හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පසු ගියදා මතුගම බදුරලිය ප්‍රදේශයට ගියේ කටු පොල් වලට නව ජීවයක් දිය හැකිද යන්න හොයා බැලීමටය. අහිතකර පාරිසරික බලපෑම් හේතුවෙන් කටු පොල් වගාව මේ වන විට පාලනය කොට ඇත . එහෙත් ව්‍යාපාරික වශයෙන් මෙය ව්‍යාප්ත කිරීමට උත්හසාහ කරන පිරිස් වැඩේ අත්හරින්නේ නැත.
අක්කරයකින් මසකට රුපියල් 75,000ක ශුද්ධ ආදායමක් ලැබිය හැකි බැවින් මේ වගාවට ඉඩ දිය යුතු බවයි කටු පොල් වගා ව්‍යාපාරිකයින් කියා සිටින්නේ. ඇතැමුන් පවසන අන්දමට කටු පොල් වගාවෙන් පරිසර විනාශයක් සිදු වන්නේ නම් මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල ප්‍රධාන අපනයන බෝගයක් ලෙස කටු පොල් මෙතරම් ව්‍යාප්ත සහ ප්‍රවර්ධනය කොට ඇත්තේ මන්දැයි කටු පොල් වගා කරුවෝ ප්‍රශ් න කරති .
විද්වත් කමිටුව:
කටුපොල් වගාව තුළින් සිදුවෙන පාරිසරික සහ සාමාජීය බලපෑම් පිළිබඳව අධ්‍යයනය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පත්කරන ලද විද්වත් කමිටුව කියා සිටියේ මෙම බෝගය තවදුරටත් ලංකාවේ ව්‍යාප්ත කිරීමට සුදුසු වගාවක් නොවන බව යි
දි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, කෘෂි විද්‍යා පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා රබර් පර් යේෂණ ආයතනය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය යන ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අධ්‍යයන කමිටුව පැවසුවේ වැඩුණු කටුපොල් ශාකයක වාෂ්පීභවන හා උත්ස්වේදන ශීඝ්‍රතාව වියළි කාලයේදී දිනකට ලීටර 500-600 ක් අතර සහ සාමාන්‍ය දින වලදී දිනකට ලීටර 400 ක් පමණ ඉහළ අගයක් ගන්නා බවයි
වර්ෂාව රහිත කාලයේ දී කටුපොල් වගාබිම් අවට පවතින ළිං සහ දිය පහරවල් වල ජලය ඉතා සීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබෙන බව නිරීක්ෂණය වී තිබේ. බෑවුම් සහිත ප්‍රදේශවල පවතින කටුපොල් වගාවන්වල පාංශු ඛාදනය සාපේක්ෂව ඉහළ අගයක් ගැනීම තවත් ගැටලුවකි.
බැවුම් සහිත ප්‍රදේශවල වගා වේදිකා ඉදිකිරීම හා කටුපොල් ගස් අවට පස නිරාවරණය කිරීම මගින් මෙම තත්ත්වය වඩාත් උග්‍ර වේ.
පාම්තෙල් සැකසුම් කර්මාන්තය මගින්, පරිසර දූෂක කාරක විශාල ප්‍රමාණයක් ජනනය වීම සහ ජනනය වන අප ජලය පිරිපහදු කිරීම අපහසුවීම කටුපොල් ගැන පැනනැගී ඇති තවත් ගැටළුවකි.