ලයිල්ස් තත්පර 0.005-  මීටර් 100

ලයිල්ස් තත්පර 0.005- මීටර් 100

2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වේ ශූරතාව, තත්පරයෙන් පන්දහසින් පංගුවකින් ජැමෙයිකාවේ කිෂේන් තොම්සන් වෙතින් උදුරාගෙන තමන් සතු කරගැනීමට එක්සත් ජනපදයේ නෝවා ලයිල්ස් සමත් විය.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වේ ශූරතාව, තත්පරයෙන් පන්දහසින් පංගුවකින් ජැමෙයිකාවේ කිෂේන් තොම්සන් වෙතින් උදුරාගෙන තමන් සතු කරගැනීමට එක්සත් ජනපදයේ නෝවා ලයිල්ස් සමත් විය.

ලයිල්ස් තරගයේ දෙවන භාගයේදී ඔහුගේ ප්‍රතිවාදීන් පරදවා, සිය පුද්ගලික හොඳම කාලය ලෙස තත්ත්පර 9.79 ක් වාර්තා කරමින් තරගය ජයගත්තේ ය.

ප්‍රංශ ඔලිම්පික් පිටියට නාට්‍යයක උච්චතම මොහොතේ මෙන් උද්වේගකර අවසන් මොහොතක් ගෙන එමින්, අවසන් තරගකරුවෝ අට දෙනාම ලයිල්ස් තරගය අවසන් කිරීමෙන් තත්ත්පර 0.12 ක් ඇතුළත තරගය අවසන් කළහ.

අවසානයේදී, විශාල තිරයේ නිල ප්‍රතිඵලය දර්ශනය වූයේ, ලෝකයේ ඉහළම තලයේ දස්කම් පාමින් ලෝක ශූරතාවලියේ රන් පදක්කම් තුනක් ලබා සිටි ලයිල්ස් ය.

“ඔබට මෙයට වඩා සුවිසල් මොහොතක් අත්විඳීමට හැකිවන්නේ නැහැ” යැයි, තරගය අතරවාරයේදී හත්වැනි ස්ථානයේ සිටි ලයිල්ස් බීබීසී ස්පෝර්ට් වෙත අදහස් දක්වමින් පැවසීය.

“හැම වටයක්ම එන ආකාරය අනුව භාර ගැනීමට මට සිදු වුණා. පළමු වටයෙන් පස්සේ මම ටිකක් නො සතුටින් හිටියේ. ඒ නිසා ආක්‍රමණශීලීව තරගයට මුහුණ දුන්නා. අර්ධ අවසන් පූර්ව තරගයේදී මම තත්ත්පර 9.83කදී දිව්වා.”


උසේන් බෝල්ට්ගේ ස්ථානය අතික්‍රමණය කරමින් පිරිමි මලල ක්‍රීඩාවේ නව සුපිරි තරුව වීම සඳහා අවශ්‍ය ධාවන පථයේ හැකියාව සහ උනන්දුව ඔහුට ඇති බවට ලයිල්ස් දැඩිව විශ්වාස කරයි.

මෙය පුරසාරම් දෙඩීමක් ලෙසට පෙනුණත් ඔහු එය ක්‍රියාවෙන් ම ඔප්පු කරමින් සිටියි.

2015 වසරේ බෝල්ට්ට පසුව, මීටර් 4×100 සහය දිවීමේ රන්පදක්කම් තුනක් තමන් සතු කර ගැනීමට පෙර ලයිල්ස්, ලෝක ශුරතා මීටර් 100 ද්විත්වයක් සහ මීටර් 200 ද්විත්වයක් දිනූ පළමු මිනිසා බවට පත් විය.

 

 

Related Articles