බයිඩ්න් ජනාධිපති තරගයෙන් ඉවතට.

බයිඩ්න් ජනාධිපති තරගයෙන් ඉවතට.

පක්ෂය සහ රටේ යහපත වෙනුවෙන් තමන් ජනාධිපති තරගයෙන්. ඉවත්වෙන බව. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් කියා සිටී.

 

ජුනි මාසයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් හා පැවති විවාදයෙන් අනතුරුව ජනාධිපති තරඟයෙන් ඉවත්වන්නැයි ජෝ බයිඩ්න් හට ඩිමොක්රටික් පක්ෂය ඇතුළෙන්ම. බලපෑම් එල්ල වන්නට විය.

වියපත්ව සිටින ජෝ බයිඩ්න් ජනාධිපති ධුරයට සරිලන සෞඛ්ය තත්ත්වයකින් පසු නොවන බව මතයක් ගොඩ නැගෙන්නට විය.

දැන් ජනාධිපති තරගය සඳහා ජෝ බයිඩ්න්  නම් කොට ඇත්තේ උප ජනාධිපතිනි කමලා හැරිස් ය.කෙසේ වෙතත් ඩිමොක්‍රටික් පක්ෂයේ පුර්ණ අනුමැතිය කමලා හැරිස් හට තවමත් ලැබී නැත

ඩොනල්ඩ් ට්රම්ප් පරාජය කොට තමන්ගේ රට එක්සත් කිරීමට කළ හැකි සියල්ල කරන බවයි කමලා හැරිස් කියා සිටින්නේ.

 

තමන්ගේ ඉතිරි ධුර කාලය තුළ ජනාධිපති ධුරයේ කටයුතු කරන බව බයිඩ්න් කියා සිටී.

ආසියානු අමෙරිකානු සම්භවයක් සහිතව ඇමරිකානු ජනාධිපති ධුරය සඳහා සටන් වදින පළමු කාන්තාව වන්නේ කමලා හැරිස් ය.

කැලිෆෝනියාවේ නීතිපති ලෙස සේවය කළ කමලා හැරිස් කාන්තාවන්ගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින්නියක් ලෙස ප්‍රකටය .

පනස් නව වැනි පසුවන කමලා හැරිස් ගේ දෙමව්පියන් සංක්‍රමනිකයින්ය.

කමලා හැරිස්ට අවුරුදු පහක් වනවිට ඇයගේ දෙමව්පියන් දික්කසාද වූ අතර ඇයගේ. මව වූ ශ්යාමලා ගෝපාලන් හැරිස් කමලා හැරිස් රැක බලා ගත්තාය. මව වෘත්තියෙන්. පිලිකා රෝග පර්යේෂණ විද්යාඥවරියකි .

මව ඉන්දියාවෙන් ඇමරිකාවට සංක්‍රමනය වූ අතර පියා ජැමෙයිකාවෙන් ඇමරිකාවට සංක්‍රමනය වූවෙකි.

 

 

Related Articles