ස්වීඩනයේ දුරකථන ජාවාරම

ස්වීඩනයේ දුරකථන ජාවාරම

ස්වීඩනය සාමකාමී රටකි. ස්වීඩන වැසියන්ද සාමාන්‍යයෙන් අවංක ත්‍යාගශීලී පිරිසකි. විශේෂයෙන්ම අද විශ්‍රාම සුවයෙන් සැඳෑ සමය ගතකරන්නෝ එදා ඉතා දුක් මහන්සියෙන් ජීවිතය පුරා රැකියාව කර යම්කිසි මුදලක් ඉතිරි කරගෙන සිටින්නෝය.

ඔවුහු තම දරුවන්ගෙන් හෝ යැපෙන්න සූදානම් නැත. වැඩිහිටි දෙමාපියන් රැක බලා ගැනීමේ සංස්කෘතියක් මෙහි නැත.

එහෙත් අද ස්වීඩනය පත්ව ඇත්තේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයකටය. මැරකල්ලි ත්‍රස්ත කල්ලි සහ වංචනිකයන් නිසා ස්වීඩනයේ පැවති සාමකාමී වාතාවරණය දෙදරා යමින් පවතී. වංචනිකයින්ගේ උකුසු ඇසින් බේරී සිටීමට ස්වීඩනයේ විශ්‍රාමිකයින් අසරණ වෑයමක නිරතව සිටිති. දුරකතන ඇමතුමකට පිළිතුරු දීමට පවා ඔවුහු බිය වී ඇත.

“මතක් කිරීමේ” පණිවිඩයක්

ස්වීඩනයෙහි විශ්‍රාමිකයින් හඹායන ගොදුරු කර ගන්නා මෙම වංචනික කල්ලි හඳුන්වන්නේ දුරකතන වංචාකරුවන් ලෙසින්ය. විශ්‍රාමිකයින්ගේ දුරකථන අංක ඔවුහු ලබාගෙන අනතුරුව මේ සෑම දුරකථන අංකයකටම පාහේ කෙටි පණිවිඩයක් යොමු කරන්නේ, ප්‍රධාන පෙළේ අලෙවි ආයතනයක් දන්වන “මතක් කිරීමේ” පණිවිඩයක් ලෙසය. “ඔබ ඇණවුම් කළ මෙම වහන්සේ අප ළඟ සූදානම් කර ඇත” යනුවෙන් දැනුම් දෙති. මෙය දකින විශ්‍රාමික පුද්ගලයා තමාට ලැබුණ දුරකථන අංකයට කතාකරයි. න් ඔහු මෙම වංචාකාරයින්ගේ ගොදුරට අසු වන්නේ එතැන් සිටය.

තැන්පතු හිස්

ඉතා සූක්‍ෂම මෙම වංචාකාර ජාලයේ ගොදුරට අසුවන ඔහු හෝ ඇය දෙවනුවට ග්‍රහණය වන්නේ බැංකු නිලධාරියෙකුගේ භූමිකාව රඟදක්වන්නෙකුටය. විනාඩි දහයක් විස්සක් ඇතුළත ඇතැම් විට එයටත් වඩා කෙටි කලකින් මේ වැඩිහිටියන් සතු සියලුම තැන්පතු හිස් කරන්නට වංචාකාරයින්ට පහසුය. මෙසේ වංචාකර ඇති මුදල් සම්භාරය මිලියන ගණනකි. දීර්ඝ කාලයක් පුරා පවත්වා ගෙන ගිය මෙම වංචාකාරයින් නොසිතූ ලෙස වෙනත් උගුලකට හසුවිය.
ඒ හැකර්කරුවෙකු නිසාය.

“අනුන්ගේ කොම්පියුටරයකට රහසිගතව ඇතුල්වීමේ වරදක් ඇතුල්වීම වරදක් බව මම දන්නවා. නමුත් මේ රටේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන අපරාධයක් මර්ධදනය කරන්න මගේ දැනුම යොදවන්න මම තීරණය කළා” මෙම හැකර්කරු වංචාකරුවන්ගේ සියලුම කතාබස් වලට සවන් දෙමින් එම තොරතුරු පොලිසියට සහ විමර්ශන මාධ්‍යයට (investigating reporters) ලබා දුන්නේය.

ඒ මගින් වයස 18 ට සහ දහනමය වයසේ පාසල් යන තරුණයින් දෙදෙනා ඇතුළු එම සංවිධානාත්මක කණ්ඩායම අත් අඩංගොඩ ගැනීමට පොලිසියට හැකි විය. මෙම වංචාකරවුන් චාගතව සොයාගන්නා මුදල් විශුද්ධි කර ගැනීමට ඩුබායි තූර්කිය ඊජිප්තු ආදී රටවල සංචාරය කරන අතර එම මුදල් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමටද යොදවන බව දැනගන්නට ලැබී ඇත. මේ හා සමානවමින් බදු මුදල් වංචාව සහ දීමනා වංචාවද ස්වීඩනය පාන තර්ජනයකි. තරාතිරමකින් තොරව දීමනා වංචාව සිදුවන අන්දම පෙන්වා දෙන එක් අවස්ථාවක් පසුගිය සතියේ හෙළිදරව් විය.

ස්වීඩනයේ ජීවත් වෙමින් රජයෙන් ලබාදෙන නොයෙකුත් දීමනා ලබාගත් ඉරාන ජාතිකයෙකු ආපසු ඉරානයට ගියේය. එහිදී ඔහු ඉරාන ආරක්ෂක අමාත්‍ය ධුරය ද ලබාගෙන ඉහළ පෙලේ ජීවිතයක් ගත කළේය. නමුත් එම කාලය පුරාම ඔහුට ස්වීඩන රජයෙන් ලබාදුන් නිවාසදීමනාව ඇතුළු විවිධාකාර දීමනා ලබාගෙන තිබුණි. (මෙම දීමනා ලබා දෙනුයේ අඩු ආදායම්ලාභීන්ටය) මේ සම්බන්ධව ඔහු දැනුවත් කර තිබුණද ඔහු එම ලබාගත් මුදල් නැවත රජයට ලබා දුන්නේ ද නැත. පසුගියදා ඔහු නැවත ස්වීඩනයට පැමිණෙන විට ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණි.

ස්වීඩන රජයේ ‍ත්‍යාගශීලී සහ කාරුණික බව අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවලින් එක් අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැක.

මෙම සටහන තබන්නේ ස්වීඩනයේ වෙසෙන චාන්දනී විජයතුංග ජ්‍යෙෂ්ඨ
මාධ්‍යවේදිනියයි