රනිල්  හසිනාට  වැරදුන තැන  කියයි

රනිල් හසිනාට වැරදුන තැන කියයි

ෂෙයික් හසීනා මීට පෙර කලීඩා සියා නිදහස් කලා නම් ඇයට මේ ඇබැද් දිය සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

” මේ මොහොතේ ඇත්තටම වැටී සිටින පුද්ගලයෙකු ගැන හොඳ වචනයක් ප්‍රකාශ කිරීම සාධාරණ යැයි මම සිතනවා. කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා. බංග්ලාදේශයේ තත්ත්වය ඉක්මනින් සමථයකට පත්වේවායි අප ප්‍රාර්ථනා කරනවා. බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට මට සැකයක් නැහැ. කෙටි කාලීනව යම් යම් ප්‍රශ්න ඇති වේවි, නමුත් මතක තබා ගන්න ශ්‍රී ලංකාවේ අපටත් ඒ දේම සිදුවුණා. බංග්ලාදේශයේ විශාලතම ආයෝජකයින්ගෙන් අප ද එක් රටක් වන නිසා අපි ඒ රටේ රැකියා අවස්ථා ඇති කර තිබෙනවා”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (06) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමිනි.

“. ෂෙයික් හසීනා මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගියත්, අප ඉතා අසීරු අවස්ථාවක සිටිදී ඇය අපේ රටට ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මම සිහිපත් කළ යුතුයි.” යැයි ජනාධිපති වරය පැවසීය

 

 

 

 

“ඒ නිසා මේ මොහොතේ ඇත්තටම වැටී සිටින පුද්ගලයෙකු ගැන හොඳ වචනයක් ප්‍රකාශ කිරීම සාධාරණ යැයි මම සිතනවා. කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා. බංග්ලාදේශයේ තත්ත්වය ඉක්මනින් සමථයකට පත්වේවායි අප ප්‍රාර්ථනා කරනවා. බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට මට සැකයක් නැහැ. කෙටි කාලීනව යම් යම් ප්‍රශ්න ඇති වේවි, නමුත් මතක තබා ගන්න ශ්‍රී ලංකාවේ අපටත් ඒ දේම සිදුවුණා. බංග්ලාදේශයේ විශාලතම ආයෝජකයින්ගෙන් අප ද එක් රටක් වන නිසා අපි ඒ රටේ රැකියා අවස්ථා ඇති කර තිබෙනවා

Related Articles