බංග්ලාදේශයේ දරුණු ගැටුම්

බංග්ලාදේශයේ දරුණු ගැටුම්

බංග්ලාදේශ පොලිසිය සහ සිසුන් අතරේ දරුණු ලෙස ගැටුම් ඇවිලි යෑමෙන් අනතුරුව මරණ 32 ක් පමණ වාර්තා වී තිබේ.

මේ වන විට බංගලාදේශයේ දුරකථන මාර්ග හා අන්තර්ජාල සබඳතා පහසුකම් ඇණ හිට තිබේ. ආණ්ඩුව විසින් ජංගම දුරකථන සබඳතා ද පාලනය කොට ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා බංග්ලාදේශ ජාතික රූපවාහිනි මධ්‍යස්ථානයට දැඩි ප්‍රහාරයක් එල්ල විය. ජනෙල් කඩා දමා ගොඩනැගිල්ලට ගිනි තැබීමට සිසුන් කටයුතු කළහ.

මේ විරෝධතා සඳහා දහස් ගණන් සිසුන් එක්ව සිටිති.

මේ වන විට ජාතික රූපවාහිනී වැඩකටයුතුද ඇනහිට තිබේ.

ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය ශික්‌ හසීනා සාමකාමී වන්නැයි සිසුන්ගෙන් ඉල්ලා සිටියාය.

සමාජ ක්‍රමය වෙනසක්

සිසුන් පවසන්නේ සමස්ත සමාජ ආර්ථික ක්‍රමයම වෙනස් කළ යුතු බවයි.පාකිස්ථානය 1971 දී පැවැති යුද්ධයේදී සටන් කළ පිරිස වෙනුවෙන් රාජ්‍ය සේවාවලින් රාජ්‍ය සේවා රැකියාවලින් තුනෙන් එකක් වෙන් කළ යුතු බවයි සිසුන් පෙන්වා දෙන්නේ.

සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි ආණ්ඩුව සිසුන් වෙත ඉදිරිපත් කර ඉල්ලීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

ශිෂ්‍ය නායකයින් පවසන්නේ ආණ්ඩුව බොහෝ දෙනා ඝාතනය කොට ඇති හෙයින් ඔවුන් හා කතාබහට එක්වීම හැකියාවක් නැති බවයි.

22 හැවිරිදි අලීම් කාන් බීබීසීයට පැවසුවේ ආණ්ඩුව පොලීසිය යොදවා සිසුන්ට පහර දෙන අතරවාරයේ සාකච්ඡා සඳහා පැමිණෙන පැවසීම අර්ථ විරහිත බවයි.

Related Articles