සක්‍රීය දිය ඇල්ලේ අනතුර

සක්‍රීය දිය ඇල්ලේ අනතුර

දිගින් දිගටම ඇද හැලෙන නිරිත දිග මෝසම් වැසි හේතුවෙන් දිය ඇලි ගණනාවක්ම වේගවත් ලෙස සක්‍රීය වී තිබේ.

මධ්‍ය කඳුකරයේ. ගිනිගත්හේන නොර්ටන් යන ප්‍රදේශ වල මිලිමීටර තුන් දහසකට ආසන්න වැසි ඇති වී තිබේ.

දිය ඇලිවල ගමන වේගවත් වීමත් සමඟම ඒවා නැරඹීමට යන සංචාරක පිරිස් ද වැඩිවෙමින් පවතී. බොහෝ දිය ඇලි ආසන්න ප්‍රදේශ අනාරක්ෂිතය.

දිය ඇලි වල ඉහල ප්‍රදේශ තරණය කරන්නට යෑම නිසා. මරණීය අනතුරු සිදුවිය හැකි ය.

ඉහළ. පෝෂක ප්‍රදේශයට ඇද හැළෙන වර්ෂාව වැඩි වීමත් සමඟම. ඉතා සුළු වෙලාවක් තුළ. දියඇල්ලේ ජල ධාරිතාව වැඩි වී . අනතුරුදායක තත්වයන් ඇති විය හැකිය.

 

දිය ඇලි නැරඹීමට පැමිණෙන . පීරිස් අවම වශයෙන් ඉදිරි දිනයේ. කාලගුණ තත්වයන් පිළිබඳව . පළවෙන වන වාර්තා සහ. ප්‍රදේශයේ ජනතාව දක්වන අදහස් පිළිබඳව. සැලකිලිමත් විය යුතුය.

විනාඩි ගණනක් ඇතුළත දිය ඇල්ලේ ජල ධාරිතාව දෙගුන. වූ අවස්ථා රැසක් පිළිබඳව  මෑත කාලයේ වාර්තා වී ඇත.

වැඩි වන ජල ධාරිතාව ඔස්සේ වේගයෙන් පහළට පෙරළෙන ගල්, කොටන් සහ. පස් කඳු හේතුවෙන් අනතුරු ඇතිවිය හැකිය.

 

ශ්‍රී ලංකාවේ විශාලතම දිය ඇලි පිහිටා ඇත්තේ රත්නපුර හා නුවරඑළිය දිස් ත්රිකවල්; දිස්ත්රික්කවල ය. මේ දිය ඇලි අවට. ආරක්ෂක සේවාවක් සේවාවක් යෙදවීම වැදගත් බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

පරිසර පද්ධතියට ඔරොත්තු දිය නොහැකි සංචාරකයින් ප්‍රමාණයක් පැමිණීම හේතුවෙන් දිය ඇලි අවට තිබෙන ක්ෂුද්‍ර වාසස්ථාන විනාශවෙමින් පවතී .

Related Articles