“මැතිවරණ පැමිණිලි වාර්තා කිරීමට විශේෂ දුරකථන අංක නිකුත් කර තිබේ”

“මැතිවරණ පැමිණිලි වාර්තා කිරීමට විශේෂ දුරකථන අංක නිකුත් කර තිබේ”

මැතිවරණ ආරවුල් නිරාකරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ ඒකකය මගින් විශේෂ දුරකථන අංක කිහිපයක් නිකුත් කර තිබේ.

ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (සැප්. 16) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ, එළැඹෙන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව, ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට බාධා වන සිද්ධි, මැතිවරණ නීති උල්ලංඝණ කිරීම, සහ ඡන්ද දිනයේ දී සිදුවන අනීතික ක්‍රියා වාර්තා කිරීම සඳහා විශේෂ දුරකථන අංක හඳුන්වා දී ඇති බවය.”

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ, රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය වෙත අදාළ සිද්ධීන් හැකි ඉක්මනින් වාර්තා කරන ලෙස බව එම නිවේදනයේ සඳහන් වේ.

එම දුරකතන අංක පහතින් දැක්වේ.

Related Articles