මහනුවර ජල දූෂණය උග්‍රයි

මහනුවර ජල දූෂණය උග්‍රයි

 

 

 

 

 

මහනුවර මහ නගර සීමාවේ එකතු වන අසූචි මිශ්‍ර අපජලය අවම වශයෙන් ඝන මීටර් 7000 ක් දිනකට මහවැලි ගඟට එක් වෙන බව . පරිසර යුක්ති කේන්ද්‍රය හෙළිදරව් කොට සිටී.

මහනුවර, ගන්නෝරුවේ පිහිටි අප ජල පිරිපහදුවට සියලු අපිරිසිදු ජලය. එක් නොවන අතර එම ජලය කටුගස්තොටදී. මහවැලි ගඟට එක් වේ.

ජපන් ආධාර ඇතිව රුපියල් බිලියන 22 ක ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද්දේ මහ නගර.මහ නගර සීමාව තුළ එකතු වන අපජලය පිරිපහදු කොට. පානීය ජලය තත්ත්වයට පවිත්‍ර කර එම ජලය මහවැලි ගංගාවට එක් කිරීමටයි.

ජලය ඝන ලීටර් දාහතර දහසක් පමණ  දිනකට පිරිපහදු කළ යුතු නමුත් දැනට පිරිපහදු වන්නේ. ලීටර් පන් දහසක් පමණි.

කාර්යාල, නිවාස. සහල් වෙළඳ සැල්වලින් එක්වෙන අපජලය. පිරිපහදු නොකොට. කෙලින්ම මහවැලි ගඟට එක් වේ.

මහයියාව වැනි මෙම ප්‍රදේශවල. අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අප ජලය ක්‍රමානුකුලව ගලායන වැසිකිලි පද්ධතියක් නොමැතිවීම තවත් ගැටළුවකි.

 

ජල දූෂණය හේතුවෙන්. මහයියාව ප්රදේශය, දැඩි පාරිසරික ගැටලු ඇති ප්‍රදේශයක් බවට පත් වෙමින් පවතී.

Related Articles