විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදිමේ ව්‍යාපෘතිය ආරම්භ කොට වසර 16 ගතවී ඇතත් තවමත් ඇත්තේ ප්ලාස්ටික් හැදුනුම්පත්ය , ඒ හරහා ගලන විද්‍යුතයක් නැත.
මේ වසර දහසය පුරා රුපියල් කෝටි 266න් වියදම් කළ බලධාරීන් ලෝකයේ මිල අධිකතම විද්‍යුත් ජාතික හැඳුනුම්පත ශ්‍රිලංකාවේ නිහ්පාදනය කොට ලෝක වාර්තාවක් තැබීමට කටයුතු කරන්නේ දැයි යන ප්රශ්නය මතුවේ. විගණකාධිති වාර්තාව පවසන පරිදි ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුව කෝටි අටසීයකි. මෙම ව්‍යාපෘතිය හඳුන්වාදි තිබෙන්නේ 2006 වසරේදීය.
ව්‍යාපෘතියේ කාලය අනවශ්‍ය ලෙස දිර්ඝ වීම හේතුවෙන් විදුලිය හා ජලය වෙනුවෙන් වෙන් කර තිබෙන ප්‍රතිපාදන ඉක්මවා සියයට 894ක් වැඩියෙන් වියදම් කර ඇත.
ව්‍යාපෘතියෙන් කිසිදු මුදලක් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන්කර නැතත් ව්‍යාපෘතියට වාහන දෙකක් මිලදි ගැනීම වෙනුවෙන් එක්කෝටි අනුතුන් ලක්ෂයක් වියදම් කර තිබේ.
එසේම 2017 වසරේ සිට 2021 දක්වා විසිනවයක් සේවකයින් වෙනුවෙන් වැටුප් හා දීමනා කෝටි අටක්ද ඇතුලුව පාරිපාලන වියදම් ලෙස කෝටි විස්සක් වැය කර තිබේ.
ව්‍යාපෘතියෙහි ප්‍රධාන කාර්යයන් දෙකක් වන භෞතික යටිතල පහසුකම් සංවර්ධනය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් කෝටි 111ක් වැය කර ඇතත් පුද්ගල දත්ත ඩිජිටල්කරණයේ භෞතික ප්‍රගතියක් මේ දක්වා අත්පත් කරගෙන නැති බවද එම මුල්‍ය ප්රකාශනයේ සඳහන් වේ.
මානව සම්පත් හා පුහුණු වැඩසටහන් වෙනුවෙන් නිලධාරින් හතර දෙනකු බඳවාගෙන පසුගිය වසරේ මාස අටකදී ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් 817,530ක් වැය කර ඇතත් වසර අවසන් වන තෙක් කිසිදු පුහුණු වැඩසටහනක් සිදුකර නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම නිලධාරින් බඳවාගෙන තිබෙන්නේ එම පුහුණුවට අදාල කාර්යය සඳහා තොරතුරු තාක්ෂණ ආයතනය කිසිදු උපාංගයක් ලබාදි නොතිබියදී බවද එහි සඳහන් වේ.
හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව් අධ්‍යක්ෂක ජෙනරාල් වියනි ගුණසේකර මහතා පවසන් නේ සඳහන් කළේ විවිධ හේතු මත මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වූ බවය.
මේ විවිධ හේතු මොනවාද යන්න පැහැදිලි කරගැනීම වැදගත් විය හැකිය.