රනිල්ගේ අපේක්ෂකත්වය සැකයි

රනිල්ගේ අපේක්ෂකත්වය සැකයි

ස්වාධීන පොදු අපේක්ෂකයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බවට වාර්තා පළවී ඇතත් මේ වනතෙක් ඒ ගැන නිශ්චිත තීන්දුවක් ගෙන නැත.

දැනට පවතින ජනමත විමසුම් අනුව රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය කිරීම ඉඩක් නොමැත.

මෙම තත්ත්වය හමුවේ තුන්වන ස්ථානයට පත් වී පරාජිත අපේක්ෂකයෙක් ලෙස දේශපාලනයෙන් පිහිටනවා පිටමං රනිල් වික්‍රමසිංහ කිසිසේත්ම කටයුතු නොකරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

චම්පික රණවක

මේ අතර වාරයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව පවසමින් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය තමන්ට ලබාදෙන මෙන් පාටලී චම්පික රණවක බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලීමක් කොට ඇත.

මේ වන විට සමගි ජන බලවේගය සමඟ මත ගැටුමක නිරතව සිටින චම්පික රණවක දේශපාලන වශයෙන් අස්ථානගත වී සිටින බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

විටෙක සුළු ජාතීන්ගේ ඡන්දයෙන් තොරව බලයට පත්වීමේ මහිමය පෙන්වා දුන් චම්පික රණවක පසුකාලීනව ඒ සියල්ල අමතක කොට යහපාලන සභාග ආණ්ඩුවට එක්විය.

තවත් අවස්ථාවකදී චම්පික රණවක – රාජපක්ෂවරුන් දැඩි ලෙස දූෂිත බව කියා සිටියේය. මේ වනවිට ඔහු බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කරමින් පොරොත්තුවේ පොහොට්ටුවේ යනාධිපති අපේක්ෂකයා ලෙස තමන්ව පිළිගන්නැයි රාජපක්ෂවරුන්ගෙන් ඉල්ලා සිටී.

Related Articles