රොනී ගේ අවසන් පිම්ම

රොනී ගේ අවසන් පිම්ම

රෝනේ රොනල්ඩ් ජෝසෆ් ගොඩ්ෆ්‍රි ද මෙල් එසේත් නැතිනම් හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මෙල් අඟහරුවාදා (පෙබ: 27) පස්වරුවේ නික්ම ගියේය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 98 හැවිරිදි හිටපු මුදල් ඇමතිවරය අභාවප්‍රාප්ත විය.

පරිපාලන නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවය ආරම්භ කර ඇති රොනී ද මෙල් රාජ්‍ය සේවය කළ කාලය තුල සිටියදී හොරෙන් දේශපාලනය කල බව පසුව කියා සිටියේය .
ලංකා සිවිල් සේවය

1925 වසරේ අප්‍රේල් 11 වන දා උපත ලැබූ ඔහු 1948 වසරේදී ලංකා සිවිල් සේවයට එක්විය. කර්මාන්ත දෙපාර්තමේන්තුව, වවුනියාව කච්චේරිය, පුත්තලම කච්චේරිය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල සේව්‍ය කළේය .

ජේ ආර් ජයවර්ධන ගේ විවූර්ථ ආර්ථිකය පිලිබඳ දැක්ම මුල්‍ය පරිපාලනය හරහා ක්‍රියාවට නැගුවේ රොනීද මෙල්ය . ඒ ආර්ථික ක්‍රියාවලිය විවාද සම්පන්නය . එක් පාර්ශවයක් පවසන්නේ වෙළඳපළ ආර්ථිකය හමුවේ සමාජ ආරක්ෂණය බිඳ වැටුන බවයි . අනෙක් පාර්ශවය පවසන්නේ තඩි රාජ්‍ය අංශයක් තබා ගනිමින් ආර්ථිකය විවූර්ථ කල බව පැවසීම යථාර්ථ වැදී නොවන බවයි . මේ නිසා කොර ගහන සහ ණය මත පදනම් වූ ආර්ථිකයක් බිහිවූ බව මේ විවේචකයෝ පෙන්වා දෙති .මේ මොන විවේචන තිබුනද තමන්ගේ වාසිය වෙනුවෙන් මුදල් ඇමති කම භාවිතා කල බවට චෝදනා රොනීද මෙල්ට එරෙහිව නැගුන බවක් මතක් වන්නේ නැත

පැතිමරු දේශපාලනය

ගල්කිස්ස, සාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ වේය. ඔහු ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත්තේ ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක් සහ ඉතිහාසය හදාරමිනි .

ලංකා සිවිල් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු දේශපාලනයට පිවිසුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ 1965 වසරේදී බිබිල ආසනය තරඟ කරමිනි .එවර ඔහු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූ ධර්මදාස බණ්ඩාට පරාද විය.

1970 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවිනුවර අපේක්ෂකයා ලෙස තරග වදිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු විය. 1977 වසරේදී ඔහු යළිත් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ , එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි.

අයවැය වැඩිම වතාවක්

ඉන්පසු ඔහු 1977 වසරේ සිට 1988 වසර දක්වා වසර 11ක් පුරා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යටතේ මුදල් අමාත්‍ය ධූරය දැරීය.පසුව ඇතිවූ දේශපාලන වෙනස්කම් සමඟ ප්‍රේමදාස යුගයේ ඔහු පසු පෙළට තල්ලු වී ගියේය .

ශ්‍රී ලංකා අයවැය ඉතිහාසයේ වැඩි ම වාර ගණනක් අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරුන් දෙදෙනාගෙන් රොනී ද මෙල් එක් අයෙකි. අනෙකා මහින්ද රාජපක්ෂ ය.
ඔවුන් දෙදෙනා ම 11 වරක් අයවැය ඉදිරිපත් කොට ඇත .

කාලීන යථාර්ථය

නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවේ ඇති කිරීම සම්බන්ධයෙන් පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ ඔහු, වික්ටෝරියා, රන්දෙණිගල ආදී දැවැන්ත ව්‍යාපෘති, නිදහස් වෙළෙඳ කලාප ආදිය ඉදිකිරීම සඳහා යුරෝපා රටවල සහ මෙරිකාව වැනි ප්‍රබල රටවල් සමග සාකච්ඡා කර අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමට සමත් විය එහෙත් ඔහුට කාලීන යථාර්ථයන්ට ගැලපෙන දැක්මක් තිබුනේද යන ප්‍රශ්නය මතුවේ .

දේශපාලනිකව පැති මාරු කළ රොනී ද මෙල් හඳුන්වාදීම සඳහා ඇත්ත පුවත්පත ‘රොනී පනී’ , රොනී පනීද පිල් , සහ ‘රොනී ද මෙල් – රොටී ද පොල්’ වැනි යෙදුම් භාවිතා කළේය .

Related Articles