මුහම්මද් යුනුස් රොටිය පුච්චයිද ?

මුහම්මද් යුනුස් රොටිය පුච්චයිද ?

මුහම්මද් යුනුස් දැන් බංගලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා වී සිටී .

La Gaceta De Mexico - Bangladesh Nobel winner Yunus to lead interim govt

ඔහු බංගලාදේශයේ බලයෙන් පහකළ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ දිගුකාලීන දේශපාලන ප්‍රතිවාදියා විය

ෂෙයික් හසීනා දේශපාලන ප්‍රතිවාදින් ඉවසුවේ නැත.

පුරවැසි බලය

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබා මාස කිහිපයක් ඇතුළත ඔහු දේශපාලනයට සම්බන්ධ විය. “මම දේශපාලනයට හුරු පුරුදු කෙනෙක් නෙවෙයි” ඔහු එවක ප්‍රකාශ කළේය. “නමුත් බලකිරීමක් ලදහොත් දේශපාලනයට සම්බන්ධ වීමට මම පසුබට වෙන්නෙ නැහැ.”යයි කියා සිටියේය

2007 දී, ඔහු නගෝරික් ශක්ති (පුරවැසි බලය) නම් දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළේ දශක ගණනාවක් තිස්සේ හසීනා සහ ඇගේ ප්‍රතිවාදී ඛලීඩා ෂීයා විසින් ආධිපත්‍යය දැරූ දේශපාලන පද්ධතියක තුන්වන පාර්ශවයක් වීමේ උත්සාහයක් ලෙස ය.

ඒ සමඟම ෂෙයික් හසීනා එරෙහිව විමර්ශන රැසක් ආරම්භ කළාය .මුහම්මද් යුනුස් 1970 දශකයේදී ආරම්භ කළ ග්‍රාමීන් ක්ෂුද්‍ර මූල්‍යකරණ වැඩ පිළිවෙල ෂෙයික් හසීනා ගේ විවේචනයට ලක් විය .

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහාචාර්ය යූනුස් දිළිඳු ජනතාවගේ “ලේ උරාබොන්නෙකු” ලෙස හඳුන්වා දීමට පසුබට වුයේ නැත .

 

ග්‍රාමීන් බැංකුව අසාධාරණ ලෙස අධික පොළී අය කරන බව ඇය චෝදනා කළාය .

බංගලාදේශයේ දිලිඳුම ජනතාව වෙනුවෙන් ආරම්භ වූ ග්‍රාමීන් වැඩපිළිවෙල මේ වන විට ජාත්‍යන්තර අවධානයට ලක් ව තිබුන හෙයින් ජාත්‍යන්තරයද මැදිහත් විය.

බංග්ලාදේශයේ අධිකරණයක් විසින් එරට කම්කරු නීති උල්ලංඝණය කිරීම හේතුකොට ගෙන මුහම්මද් යූනුස්ට හයමසක සිර දඬුවමක් පැනවීය .

අසු හතර වියේ පසුවෙන මුහම්මද් යූනුස්ට විරෝධතා කණ්ඩායම් වල සහයෝගය මෙන්ම ජත්‍යන්තර පිළිගැනීමද ඇත .

ප්‍රධාන අභියෝගයවන්නේ එකිනෙකාට එරෙහි සියළු පාර්ශව එක මේසයකට කැඳවා ගැනීමයි .

Nobel Peace winner Muhammad Yunus to lead Bangladesh interim government

තැටිය රත්වී ඇත -පුච්චයිද රොටිය?

බංග්ලාදේශය දුෂණය සහ දේශපාලන අවභාවිතව පිළිබඳව නම් දරාපු රටකි . සියළු කූටකයින් එක්රැස් කර ගෙන (රනිල් වික්‍රමසිංහ ලංකාවේදී කලාක් මෙන් ) පරණ පුරුදු පාරේ ගමන් කිරීමට මුහම්මද් යූනුස් කටයුතු කළහොත් ඔහු අනිවාර්යයෙන්ම පරාජය වෙනු ඇත .මන්දයත් බංග්ලාදේශ තරුණයින් ෂෙයික් හසීනා වෙනුවට කලිදා සියා ඉල්ලා සිටියේ නැත . බංග්ලාදේශ තරැණ පරපුර ඉල්ලා සිටින්නේ අලුත් රටකි. තමන් ගේ සිතුවිලිවලට සංවේදි රටකි.මේ මගේ රට යැයි කියන්න පුළුවන් රටකි .තෙම්පරාදු වී සිටින ඇම්ඩන්ලා සමඟ අලුත් රටකට ගමනක් නැති බව මුහම්මද් යූනුස්ට මේ වන විට හොඳ හැටි පැහැදිලි වී ඇතුවාට සැක නැත. එදා ඔහු තුන්වෙනි බලවේගයක් ගොඩනැගීමට උත්සාහ කළේ ඒ නිසා විය හැකිය .
දැන් දෙවෙනි තුන්වෙනි නොව ඔහු පළමුවෙනියා වී ඇත . ඔහු ගේ ගමන් මග දෙස අපිත් බලා සිටිමු . මේ දකුණු ආසියාව පුරා නැවුම් සුළඟක් හමා යන කාලය විය හැකිය .

රුවන් චන්ද්‍ර වික්‍රමසිංහ

Related Articles