සංහිඳියාවේ මැන්ඩෙලා මාවත

සංහිඳියාවේ මැන්ඩෙලා මාවත

නෙල්සන් මැන්ඩෙලාගේ. 106 වැනි. ජන්ම සමරුව ජූලි 18 වෙනිදාට යෙදී තිබුණි. මේ සැමරුම් වකවානුව වනවිට මැන්ඩෙලා නායකත්වය දුන් දකුණු අප්‍රිකාවේ. ANC පක්ෂය දැඩි අභියෝගයකට ලක්ව තිබුණි.

 

මෙවර මැතිවරණයේදී ANC පාර්ලිමේන්තු බහුතරය සිට 40 දක්වා අඩු වී තිබේ. එහෙත් නෙල්සන් මැන්ඩෙලා නව දකුණු අප්රිකාවක් සඳහා ගොඩනැගූ පදනම. තවමත් සවිමත්ය. වර්ණ භේද වාදය සහ ජාතිකත්වය පදනම් කරගෙන. කෙරෙන බෙදීම සමහන් කර ගනිමින් නව ජාතික රජ්‍යයක් වෙනුවෙන් නෙල්සන් මැන්ඩෙලා නිර්මාණය කළ පෙර ගමන් මග තවමත් සජීවී දේශපාලන මාවතකි.

 

ආර්ථික සහ සමාජ බලය හිමිකරගෙන සිටි සුදු දකුණු අප්‍රිකානුවන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා තෝරාගත්තේ ‘පලිගැනීම’ වෙනුවට සමාවදීමේ ක්‍රියාවලියයි. සංහිඳියාව සඳහා කැපවීමයි. මෙය පලිගැනීමට බියවී සිටි සුදු ජාතිකයන් පුදුමයෙන් පුදුමයට පත් කළේය.

දකුණු අප්‍රිකාවේ අවසන් සුදු ජනාධිපති FW ක්ලාක් සමඟ නොබෙල් ත්‍යාගය සමව බෙදා ගනිමින්

“නහී වේරානි වේරානි”

වර්ණභේදවාදයට එරෙහිව සටන් කිරීම හේතුවෙන් වසර 27 ක් සිරගතව සිටි මැන්ඩෙලා නිදහස ලැබීමෙන් පසු සිය මුල් අවධානය යොමු කලේ ගැඹුරු වාර්ගික බෙදීම් සුව කර රට එක්සත් කිරීම කෙරෙහියි. මැන්ඩෙලා “නහී වේරානි වේරානි”, යන බුදු වදන අසා සිටියාද යන්න නොදන්නේ නමුත් එය ඔහුගේ හදවතින් ජනිතවූ සැබෑ අභිලාෂයයි.

 

ප්‍රථම වරට සියලුම ජාතීන් ඇතුළත් දකුණු අප්‍රිකාවේ ප්‍රථම ඓතිහාසික මැතිවරණය 1994 අප්‍රේල් මාසයේදී පැවැත්වුණු අතර අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) නායක මැන්ඩෙලා මැතිවරණය ජයග්‍රහණය කරමින්, එම වසරේ මැයි මස 10 වැනිදා දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. එය සුදු-සුළුතර ආණ්ඩුවක සිට රටේ වාර්ගික විවිධත්වය පිළිබිඹු කරන ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයකට බලය හුවමාරුවූ පළමු නිදහස් හා සාධාරණ මැතිවරණයයි.

 

“නැවත කිසි දිනෙක මෙම සුන්දර දේශයේ ජීවත්වන කිසිවකු තව අයකුගෙන් නැවතත් පීඩාවට පත් නොවනු ඇත.” ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු දකුණු අප්‍රිකානු ජනතාව අමතමින් ප්‍රකාශ කළේය. මෙම පණිවිඩය සාමකාමී අනාගතයක් සඳහා සියලුදෙනා හට බලාපොරොත්තුවක් ගෙන දුන්නේය.

 

එවක පැවැති සමාජ පැවැත්ම අස්ථාවර නොකර වර්ණභේදවාදී නීති පද්ධතියඅහෝසි කිරීමේ කාර්ය භාරය ආරම්භ කිරීම මැන්ඩෙලාගේ ඊළඟ පියවර විය. ජාතිය මත පදනම්ව මිනිසුන් වෙන් කළ, වෙනස් කොට සැලකීමේ නීති ක්‍රමානුකූලව විසුරුවා හැරීම, ඡන්ද අයිතිය, අධ්‍යාපනය, නිවාස සහ පොදු අයිතීන් තහවුරු කිරීම සම්බන්ධ නීති සම්පාදනය ආරම්භ කෙරින.

සමාව දීම සහ අතීතයට ඉඩ දීම

නිදහස ලැබීමෙන් පසු, මැන්ඩෙලා සමාව දීම සහ අතීතයට ඉඩ දීම අවධාරණය කළේය. එය සිදුකරන ලද්දේඑදිරිවාදිකම් සහ කෝපය අඩු කිරීමමෙන්ම ප්‍රචණ්ඩත්වයේ අවදානම අඩු කිරීම අරමුණු කර ගෙනයි. මැන්ඩෙලා අවධාරණය කළේ දකුණු අප්‍රිකානුවන් සියලු දෙනාට අයත් වන එක්සත් ජාතියක් සඳහා වූ අනාගතයක් ගොඩනැගීමයි.

 

සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම පිහිටුවීම එනයින් ගනු ලැබූ වැදහත් මෙන්ම ඓතිහාසික තීරණයකි

 

වර්ණභේදවාදය අවසන් කිරීමට අවශ්‍ය වන්නේ සාකච්ඡා මිස ප්‍රචණ්ඩත්වය නොවන බව මැන්ඩෙලා තේරුම් ගත්තේය. ඔහු එවකට දකුණු අප්‍රිකානු ජනාධිපති එෆ්.ඩබ්ලිව්.ද.ක්ලාර්ක් F.W. de Klerk සමඟ සාමකාමී බල පරිවර්තනයකට තුඩු දුන් සාකච්ඡා ආරම්භ කරමින් ශුභදායක රටක් නිර්මාණය කිරීමේ සැලැස්මකට අඩිතාලම දැමීය. ඒ තුල වැඩ කිරීමට ඇතිකැමැත්ත හේතුවෙන් සුදු දකුණු අප්‍රිකානුවන්ට ඔහුගේ නායකත්වය කෙරෙහි විශ්වාසයක් ඇති කළේය. ස්ථාවර ආර්ථිකයක් පවත්වාගෙන යාමේ වැදගත්කම හඳුනාගත් මැන්ඩෙලා නව දකුණු අප්‍රිකාවේ ඔවුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන බවට සුදු ව්‍යාපාරවලට සහතික විය. ජාතිය නොතකා මිනිසුන් සමඟ සම්බන්ධ වීමට මැන්ඩෙලාට විශිෂ්ට හැකියාවක් තිබුණි. ඔහුගේ චමත්කාරය සහ අව්‍යාජ හැසිරීම සුදු දකුණු අප්‍රිකානුවන් විසින් දැරූ සමහර අගතිගාමී මත තුරන් කිරීමට පිටුබලයක් විය.

තුවාල සුව කිරීම

සත්‍යය සහ ප්‍රතිසංධාන කොමිසමක් පිහිටුවාලීමෙන් බලාපොරොත්තුවූයේ වින්දිතයින්ට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට සහ අපරාධකරුවන්ට ඔවුන්ගේ අපරාධ පාපොච්චාරණය කිරීමට වේදිකාවක් සලසා දීමයි. එය අතීතයේ සිදුකරන ලද තුවාල සුව කිරීමට සහ ජාතික සංහිඳියාව පිළිබඳ අර්ථවත් හැඟීමක් ඇති කිරීමට පිටුබලයක් විය. එමගින් ඇතිකරන ජාතික හැගීම ප්‍රවර්ධනය කිරීමත් සමඟ රට ඉදිරියට ගෙන යාම මැන්ඩෙලාගේ පුළුල් අපේක්ෂාව විය.

රොබන් දුපතේ සිර කුටියේදී

සත්‍යය හා ප්‍රතිසංධාන කොමිසම මතභේදයට තුඩු දුන් බවද සැලකිල්ලට ගැනීම වැදගත්ය. කොමිසම සංහිඳියාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව පවසන සමහරු ප්‍රමාණවත් ලෙස වැරදිකරුවන්ට දඬුවම් කිරීම සිදු කොට නැති බවට චෝදනා නගති.

අපරාධ විමර්ශනය කිරීම මගින් කොමිසම ජාතික සමගිය පෝෂණය කිරීම සහ අනාගත ප්‍රචණ්ඩකාරී ක්‍රියාවැළැක්වීම අරමුණු කර ගෙන ඇත. වර්ණභේදවාදය යටතේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සවිස්තර වාර්තාවක් ලේඛනගත කරන ලද අතර එය දකුණු අප්‍රිකාවේ අතීතය අවබෝධ කර ගැනීම සඳහා ගත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැක. කොමිසම මගින් නිර්දේශිත වින්දිතයන් සඳහා වන්දි ගෙවීමේ වැඩසටහනක් ස්ථාපනය කෙරුණු අතර මූල්‍යය දුෂ්කරතා හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට නොහැකිවූ බවට වාර්තා පලවිය.

ශ්‍රී ලංකාව වසර 30 ක් පුරා පැවති සිවිල් යුද්ධය අවසානයකට ගෙනවිත් ඇති නමුත් වසර 15 ක් ඉක්මවා යන මේ අවස්තාව වනවිටත් සත්‍යය සහ සංහිඳියාව සම්බන්ධයෙන් සාධනීය ලෙස පියවර ගෙන ඇත්ද යන්න තවමත් විවාදයට තුඩු දී තිබේ.

 

2010 වසරේදීජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම (LLRC) පිහිටුවනු ලැබුවේ උතුරු නැගෙනහිර වාර්ගික ගැටුම් හට ගනීමට හේතු සොයා බැලීම, සංහිඳියාව සහ ජාතීන් අතර සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහායි. කොමිසම විසින් සිය වාර්තාව 2011 දෙසැම්බර් 16 දින ප්‍රසිද්ධියට පත් කරන ලදී. කොමිෂන් සභාව නිර්දේශ ඉදිරිපත් කළ නමුත් ඒවා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය

එම වාර්තාව මගින් ශ්‍රී ලංකා හමුදාවටත් එල්ටීටීඊ සංවිධානයටත් සිවිල් වැසියන් ඝාතනය කිරීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ල කොට ඇති අතර ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කරන ලෙසටද නිර්දේශ කෙරින.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වාර්තාව විවේචනය කළේ ශ්‍රී ලංකා රජය යුද අපරාධ පිළිබඳ චෝදනා ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොකිරීම සම්බන්ධයෙන් ය. 2014 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා යෝජනාවක් සම්මත කළේය. ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන ඉල්ලීම්වලට ශ්‍රී ලංකා රජය විරුද්ධ වී ඇති නමුත් කොමිසමේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යම් පියවරක් ගෙන තිබේ. යුද්ධයෙන් විපතට පත් වූවන්ට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම සහ අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා කොමිසමක් පත් කිරීම මේ අතර වේ. රජය ඒවා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර නැති බවත් දේශපාලන අභිමතය නොමැතිකම ප්‍රධානම හේතුව බවත් නැගෙන තර්කයක්.

යලිත් මෙ ගැන කථිකාවතක් ආරම්භවී ඇති අතර, 2024 ජනවාරි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයවිසින් සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිසමක් යෝජනා කොට තිබේ. ජාත්‍යන්තර බලපෑම් හමුවේ හෝ මැතිවරණයක් ආසන්නයේ සත්‍යය සහ ප්‍රතිසංධානය යන මාතෘකාව සාකච්ජාවට ලක්වන මාතෘකාවක් බවට පත්වුනත් ඒ සඳහා සැබෑ දේශපාලන උවමනාවක් ඇත්ද යන්න බොහෝ දෙනෙකු මතුකරන ප්‍රශ්නයක්.

නෙල්සන් මැන්ඩෙලා  ආදර්ශය

නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා, දකුණු අප්‍රිකාවේ සත්‍යය සහ ප්‍රතිසංධාන කොමිසමට ශක්තිමත් නායකත්වයක් දෙමින් ඔහුගේ අනුමැතිය සහ දිරිගැන්වීම ලබාදෙමින් ඉටුකළ කාර්යභාරය එහි සාර්ථකත්වය සඳහා තීරණාත්මක සාධකයක් විය. අඩුපාඩු තිබුනත් බොහෝ රටවල් නෙල්සන් මැන්ඩෙලා තැබූ එම ආදර්ශය අදටත් අගය කරති.

වර්ණභේදවාදය දකුණු අප්‍රිකාවේ අද දකින්නට නැත. කෙසේ වෙතත්, වර්ණභේදවාදයේ උරුමය අද දකුණු අප්‍රිකාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. වාර්ගික අසමානතාවය, ආර්ථික විෂමතා, සමහර ජන කොටස් අතර තවමත් පවතී. දකුණු අප්‍රිකාව මෙම ගැටළු විසඳීමට දිගටම කටයුතු කරමින් සිටියි.

විමලසේන හේවගේ

Related Articles