විදුලි විසන්ධි කිරීම් දොළොස්දහසක්

විදුලි විසන්ධි කිරීම් දොළොස්දහසක්

ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන්වි විදුලි විසන්ධි කිරීමට ලක්ව සිටින පිරිස දොළොස් දහසක් පමණ වන බවයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ.

මේ වන විට ලක්ෂ ගණනකගේ විදුලිය විසන්ධි ඇති බව පළවෙනි වාර්තා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි.

හිඟ මුදල් ගෙවීමෙන් අනතුරුව පැය කිහිපයක් හෝ දින දෙක තුනක් තුළ යළි විදුලි ලබාදෙන බව අමාත්‍යවරයා පවසයි.

විදුලි බල පද්ධතිය පවත්වාගෙන යෑමට නම් විසන්ධි කිරීම් කිරීමට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පසුගිය ජනවාරි මාසයේ දී කාංචන විජේසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කියා සිටියේ විසන්ධි කිරීම් 965,566 සිදුව ඇති බවයි.

ඊට පෙර වසරේ සිදුවූ විදුලිය විසන්ධි කිරීම ගණන 98,834 කි.

මේ අනුව පෙනියන්නේ මෑත කාලයේ විදුලි විසන්ධි කිරීම් බරපතල ලෙස වැඩි වී ඇති බවයි.

ඇතැම් අවස්ථාවලදී ඉතා සුළු මුදලක් හිඟ වූ විට විදුලිය විසන්ධි කිරීම සිදුකොට ඇති බව පිළිගත් අමාත්‍යවරයා පැවසුවේ මේ ක්‍රියා පිළිවෙත වෙනස් කිරීමට උපදෙස් දී ඇති බවයි.

විදුලිය පරිභෝජනය කරන පිරිසෙන් මිලියන 1.8 පමණ රුපියල් දෙසිය අසූවක පමණ විදුලි බිලක් ගෙවන පිරිස්ය.

 

 

Related Articles