මැතිවරණ කොමිසම කල් මරන්නේ ඇයි?

මැතිවරණ කොමිසම කල් මරන්නේ ඇයි?

ජනාධිපතිවරණය පවත්වන්නේ කවදාදැයි නිශ්චිතව නියම කිරීමේ හැකියාව මේ වන විට මැතිවරණ කොමිසමට ඇත.

 

ජනාධිපතිවරණය පිළිබඳ විවිධ සැක සංකා මතුව තිබෙන අවස්ථාවලදී හැකි ඉක්මනින් ජනාධිපතිවරණ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීම බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

මේ අවස්ථාවේදී ජනාධිපතිවරණ දිනය තවමත් නියම කොට නොමැති හෙයින් ජනාධිපතිවරයාට තම ධුරය භාවිතා කොට ප්‍රචාරක කටයුතුවල නිරතවීමේ අයිතිය ලැබේ. මෙය සෙසු අපේක්ෂකයින්ට කරන අසාධාරණයකි.

විවිධ පාර්ශව යොදවා ජනාධිපතිවරණය කල්දැමිය හැකිදැ’යි සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන බව විපක්ෂය චෝදනා කරයි.

ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට මීට පෙර යෝජනා කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එම ඡන්දය කඩිනමින් පවත්වන්නැයි අද (ජූලි 17) මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

මාධ්‍යවේදීන් සමග ඔවුන් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය තරග කරන අතර ජනාධිපතිවරණය කල් දැමීමේ සුදානමක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බවය.

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීමේ නිල ප්‍රකාශය මෙම මස අවසානයට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසයි

ජනතාවගේ ශුද්ධ වූ අයිතියක් වන තමන් කැමති රජයක් තෝරා පත් කර ගැනීමේ බලය සුරැකීම සඳහා පත්කොට ඇති ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කුකුසක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීම මැතිවරණ කොමිසමේ වගකීම වන බවයි සිවිල් සංවිධානය නියෝජිතයින් පෙන්වා දෙන්නේ.

Related Articles