රනිල් මස් රාත්තලේ ඩීල් ප්‍රතික්ෂේප කරයි

රනිල් මස් රාත්තලේ ඩීල් ප්‍රතික්ෂේප කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැසිල් රාජපක්ෂ ඉදිරපත් කරන දැඩි කොන්දේසි ප්‍රතික්ෂේප කොට ඇත.


පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් නාමිකව ඉදිරිපත් කොට යටින් ප්‍රදේශීය මට්ටමේදී රනිල් වික්‍රමසිංහට උදව් කිරීම එක් සැලැස්මක් වන අතරම ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහට කෙළින්ම සහයෝගය දෙන සන්ධානයක් ගොඩනැගීම අනෙක් සැලැස්මයි.

මේ පිළබඳව පැවති සාකච්ඡාවෙදී බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන ආයතන සදහා සියයට අනූවක් පාර්ලිමේන්තුව සදහා සියයට හැත්තෑවක් සහ පළාත් සභා සදහා සියයට හැත්තෑවක කෝටාවක් පොහොට්ටුවට ඉල්ලා ඇත.

මෙම කෝටාව  පොහොට්ටුවට ලබා දුනහොත් සෙසු පාර්ශවකරුවන්ට දීමට යමක් ඉතිරි නොවන බව රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත.

සන්ධානයක් ගොඩ නගනවා නම් පලාත් පාලන ආයතන සදහා සියයට තිහක් පලාත් සභා සදහා සියයට තිස් පහක් හා පාර්ලිමේන්තුව සදහා සියයට හතලිහ කෝටාවක් පොහොට්ටුවට ලබා දිය හැකි බවයි.

විකල්පයක්

මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ අවම කොන්දේසි ඇතුව මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ හට සහයෝගය දැක්වීම හැර අන් විකල්පයක් නොමැති බවයි .

මේ වන විට රාජපක්ෂවරුන් අත්හැර දමා කෙළින්ම රනිල් වික්‍රමසිංහ හා එක්වෙන පොහොට්ටු මන්ත්‍රීවරුන් ගේ ගණන වැඩිවෙමින් පවතින හෙයින් බැසිල් රාජපක්ෂ ගේ කේවල් කිරීම අසාර්ථක වීමට ඉඩ තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  (27) ගාල්ලේදී සංවිධානය කර තිබූ දේශපාලන රැළියට අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, අලි සබ්‍රි හා රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, ගීතා කුමාරසිංහ ඇතුළු පිරිසක් එක්වී තිබේ.
ඊට අමතරව අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ද රනිල්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වූයේය. ඔහු කලාවැව ආසනය නියෝජනය කරන්නෙකි. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාද බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් ව තිබේ නැවත ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිතය.

Related Articles