සවිමත් සිත අවැසි  මොහොත

සවිමත් සිත අවැසි මොහොත

සත් පුරුෂ ,සක්කාරං, සත් පුරුෂ ආදි නව කතා ඔස්සේ සමාජ පෙරළිය පිළිබඳව සංවේදීව හිතන්න අප පෙළඹ වූ
නවකථා කරුවෙක් ලෙසින් අප චමින්ද වෙළගෙදර හඳුනමු .

රටේ සංස්කෘතික කැන්වසය දුර්වර්ණ වන විට ඒ ගැන අපේ අවධානය යොමු කරවන ක්‍රියාධරයෙක් ලෙස අපි ඔහුව හඳුනමු.
මේ මොහොතේ ඔහුට කියන්නට යමක් ඇත .

මේ සවිමත් සිතක් අවැසි මොහොතයි.

” අපි මැතිවරණයකින් කරන්නේ වෙනසක් නොවෙයි මාරුවක් විතරයි “.(“வாக்கு என்பது வேறுபாடு அல்ல, ஒரு மாற்றம் மட்டுமே.”දෙමළ සිනමා පටයක කියමනක්)
මෙය දිග වැඩි ඇති.ඒත් ඔබ අතින් එය මෙතෙක් අපතේ ගිය කාලයට වඩා රට වෙනුවෙන් ව්ටිනවා ඇතී)

සව්සිරිමත් හිතකින් අසිරිමත් දොහක් උදා කරගමු!.

අද මාධ්‍ය හරහා රැස්වීම් පළවල් හරහා සිදුවෙමින් පවතින දේවල් විදේශිකයෙකුගේ ඇසින් නොවෙ ඔබේ ඇසින් බලා හිතින් හිතන්නට මං ඔබට මුලින්ම ඇරියුම් කරනවා.
අපි කොයි තරම් උද්‍යෝගිමත් ජාතියක් ද?
කොයි තරම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සපිරි ජාතියක් ද?
බලන්න ඔවුන්ගේ කැපවීම, අව්ව වැස්ස නොතකා දශක ගාණක් තිස්සේ අහපු සුරංගනා, වීර, පරුෂ , චෞර කතා යළිත් උද්දාමයෙන් අහන හැටි.
ඒ අතින් අපි කොයිතරම් බංකළොත් ද? කොතරම් නොවිසඳුණු ඔඩු දුවපු ප්‍රශ්න වලින් පිරිල හෙම්බත් වෙලා ද?

ඊයේ පෙරේදා නාළිකාවක විකාශය වූ දෙමළ සිතුවම් පටක අපූරු කියමනාක් ඇහුණා.
“வாக்கு என்பது வேறுபாடு அல்ல, ஒரு மாற்றம் மட்டுமே.”
” අපි මැතිවරණයකින් කරන්නේ වෙනසක් නොවෙයි මාරුවක් විතරයි ” කියලා.
හරි සරළ කියමනක්. ඒත් මහා වෘතාන්තයක්.
අපි කවුරුත් ඒක දන්නනවා .ඒත් අවුරුදු පහකට හෝ හයකට වරක් ආයෙත් උන්ටම අපි අපිවම පාවා දී ගන්නවා.
කඩෙත් යමින්.
ඒත් පරමාධිපත්ත්‍යය හා ස්වේරීත්වය අපි ළඟ.
කොච්චර සුන්දර ආත්මයම වංචා කරන ගැඹුරු ඇස් බැන්දුමක් ද ඒ වචනවලින් පාන පෙළහර.

දාහත් වසරක ශාපය හා විවෘත ආර්ථිකය (ජන මනස සූරාකෑම )

Sirimavo Bandaranaike Documentary Part 2 - YouTube

 

එහෙම පිටින්ම මේ රටේ සංස්කෘතික මිනිසා හා කාර්මික ප්‍රබෝධය විනාශ කළ විචාරී අවිචාර සමයක මහා පෙළහර වසර දාහතක්ම මිනිසුන් වින්දේ මහා ජනසංහාර මැද්දේ.

විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් දීම…………

Mahinda Rajapaksa - YouTube

 

අවුරුදු දාහතක ශාපයෙන් බේරෙන්න අපි කතා ලීවා. ලිපි ලීවා. වචන හැළුවා. විවෘත ආර්ථකයට සැබෑ මානව මුහුණුවරක් දීමට,
සිංහල දෙමළ සංහිඳියාව ඇති කිරීමට,
නීතිය පසිඳු ලූ රටක් හදන්නට.
අන්තිමට යුද්ධය ,යුද්ධය හිඟන්නාගේ තුවාලය වෙමින් දෙපැත්තේම මිනිසුන් මැරුණා.

යාපා පටුන ජයගැනීමේ දියසෙන්…..

ඊට පස්සේ ආයෙත් මව්බිම බේරාගන්නට ආ දියසේන කුමාරයා රජ කෙරෙව්වා. පරම්පරා ගාණක් ණය කරලා ආත්ම ගාණකට වස්තුව තම තමන්ගේ කර ගෙන රට බංකළොත් උනා. ආයෙත් මාරුව. වෙනසක් නැතුව මාරුව.

යහපාලනයේ අවපාලනය…….

මහ බැංකුව පවා කොල්ලකන තැනට මාරුව. ආයෙත් රාජ්‍යය දෙවැනිවරටත් යුද්ධය නිමකිරීමෙ වන්දිය ගෙවීම.ඒකත් මාරුවක්.

දියසේනගේ හේමළයා ඒම……..

‘I did say I will not reappoint Ranil’: Sri Lanka President Maithripala ...

ඉන්පස්සේ එන්නේ සැබෑ දියසෙන් කුමාරයා. විනය ගරුක දේශයක්. නීතිය පසිඳ ලූ සමාජයක්, පිරිසිදු ශ්‍රී ලංකාවක්. හරි සුන්දර යෙදුම්. නිෂ්පාදන සේවා ව්‍යූහයේ දී යොදා ගන්නා ජන්දදායක ගණුදෙනුකරුවා අභිප්‍රේරණය කළාවු මන බන්ධනීය යෙදුම්. අපි වෙනස් උනේ,ඇදී ගියේ රට වෙනුවෙන් ඇතිවුනු හැඟීමෙන්, කැපවීමෙන්. සියලු දෙනා එකාවන්ව. 60% ජනානුපාතයකින්.
මොකද උනේ. අපේ උත්තම බලාපොරොත්තු තමන්ගේ පවුලේ හෙට වෙනුවෙන් උකස් කරපු මජර නපුංසක පාලනයක් විසින් පාවා දුන්නා යහපත් සිතින් ඇති වූවා යැයි පෙන්වූ ඊනියා අරගලයකට.

අරගලයෙන් රට ජාතිය බේරා ගැනීම…………

ගෑස්,ඉන්ධන,ඖෂධ හා ආහාර හැම දෙයින්ම කොමිස් සොයන පාලනයක්.ඒකත් මාරුවක්. රාජ්‍යයේ නොව පාලනයේ මාරුවක්.
ඉන්පසුව ණයෙන් කිරිකන සමාජයක පෝළිම් නැති කළා යැයි උද්දාම වෙන මාරුවක් අපිට ලැබෙනවා.
අපි අද ඒ පාලනය නම් වූ ණය ගිනි හැළියේ පොලිය හා වාරික ගෙවීම නම් වූ දිය, රත්වෙන තුරු සැණකෙළියක.

 

කෝටි ගාණක ණයෙන් වූ අනාගත ආයෝජනය කුමක්ද?

Our Struggle is real! Why the ‘Aragalaya’ is only just a beginning ...
පෝළිම් නැති කරල කන්න බොන්න දීල බේර ගත්ත එකම මදි ද කියල කෙනෙකුට අන්ධ භක්තියෙන් අහන්න පුළුවන් . ඒ කළමනාකරණය හොඳයි. හැබැයි ඒක හරියට බලයේ ඉන්නා ආණ්ඩුවක් ඒ රටේ පාරවල් පාළම් හැදීම, ගොඩනැඟිලි හැදීම කරල එයාලගේ නම් ගහ ගන්නව වගේ වැඩක්. ඒව කළේ මහජනතාවගේ බදු මුදලින්. ඒක කරන්නයි එයාල ආවෙ. ඒකටයි එයාල වැටුප් ,විශ්‍රාම හා වෙනත් වරදාන ගන්නේ. ඊට අමතරව සහගහන කොමිස් ගත්තේ ගන්නේ.

දැන් ආයෙත් අපි ඇවිත් ඉන්නේ වෙනසකටද? මාරුවකට ද?

ගැඹුරින් සිතිය යුතු මොහොතක් !
එක්වෙනුව
දෙවැනුව හා
තුන්වෙනුවත්………
අපිට මෙතෙක් කාලයක් තිබූ පරමාධිපත්ත්‍යය යන්න දැන් තැම්බී ගිය කැරට් අලයක් පමණයි.
ඒකෙන් නියෝජනය වුනු ජනමතය හරි අඩුයි. තවමත් ඉන්නා අවංක නීතිගරික ආරක්ෂක හා අධිකරණ නිලධාරීන් කීප දෙනෙකු නිසා එහි පණක් ඇති බව දනවනවා.
ඒත් ඒ ඇද්ද………………?
ඇයි ජනතාව ට තමන්ගේ අයිතිය ඉල්ලන්න බැරි.
ඇයි තමන්ට වගවෙන රාජ්‍යයක් හදන්න ආණ්ඩුවක් පත්කරගන්න බැරි.
ඇයි අපිට බැරි අපි වෙනුවෙන් නම් පාලනය ඉල්ලන්නේ අපිට මහජනතාවට ” වග වෙමු. නැතිනම් නීතිය ඉදිරියේ වැරදි කරුවන් වෙමු. එයට වන්දි ගෙවමු”

Distance Learning for 3,000 Children in Sri Lanka - GlobalGiving

යන කොන්දේසිය තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයට යොදා එය පාර්ලිමේන්තුවේ සම්මත කරගත් නීතියක් කිරීමට ඉල්ලා සිටින්නට බැරි……??????????????????
මේ ගැන තවත් දිගට ලියන්න අවශ්‍ය නෑ.
අපි කල්පනා කරමු.
ඔබට ඒ වෙනුවෙන් ආදරණීයව මේ ඉල්ලීම කරමි.

සවිමත් අදක් වෙනුවෙන් විමසුම් හිතක් ඇතිවෙන දවසක් වේවා!!!.

චම්මින්ද වෙලගෙදර

Related Articles