බලන්න සශිකා හැඟුම් මුහුකර ගයන්නේ ඔබේ හෘද ස්පන්දනයේ රිද්මයද .?
හිස දරා දිවා කටු ඔටුනූ
බිම බලා හෙලා සඳ මුහුනූ
ගොම්මනේ කිරණ වී අරුණූ
ගැහැනූ…
ගැහැනූ…
“වැඩ ඇරී වැඩට යති ගැහැනූ”
සිහිනයේ පිරී මිණි පබළූ
රෑ ගඟේ ගියත් වී කඳුළූ
ළය පැතුම් බරින් නිති පිරුණූ
ගැහැනූ…
ගැහැනූ…
“වැඩ ඇරී වැඩට යති ගැහැනූ”
සෙනෙහසේ නොසෙල්වෙන පවුරූ
ගෙයි තනන්නෙදෝ වෙන කවුරූ
හෙට උදෑසනට හද හැරුණූ
ගැහැනූ…
ගැහැනූ…
ගායනය :සශිකා නිසංසලා
පද : ලක්ශාන්ත අතුකෝරාල
සංගීතය : දර්ශන වික්‍රමතුංග
““වැඩ ඇරී වැඩට යති ගැහැනු” කියල නූතන කවියකු වූ ලක්ෂාන්ත අතුකෝරාල කියන කොට ඒ දේ කෙතරම් සත්‍යයක්ද කියල ගැහැනියක් වූ මට අමුතුවෙන් ඒත්තු ගන්වන්න ඕනේ නෑ. එදා අපේ ආච්චි, ඊට පස්සේ අපේ අම්මා, දැන් මම ඒ සත්‍යයේ හවුල්කාරිනියෝ.
ඉතින් වැඩ ඇරී වැඩට යන්නේ “ගැහැනිය” මිස වෙන කවුද ?” ❤
“වැඩ ඇරී වැඩට යති යන යෙදුම එම උත්ප්‍රාසාත්මක බව මතු කිරීමට උපස්තම්භක වෙයි. වැඩ ඇරීමෙන් ශ්‍රමය වෙහෙසන්නෙකු හෝ වෙහෙසන්නියක ලැබිය යුත්තේ ශ්‍රම විරාමයකි. එහෙත් එය ස්ත්‍රිය සම්බන්ධයෙන් අවලංගු වූ සමාජ ධර්මතාවක් බව කවියා රසිකයකු හට දනවයි.”
” ‘වැඩ ඇරී – වැඩට යති – ගැහැනු’ යැයි ලක්ශාන්ත අතුකෝරාල වරෙක කවි සටහනක් ලියුවේය. මේ රටේ පමණට වඩා වැඩ කරන්නේ ගැහැනු පමණය.”