ශ්‍රී ලංකාවේ තෙවැනි අග්‍රාමාත්‍යවරිය දිවුරුම්

ශ්‍රී ලංකාවේ තෙවැනි අග්‍රාමාත්‍යවරිය දිවුරුම්

නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (සැප්. 24) දිවුරුම් සපුරා ගත්තා ය

“ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ මීටත් සුළු මොහොතකට පෙර ය.

“අග්‍රාමත්‍ය ධූරයට අමතරව, අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය, සහ ආයෝජන අමාත්‍යවරිය ලෙස ඇය පත් කර තිබේ

1970 මාර්තු 6 වන දා ඇය කොළඹ නගරයේ උපත ලබා ඇත.

කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා, සිය ප්‍රථම උපාධිය ඩිල්ලි විශ්වවිද්‍යාලයෙන් හිමි කර ගත්හ.

හරිනි අමරසූරිය, නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කළේය.

2020 මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණීමත් සමඟ, ඇය අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ 16 වන පුද්ගලයා ලෙස නම් කරනු ලැබේ.

මීට පෙර ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අග්‍රාමාත්‍යවරියන් ලෙස කටයුතු කර ඇත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පමණි.

ඒ අනුව, ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තුන්වන අග්‍රාමාත්‍යවරිය ලෙස පිළිගැනෙයි.”

Related Articles