනයාගේ අ‌පේක්ෂාවන් ජයග්‍රහණය කරවිමට කැප වු මානවහිතවාදියේකී. සුසිල් සිරිවර්ධනයානෙනි  ඔබට සසර කෙටි වේවා!

 

කමල් බණ්ඩාරනායක දේශපාලන හා සංවර්ධනය පිලිබද විශ්ලේෂකයෙකි. වෘත්තීයමය වශයෙන් ව්‍යපෘති කළමණාකරුවෙ කි. ප්‍රජා ක්‍රියාකාරි සැලසුම්කරණය පිලිබද සමි‌පත්දායකයෙකි.ප්‍රජා ක්‍රියාකාරි සැලසුම්කරණය පිලිබද සමි‌පත්දායකයෙකි.සම්පත්දායක සංගමයේ ආරම්භක සාමාජීකයෙකි.

 

 

Related Articles