රේගුවේ මහා හොරයක්

රේගුවේ මහා හොරයක්

රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කර ඇත. එම නිලධාරීන් ග්‍රේ ලයින් 2 භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට මුහුණ දෙමින් සිටිති.

රේගු පරීක්ෂණ හෙළිදරව්වට අදාලව, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයකු සහ රේගු අධිකාරිවරයකු වැඩ තහනම් කළ නිලධාරීන් අතර සිටින බවත්, නිලධාරිනියක් මෙවැනි බරපතල සිද්ධියකට සම්බන්ධ වීම විශේෂයෙන් කැපී පෙනෙන බවත් එම උසස් නිලධාරියා පවසා සිටියේය.

මෙම බහලුමේ තිබූ මෙරට ලියාපදිංචි නොකළ සුවඳ විලවුන් සහ ආලෝපනවල වටිනාකම රුපියල් කෝටියකට අධික විය හැකි බව එම නිලධාරියා සඳහන් කළේය.

එම බහලුමේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු යැයි චෝදනාවට පසුගිය ජනවාරි මස රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවුවද ඔහු දඩ මුදල් ගෙවා නොමැති බවත්, රේගු නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු දිනය වූ මෙම මස 12 වැනිදා ලේඛණ වෙනස් කර රේගුවෙන් පිටකර ඇති බවත්, රේගු මධ්‍යම මිල පිරික්සුම් අංශයේ තිබූ එම බහලුමට අදාල ලිපිගොනුවේ සත්‍ය ලේඛණ පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ලේඛණ හදුනාගැනීමට හැකිවූ බවත්, රේගු දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත්, මෙවැනි දූෂිත ක්‍රියා හේතුවෙන් ශරීර සෞඛ්‍යට අහිතකර මෙන්ම පිළිකාකාරක සහිත ආලේපන වර්ග, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ, බාල ඖෂධ සහ පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළෙඳපොලට යෑම වැළැක්විය නොහැකි බවත් එම නිලධාරියා සඳහන් කළේය.

Related Articles