රුහුණු  කකුළුවා  ගාල්ලේ

රුහුණු කකුළුවා ගාල්ලේ

දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ඒකදේශීය මිරිදිය කකුළු විශේෂයක් වන Pastilla ruhuna (පැස්ටිලා රුහුණ) නම් මිරිදිය කකුළු විශේෂය පළමු වරට ගාල්ල නගරය ආශ්‍රිත පරිසරයෙන් හමුව ඇති බව පර්යේෂකයෙකු හා ශ්‍රි ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ අධ්‍යාපන නිලධාරීයෙකු වන ක්‍රිෂාන් වේවැල්වල පවසයි.

Pastilla ruhuna මෙම මිරිදිය කකුළු විශේෂය 2001 දී සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පීටර් කේ.එල්. නග් (Peter K. L. Ng ) සහ ෆ්‍රැන්සිස් ඩබ්ලිව්.එම්. ජේ (Francis W. M.Jay ) විසින් විද්‍යාත්මකව විස්තර කරන ලද විශේෂයක් බව ඔහු සඳහන් කළේය.

මෙම ගණයේ දැනට ලෝකයේ වාර්තා වන්නේ මෙම විශේෂය පමණක් බැවින් ඒකදේශීය ගණයක් (Monotypic Genera) ලෙසද හඳුන්වයි

 

මෙම විශේෂය අනෙකුත් සියලුම කකුළුවන්ට වඩා පැහැදිලි වෙනස්කම් කිපයක් දරයි.

මෙම කකුළුවා මුලින්ම ගාල්ල දිස්ත්‍රික්කයේ රක්ෂිත ස්ථාන දෙකකින් හමුවු අතර ඉතාම කාර්යබහුල නාගරික පරිසරයකින් හමුවු පළමු අවස්ථාව මෙය බවද ක්‍රිෂාන් වේවැල්වල පැවසීය.

පර්යෙෂකයෙකු මෙන්ම සංරක්ෂණවේදියෙකු වන ක්‍රිෂාන් වේවැල්වල සහ ලංකාවේ මෙන්ම ඉන්දියාවේද මිරිදිය කකුළුවන් පිළිබඳ විද්වතෙකු වන එම්.එම් බාහිර් විසින් මෙම කකුළුවා ගාල්ල නගරය ආශ්‍රිත නාගරික පරිසරයෙන් සොයාගෙන තිබේ.

නාගරික ප්‍රදේශයක් වු ගාල්ල කරාපිටිය ආශ්‍රිත ප්‍රදේශයෙන් මෙම කකුළු විශේෂය වාර්තා වී තිබේ.

නමුත් මීට අවුරුදු 10 කට පමණ පෙර ස්ථාන කිහිපයකින් වාර්තා වූ මෙම විශේෂය අද වන විට වාසස්ථාන හතරක් දක්වා පහත වැටී ඇත.

අද වන විට මෙම කකුළුවා මුලින්ම හමුවු ස්ථාන දෙකෙන් එක් ස්ථානයකින් සදහටම වඳවී ගොස් ඇති බවත් ඔහු පැවසීය

මේ වනතෙක් කරදිය ජලයේදී හමුවූ වාර්තා ඇත්තේ එක් අවස්ථාවක් පමණක් වන අතර ඉතිරි සියල්ල මිරිදිය ජලයට සැලකිය යුතු දුරකින් සාදාගත් පොළව මතුපිට සිට අඩි 03 – 04 ගැඹුරු ගුල් සාදා එවා තුළ ජීවත්වන බව සොයාගෙන තිබේ.

මෙම විශේෂය අනෙකුත් සියලුම කකුළුවන්ට වඩා පැහැදිලි වෙනස්කම් කිපයක් දරයි.

විශේෂයෙන්ම මොවුන් රාත්‍රි කාලයේ දී පමණක් දැකගත හැකි සත්ව විශේෂයක් බවද ඔහු පැවසීය

මෙම පැස්ටිලා යන ඝන නාමය ලතින් භාෂාවෙන් පැස්ටිලස් යන වචනෙන් සාදාගත් නමක් වන අතර එහි අරුත වන්නේ කුඩා රවුම් බෝලය යන්නයි.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙන් හමුවන බැවින් විශේෂ නාමයට රුහුණ යන නම යොදා ඇත.

මෙම විශේෂය දැනට හමුවන ස්ථාන සියල්ලක්ම ආසන්නයේ ඇති දිය කඩිති බොහෝමයක තත්ත්වය ඉතාම අයහපත් බවත් තවමත් මෙම විශේෂය එම ස්ථානවල සිටිමට ප්‍රධානතම හේතුවක් විය හැක්කේ සෘජුවම ජලයේ ජීවත් නොවීම විය හැකි බවද ඔහු පැවසීය.

මෙම විශේෂය දිවා කාලයේ මොවුන් විසින් සාදා ගත් ගුල් තුළ සැඟවී සිටින අතර රාත්‍රියේදී පස මතුපිටට පැමිණෙන බවත් මොවුන් තමන්ගේ බල ප්‍රදේශයක් නිර්මාණය කර ගන්නා බවක් දැකිය හැකි අතර, කම්පනයට ඉතාම සංවේදී බවක් ද නිරීක්ෂණය කර තිබේ.

Pastilla ruhuna (පැස්ටිලා රුහුණ) මෙම මිරිදිය කකුළු විශේෂය 2001 දී සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පීටර් කේ.එල්. නග් (Peter K. L. Ng ) සහ ෆ්‍රැන්සිස් ඩබ්ලිව්.එම්. ජේ (Francis W. M.Jay ) විසින් විද්‍යාත්මකව විස්තර කරන ලද විශේෂයක් බව ඔහු සඳහන් කළේය.

ගුලේ කට අවට වැටෙන ආහාර ගැන බොහෝ සංවේදි වන අතර, අනෙක් බොහෝ කකුළුවන් මෙන් සර්වභක්ශක වේ.

ලංකාවේ මේ වනවිට මිරිදිය කකුළු විශේෂ 52 ක් වාර්තා වන අතර එයින් 51 ලංකාවට ආවේණික වේ.

මෙරට වාර්තාවන සියලුම සත්ව කාණ්ඩවලින් වැඩිම ආවේණිකත්වයක් දක්වන්නේ මිරිදිය කකුළුවන් බව ක්‍රිෂාන් වේවැල්වල වැඩිදුරටත් සදහන් කළේය.

ලංකාවේ මිරිදිය කකුළුවන් පිළිබඳව සිදුව ඇති පර්යේෂණ ප්‍රමාණය ඉතාම අවම වන අතර, ඒ හේතුවෙන් මොවුන් ගැන අපි දන්නා තොරතුරු ප්‍රමාණයට වඩා නොදන්නා ප්‍රමාණය බොහෝ වැඩි බව ද ඔහු පැවසීය.

ඇති ප්‍රයෝජන
එසේම මිරිදිය කකුළුවන්ගෙන් මිනිසාට වාසි රැසක් අතර, විශේෂයෙන්ම ජලයේ කසල ශෝධකයකුගේ ක්‍රියාවලිය සැලකිය යුතු ප්‍රමාණයකට කකුළුවන් විසින් ඉටු කිරිම සැලකිය හැකිය.

එබැවින් මොවුන්ගේ පාරිසරික වටපිටාව දුෂණය නොකර ආරක්ෂා කිරිම මිනිසුන් වන අප හැමගේ වගකීමක් වනු ඇති බව ද ක්‍රිශාන් වේවැල්වල වැඩිදුරටත් සඳහන් කළේය.

(BBC)

 

Related Articles