පොහොට්ටුව සහ රනිල් මතුපිටින් වෙන් වෙති

පොහොට්ටුව සහ රනිල් මතුපිටින් වෙන් වෙති

 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය රනිල් වික්‍රමසිංහට ලබා නොදීමට තීරණය කොට ඇත.

වෙනම අපේක්ෂකයෙක්. ලබන සතියේ ඉදිරිපත් කරන බවයි පොදු ජන පෙරමුණේ. දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වූ ගාමිණී ලොකුගේ මාධ්යවේදීන්ට පවසා සිටියේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් රැසක් වටින් ගොඩින් රනිල් වික්‍රමසිංහට සහයෝගය දීමට. සූදානමින් සිටින බව  වාර්තාවේ.

රනිල් වික්‍රමසිංහට සෘජුව සහයෝගය නොදැක්වීමට පොහොට්ටුව ගෙන ඇති තීරණය. සම්බන්ධයෙන්. මහින්ද රාජපක්ෂ. දැඩි ලෙස කලකිරීමට පත්වී සිටින බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

බැසිල් රාජපක්ෂගේ උත්සාහය වී ඇත්තේ මතුපිටින් සහයෝගය නොදෙන බව පවසා ඊට වඩා ක්‍රමෝපායික ලෙස. තෝරාගත් ප්‍රදේශ කිහිපයකදී තමන්ගේ දේශපාලන ප්‍රබලයින් කිහිපදෙනෙකුගේ සහයෝගය රනිල් වික්‍රමසිංහට ලබාදී ඒ ඔස්සේ තම කොන්දේසිවලට රනිල් වික්‍රමසිංහ එකඟ කරවා ගැනීමයි.

අනෙක් අතට මේ වන විට පොහොට්ටුවේ ඡන්ද පදනම දෙදරා ගොස් ඇති හෙයින් ඔවුන්ගේ සහය සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහගේද වැඩි උනන්දුවක් නැත.

පොහොට්ටුවේ ඡන්ද පදනම 

පොහොට්ටුව සම්බන්ධයෙන් දැඩි ජනතා අප්රසාදයක් පවතින හෙයින් ඔවුන් හා පමණට වඩා සමීප වීම රනිල් වික්රමසිංහට අවාසි දායක විය හැකි බව ඔහුගේ සමීපතමයන් කිහිප දෙනෙක් ඔහුට පෙන්වා දී ඇත.

පොහොට්ටුවේ ජාතිකවාදී ප්‍රතිපත්ති සුළු ජන කොටස්වල චන්දය ලබාදීමට බාධාකාරී විය හැකි බවත්. තවත් පිරිසක්රනිල් වික්‍රමසිංහට පෙන්වා දී ඇත.

තවමත් පොහොට්ටුවට. තමන්ගේ අපේක්ෂකයා පිළිබඳව. තීරණයක් ගැනීමට. නොහැකිවීම තවත් අර්බුද කීපයක නිරූපනයකි.

රාජපක්ෂ පවුලේ කීප දෙනෙක්ම විවිධ නඩු තිබෙන හෙයින් තමන්ට හිතවාදී නොවන පාලනයක් පත්වුවහොත් ගැටළු ඇතිවිය හැකි බව ඔවුන් දන්නා හෙයින් රනිල් වික්‍රමසිංහහට සහයෝගය නොදෙන බව මතුපිටින් පැවසුවත් වෙනත් කවර හෝ ආකාරයකින් ඔහුට සහයෝගය දැක්වීමට සිදුවන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

Related Articles