සංශෝධන සුක්කානම බැසිල් අතේද?

සංශෝධන සුක්කානම බැසිල් අතේද?

ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ ගන්නා පාර්ශවවල වුවමනාව මත ශ්‍රේෂ්ශ්ථාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්රභා වීමෙන් අනතුරුව අවසන් තුරුම්පුව ඇත්තේ පාර්ලිමේන්තු විවාදයකි.

 

නිශ්චිත වශයෙන්ම ජනාධිපති ධූර කාලය වසර පහක් විය යුතු බව ව්‍යවස්ථාපිත කිරීම සඳහා මෙම සංශෝධනය අවශ්‍ය බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේ.

කබරයා තලගොයා කරගැනීමට

දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඇතුළු පිරිසට. සිදුවූ මගහැරීමක් සම්බන්ධයෙන්. තමන් කණගාටුව පළ කරන බවයි ජනාධිපති වික්‍රමසිංහ ගාල්ලේ දී කියා සිටියේ. මේ ප්රකාශය ප්‍රතික්ෂේප කරන ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න තමන්ට ඔය කියන ආකාරයේ මග හැරීමක් සිදු වූ බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ අවස්ථාවේදී පැවති තත්වයන් අනුව සිරිසේන ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අදාළ වගන්තිය ඒ ආකාරයෙන් ම ව්‍යවස්ථාව . තුළ. තිබෙන්නට හැරිය බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.දහනම වෙනි ව්‍යවස්ථා සංශෝධන කැබිනට් කමිටුවේ සභාපතිවරයා වූයේද වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහය .ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ගේ ප්‍රකාශය අර්ථ ගැන්වුවහොත් එයින් කියවෙන්නේ රනිල් වික්‍රමසිංහ තම අවශ්‍යතාව පරිදි කබරයා තලගොයා කරගැනීමට උත්සාහ කරමින් සිටින බවය.

ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න

යම් වැරැද්දක් සිදු වූවා නම්

දහනම වැනි ව්යවස්ථා සංශෝධනය තුළ. යම් වැරැද්දක් සිදු වූවා නම්. එය පසුකාලීනව සම්මත වූ. විසි වැනි හා විසි එක් වෙනි සංශෝධන තුළ. නිවැරදි කරන්නට ඉඩ තිබිණ. එසේ තිබිය දී. ජනාධිපතිවරණයක් සඳහා දින නියම කිරීමට. නියමිත මේ මොහොතේ. වරද නිවරද කිරීමට උත්සාහ කිරීමේ සද්භාවය සැක සහිත බවයි දේශපාලන විචාරකයින්.. පෙන්වාදෙන්නේ.

ආර්ථික අගාධයේ වැල් පාලම

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බව ශ්‍රේෂ්ශ්ථාධිකරණය දෙවතාවකට වැඩි අවස්ථාවන්හිදී ප්‍රකාශයට පත් කොට ඇත. තත්වය මෙසේ තිබිය දී දැනට සෘජුව අදාළ නොවන වගන්තියක් ජනමත විචාරණයක් කරා. යොමු වුවහොත් ඒ සඳහා රුපියල් බිලියන ගණනක් වැයවෙනු ඇත.

ජනාධිපතිවරයාගේ වචනවලින් පවසතොත් රට තවමත්. ආර්ථික අගාධයේ වැල් පාලමෙන් ගොඩ ගොස් නැත. තත්ත්වය එසේ තිබිය දී ජනමත විචාරණයක් සඳහා. බිලියන ගණනක් වැය කරන්නේ කුමක් සඳහාද යන්න පිළිබඳව ජනාධිපතිවරයා මේ තාක් සාධාරණ පිළිතුරක් ලබා දී නැත.

බැසිල්ගේ මෙහෙයුම

බැසිල් රාජපක්ෂ මුලින්ම උත්සාහ කළේය මහ මැතිවරණයක් ලබා ගැනීමක් සඳහා ය. දැන් ව්‍යවස්ථා ඇටවුමකින් ජනාධිපති ධුර කාලය දික් කොට ඒ ලැබෙන විරාම කාලය තුලදී මැතිවරණයක් පවත්වා වාසිදායක තත්වයක් අත්පත් කර ගැනීම ඔහුගේ උත්සාහය විය හැකි බව. දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.මේ සඳහා පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මෙහෙයුමක් දියත් කළහොත් ඒ පිළිබඳව පුදුම විය යුතු නොවේ

යෝජනාවට විරෝධය

ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට විරෝධය පළකරන නීතිවේදී සාමූහිකය පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු බලවේග මෙම යෝජනාවට විරෝධය පළකිරීම සඳහා පෙළගැසිය යුතු බවයි.

අහිමිවීම් කෙවිට

ජනාධිපතිවරයාට. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇත.කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් විශ්‍රාම වැටුප අහිමි වන මන්ත්‍රීවරුන් රැසක් සිටිති .තවත් පිරිසකට මීළඟ මැතිවරණ දී අසුන් අහිමි විය හැකිය.මේ අහිමිවීම් කෙවිටක් සේ භාවිතා කොට මන්ත්‍රීවරුන් ගේ ඡන්දය ලබා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව. තවත් දේශපාලන විචාරකයන් පිරිසක් පෙන්වා දෙති.

ප්‍රයෝගිකව ගත්කළ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගෙන මේ අවස්ථාවේදී ජන මත විචාරණයකට යෑමේ ඉඩක් නොමැති හෙයින්. මේ ගැන වැඩිපුර කලබල විය යුතු නැති බව තර්ක කරන පිරිසක් ද වෙති. මෙය රනිල් වික්‍රමසිංහ -බැසිල් රාජපක්ෂ සුසන්යෝගයේ තවත් වැරදුණු කුරුමානමක් විය හැකි බව ඔට්ටු ඇල්ලීමට මේ පිරිස සුදානම්ය .

ගාමිණී රුවන්චන්ද්‍ර

 

 

 

 

 

 

 

Related Articles