සංචාරක තුළින් උපයන විදේශ විනිමය ඉපයීම වැඩි කර ගැනීම පිළබඳව නිතර කථා බහ ඇති වුනත් පැමිණෙන සංචාරකයින්ට පහසුකම් තිබේද යන්න ප්රශ්නයකි. 2019 පසු ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම මේ ව විට මිලියනය ඉක්මවා ගොස් ඇත . මේ පැමිණෙන සංචාරකයින් කොපමණ වියදම් කරනවාද යන්න වෙනමම කථාවකි.
හැමදාමත් සීගිරිය ,පොලොන්නරුව,අනුරාධපුරය ආදියත් සුන්දර දිය ඇලි සහ බටලීයේ කජු කෙල්ලන්ගේ සිනහව තොරොම්බල් කරමින් නවීන සංචාරක ව්‍යාපාරයක් පවත්වා ගෙන යෑම අසීරු විය හැකිය.
ත් අන්තර්ජාල පහසුකම් ප්‍රමාණවත් නොවීම, වැඩිපුර මුදල් අය කිරීම, වැසිකිලි පහසුකම් නොමැති වීම, විදුලිය නොමැති වීම, අනතුරුදායක ලෙස රිය පැදවීම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් සංචාරකයින් කණස්සල්ල පළ කරන බව BBC සිංහල සේවය කළ ගවේෂණයක දී අනාවරණය වී ඇත විය.
විශාල ප්‍රාග්ධන අවශ්‍යතාවක් නොමැතිව ඇතැම් ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව ඇති බව සංචාරක කර්මාන්තයේ නිරත වූ අය පැවසූහ. තමන්ට වැඩක් කරන්නට නොදෙන බව කියන සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ නැගෙන චෝදනා සියල්ලම සත්‍ය බවයි.
‘හැම අඩුපාඩුවක්ම ඇත්ත. මට තියෙන කණගාටුව ඇයි තවම මේවා හැදිලා නැත්තේ කියලා. මම දකින විදියට සංචාරක අමාත්‍යාංශය තුළින් සංචාරක කර්මාන්තයට කළ යුත්තේ 10%ක වැඩ කොටසක් විතරයි. මොකද සංචාරක ව්‍යාපාරයම කියන්නේ පුද්ගලික දෙයක්. හෝටල්, රෙස්ටුරන්ට්, සෆින් ක්ලබ් මේ හැම එකක්ම අයිති පුද්ගලික අංශයට. රජය අමාත්‍යාංශය තුළින් කරන්නේ නියාමනයන් ගේන එක. නීතිරීති දාන එක. අධීක්ෂණය කරන එක. බලපත්‍ර දෙන එක. නමුත් හරිම අවාසනාවකට මේ 10%ත් අද වෙනවා ද කියන එක ප්‍රශ්නයක්.” යනුවෙන් BBC සිංහල සේවයට පැවසුවා ය.