වාස්ට තවත් සිර දඬුවමක්

වාස්ට තවත් සිර දඬුවමක්

 

මරණීය දණ්ඩනයට නියමවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුතා සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් තිදෙනකු හට වසර 04 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී ඇත.

මාලබේ තොරතුරු තාක්‍ෂණ විදුහලේ සිසුවකු වන නිපුන රාමනායක පැහැරගෙන ගොස් නිරුවත් කර පහරදුන්බවටචෝදනා එල්ල වී තිබිණ .

මහාධිකරණ විනිසුරු අමල් රණරාජා පැවසුවේ මෙම නඩුවේ සෙසූ විත්තිකරුවන් වූ වාස් ගුණවර්ධනගේ බිරිය ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහි චෝදනා ඔප්පු වී නැති හෙයින් ඔවුන් නිදහස් කරන බවයි .

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා පැවසුවේ මහජන ආරක්‍ෂාව සඳහා පත් කර ඇති පොලිස් නිලධාරීන් මිනිසුන් මෙලෙස පැහැරගෙන ගොස් සිරකර තැබීම ඉතාම බරපතළ තත්වයක් වන බැවින් සේවයේ යෙදී සිටින සෙසු පොලිස් නිලධාරීන්ටත් පාඩමක් වන දඬුවමක් මෙම විත්තිකරුවන්ට නියම කිරීම වැදගත් වන බවයි .

වසර 09ක කාලයක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා මෙම තීන්දුවට හේතූ වූ කරුණු ඇතුළත් කර පිටු 69කින් යුත් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේ.

Now Attorney General To Prosecute DIG Vass For Abducting And Assaulting Nipuna - Colombo Telegraph
ධනුෂ්ක නිපුන රාමනායක

මාලඹේ තොරතුරු තාක්‍ෂණ විදුහලේ සිසුවකු වූ ධනුෂ්ක නිපුන රාමනායක පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර, නිරුවත් කර ඔහුට පහර දීම නිසා දින විස්සක් පමණ කොළඹ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර පසුව ඔහු රටින් පිටවිය.

මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුතා වන රවිඳු වාස් ගුණවර්ධන ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ ඉන්දික පුෂ්පකුමාර, දමිත් ප්‍රියංකර ද සිල්වා, වයි.එම්. ලක්ෂ්මන් තිලකරත්න, ඩී.එම්. සමන්ත සඳුන් දිසානායක සහ ශාන්ත සමන් විතානගේ නමැති පොලිස් නිලධාරීන් හයදෙනෙකි.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී නඩුවේ 08 වැනි විත්තිකාර ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශාන්ත සමන් විතානගේ නමැති පොලිස් නිලධාරියා හැර ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ විත්තිකාර පොලිස් නිලධාරීන් අධිකරණයේ පෙනී සිටි අතර මෙම නඩුවේ විත්තිකරුවන් වන මොහොමඩ් සියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටිය.

Col HC issues warrant to arrest Vass Gunawardena's wife - LNW Lanka ...
ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී නඩුවේ 08 වැනි විත්තිකාර ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශාන්ත සමන් විතානගේ නමැති පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාගේ දකුණු පාදය මීට දින 20කට පෙර ශල්‍යකර්මයකින් ඉවත් කිරීම හේතූවෙන් ඔහු මේ වන විට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ යැයි කීය.ඔහු වෙනුවෙන් පෙනී සිටීමට හා අවශ්‍ය කටයුතු කිරීමට තමන්ට බලය පවරමින් තම සේවාදායකයා ලිපියක් දී ඇතැයි ද ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා දැනුම් දුන්නේය.

ඉන් අනතතුරුව අධිකරණය ඇමතූ විනිසුරුවරයා මෙම නඩුවේ 03,,04 සහ 06 වැනි විත්තිකරුවන් වන කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ වයි.එම්. ලක්ෂ්මන් තිලකරත්න, ඩී.එම්. සමන්ත සඳුන් දිසානායක සහ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා නමැත්තියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් සියලු චෝදනා වලින් ඔවුන් තිදෙනා නිදොස් කර නිදහස් කළේය.

රවිඳු වාස් ගුණවර්ධන

 

ෝදනා වලින් නිදොස් කර නිදහස් කළ විත්තිකරුවන් තිදෙනා විත්ති කූඩුවෙන් බැස ගිය පසු සෙසු විත්තිකරුවන්ට එරෙහි චෝදනා අතුරින් 01, 02 සහ 05 වැනි විත්තිකරුවන් වන කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ ඉන්දික පුෂ්පකුමාර, දමිත් ප්‍රියංකර ද සිල්වා සහ රවිඳු වාස් ගුණවර්ධන නමැත්තන් ඔවුන්ට එරෙහි චෝදනා 06කට ද, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා එක් චෝදනාවකට ද ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශාන්ත සමන් විතානගේ නමැත්තා චෝදනා 02කට ද වරදකරුවන් බව විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළේය.

විත්තිකරුවන්ට වරදකරුවන් කර ඇති චෝදනා ඉතාම බරපතළ ඒවා යැයි ද සමාජයේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් එම තත්වය බිඳ දමා තිබීම මෙන්ම ඒ සම්බන්ධයෙන් පශ්චත්තාප නොවීම මෙන්ම පහර කෑමට ලක්වූ අවුරුදු 22ක වයසේ පසුවූ සිසුවා දින 20 කාලයක් පුරා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට වීම ද සැලකිල්ලට ගන්නා බව විනිසුරුවරයා සඳහන් කළේය.

Related Articles