මැතිවරණ දිනේ සහ පසු දා කලබල නොකරන්න

මැතිවරණ දිනේ සහ පසු දා කලබල නොකරන්න

ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර මට්ටමේ සහයෝගය ලබා දෙන අතර, මෙතෙක් පැවති සාමකාමී තත්ත්වය මැතිවරණ දිනයේද, පසුවද බලාපොරොත්තු වන බව, රුසියානු සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂක ශෙව්චෙන්කෝව් එව්ජෙනී ප්‍රකාශ කරයි.

“ඔහු මේ ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී (සැප්. 19) පැවති මාධ්‍ය හමුවකදී කළේය.

රුසියානු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකවරයා ප්‍රකාශ කළේ, ලිපිගොනු හා තාක්ෂණික සහයෝගය ලබා දී ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමට විශේෂයෙන් හොඳ සහයෝගයක් ලබා දී ඇති බවයි.

ඔහු සඳහන් කළේ, සැප්තැම්බර් 21 වන දා කිසිදු පාර්ශවයකට බලපෑමකින් තොරව සාමකාමී මැතිවරණයක් පවත්වන බවට නිරීක්ෂණය කිරීම සඳහා සියළුම සූදානම් කටයුතු සම්පූර්ණව තිබේ යැයි ය.

ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා, බංග්ලාදේශය, නේපාලය, රුසියාව, පිලිපිනය, භූතානය, මාලදිවයින හා තවත් රටවල් 7ක ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.

ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා, මෙම ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ඊයේ (සැප්. 18) ශ්‍රී ලංකාවට පැමිණියේය.

මේ අතර, කොළඹ, යාපනය, ගාල්ල ඇතුළු ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ ආවරණය කරමින් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බව, මාලදිවයින නියෝජනය කරමින් පැමිණි නිරීක්ෂක ෆුවාඩ් තවුෆීක් විසින් සටහන් කළේය.

ඔහු පැවසුවේ, ජනාධිපතිවරණ දිනයේදී ඡන්දය ලබා දීමට යන විට, ඡන්දදායකයා නිසි පරිදි සූදානම් විය යුතු බවයි. 38ක් වූ අපේක්ෂකයන්ගේ තරගය හේතුවෙන්, ඡන්දදායකයාගේ සලකුණ ඡන්ද පත්‍රිකාවේ සඳහන් කරන ස්ථානය පිළිබඳ දළ අදහසක් ලබාගෙන, ඡන්ද මධ්‍යස්ථානය වෙත යාමට පෙර සූදානම් වීම කාලය සුරැකීමට උපකාරී වනු ඇති බවයි.

නීතියට අනුව සෑම නිලධාරියකුම තම සේවය ඉටු කිරීමෙන් සහ ඡන්දදායකයා සාමකාමීව කටයුතු කිරීමෙන් පමණක් සාර්ථක මැතිවරණයක් පවත්වා ගත හැකි බව, මාලදිවයින නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි මැතිවරණ නිරීක්ෂකවරයා ප්‍රකාශ කළේය.

මෙම ජාත්‍යන්තර නියෝජිතයින්ට අමතරව, යුරෝපා සංගමය නියෝජනය කරමින් 80 ක් පිරිසක්, පොදු රාජ්‍ය මණ්ඩලයෙන් දෙදෙනෙකු, සහ දේශීය මැතිවරණ නිරීක්ෂකයන් හා සිවිල් සංවිධාන මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිතයි.”

 

Related Articles