වාහන ගෙන්වීම ඔක්තෝබරයේ

වාහන ගෙන්වීම ඔක්තෝබරයේ

 

ඔක්තෝර් මාසයේ සිට වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසයි.

කර්මාන්ත සඳහා අවශ්‍ය බර වහන ගෙන්වීම සඳහා මුලින්ම අවසර පත්‍ර ලබාදෙන අතර ඉන් අනතුරුව ත්‍රී රෝග රථ සහ මෝටර් සයිකල් ගැන්වීම සඳහා අවසර ලැබෙනු ඇත.

කාර් සහ වෙනත් වෙනත් සුඛෝපභෝගී රථ සඳහා අවසර ලබා දෙන්නේ අනතුරුවයි.

වාහන ගෙන්වීම නිසා ආර්ථිකයට සහ මුල්‍ය සංචිත වලට වන බලපෑම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිරන්තරයෙන්ම උපදෙස් ලබාගෙන කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ.

මීට පෙර තීරණය කර තිබුණේ ජනාධිපතිවරණයෙන් අනතුරුව ලබන වසරේ මුලදී සඳහා බලපත්‍ර ලබාදෙන බවයි.

විදුලියෙන් ධාවනය වන වාහන ගෙන්වීම සඳහා ආණ්ඩුවේ වැඩි අවධානයක් යොමුවී ඇත.

වාහන එකලස් කිරීමේ කර්මාන්ත

රජයේ නිලධාරින් සඳහා නිකුත් කොට ඇති තීරු බදු සහන බලපත්‍රය වහාම ක්‍රියාත්මක නොවන අතර ඒ ගැන පසුව තීරණයක් ගැනීමට නියමිතය.වාහන එකලස් කිරීමේ කර්මාන්තයක් මේ වන විට රට තුළ ගොඩනැගී ඇත.

මේ වන විට රට තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්ත කර්මාන්ත විස්සක් පමණ ක්‍රියාත්මක වන අතර මෙම කර්මාන්ත බිඳ නොවැටී වාහන ආනයනය කිරීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය ඇමතීම සියඹලාපිටිය පවසන්නේ.

මෝටර් සයිකල් තිස් හයදාහක්ද වෙනත් වාහන හය දහසක් ද රට තුළ  පසුගිය වසර තුළ එකලස් කොට ඇත.

 

Related Articles