රුක්මන්   දිවිසැරිය නිම කරයි

රුක්මන් දිවිසැරිය නිම කරයි

රුක්මන් සේනානායකයන් වයස 76 දී දිවිසැරිය නිම කරයි

ලංකාවේ කීර්තිමත් දේශපාලන පවුලක් වන සේනානායක පවුලේ ජනකාන්ත දේශපාලන නායකයකු වූ රුක්මන් සේනානායක මැතිතුමා වයස 76 දී එනම් 2024 අගෝස්තු 24 දින ස්වකීය දිවිසැරිය නිමාකොට තිබේ.එතුමා මෙරට ජීවත් වූ කිසිම වැරැද්දකින් නොකිලිටි වූ පිරිසිදු දේශපාලන චරිතයකට ගමන් මගකට හිමිකම් කී දුර්ලභ නායකයකු විය .එතුමා ඩී එස් සේනානායක මැතිතුමා ගේ මුණුබුරාය.එතුමාගේ දෙමාපියන් වූයේ රොබට් සේනානායක සහ ස්වර්ණ නීලා සේනානායක ය. ඔවුන්ගේ බාල පුත්‍රයා වූයේ රුක්මන් සේනානායකය.ඔහු උපත ලැබුවේ 1948 ජුනි 21 වැනිදාය. ඔහුගේ මවගේ පියා වූ එෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායකගේ වැඩිමහල් සහෝදරයාය. ඔහුගේ පියාගේ මල්ලී වූයේ ඩඩ්ලි සේනානායක මහතාය.එතුමා වාර හතරකදී ලංකාවේ අගමැති ලෙස කටයුතු කළේය . ඔහුගේ මාමා වූ ආර්.ජී. සේනානායක මහතාය.ඔහු 1952-53 කාලය තුළ වෙළෙඳ හා වාණිජ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඔහුගේ පියා රොබට් සේනානායක ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් විය. ඔහුගේ වැඩිමහල් සහෝදරයන් වූයේ දේවින්ද සේනානායක සහ රංජිත් සේනානායක ය. ඔහු අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන්‍ ය.

රුක්මන් සේනානායක මැතිතුමා සිය පියාගේ සහෝදරයා වූ ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසුව දැදිගම ආසනය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් 1973 දී ප්‍රථම වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටද පිවිසියේය.

 

ඔහු 1977 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළද 1977 මහ මැතිවරණයට ඉදිරිපත්වීමට ජේ ආර් ජයවර්ධන ඉඩ නොදුන්නේය. 1994 දී රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් දෙවැනි වරටත් පාර්ලිමේන්තුවට පිවිසියේය.

ඔහු 2001 දක්වා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසද කටයුතු කළේය. නැවතත් 2001 වසරේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පරිසර හා ස්වභාවික සම්පත් කැබිනට් අමාත්‍යවරයා ලෙසද පත් විය. රුක්මන් සේනානායක මහතා 2004 වසර දක්වා කැබිනට් අමාත්‍ය ධුරය හෙබවීය. 2004 මහ මැතිවරණයෙන් ඔහු නැවත පාර්ලිමේන්තුවට පිවිසියේය. 2007 දී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙසත් 2008 දී උප නායක ලෙසත් එතුමා පත් විය.මේ විශිෂ්ට නායකයා ටික කලක් අසනීපව සිට 2024 අගෝස්තු 24 වන දින වයස අවුරුදු 76 දී මිය ගියේය.ඉතා දිගු කාලයක් ලෙන්ගතු ව ඇසුරු කළ රුක්මන් සේනානායක මැතිතුමනි ඔබතුමාට නිවන් සුව ලැබේවා .

 

 

මේ සටහන තැබූ දේශපාලන විත්ති විශ්ලේෂක ගාමිණි ගුණසේකර සමඟ රුක්මන් සේනානායක

 

 

 

 

Related Articles