විජයදාසගෙන් රනිල්ට අභියෝගයක්

විජයදාසගෙන් රනිල්ට අභියෝගයක්

රට තුළ ව්‍යාකූලත්වයක් ඇතිවන හෙයින් ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් විසි දෙවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නොකරන්නැයි තමන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

විසි දෙවෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තු විවාදයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඇත.

රනිල්ට අයුතු වාසියක්

බොහෝ දේශපාලන නිරීක්ෂකයින් කියා සිටින්නේ ජනාධිපති තනතුරේ කාලසීමාව දික් කර ගැනීමට හෝ ජනාධිපතිවරණයේදී වාසියක් ලබා ගැනීම සඳහා මේ අවස්ථාවේදී ව්‍යාකූලත්වයක් ඇතිවන පරිද්දෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බවයි.

විජයදාසගේ ස්ථාවරය

අනෙක් අතට 22 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ගැසට් පත්‍රයක් නිකුත් නොකිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගෙන ඇති පියවර ජනාධිපතිවරයාට කරන සෘජු අභියෝගයක් ලෙස සැලකිය හැකිය. කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසන පරිදි විසි දෙවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ එකඟතාවක් තිබී ඇත.

විජේදාස රාජපක්ෂද මෙම අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙකි . ඒ අවස්ථාවේ විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ අවස්ථාවේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහු එකඟ වූයේද නැද්ද යන්න පිළිබඳ ගැටළුවක් මතුවේ .

 

Related Articles