පොහොට්ටුව රනිල් වටා රොද බඳියි.

පොහොට්ටුව රනිල් වටා රොද බඳියි.

අනූ දෙදෙනෙකුගෙන් යුතු පොහොට්ටුවේ ඇමතිවරු. මන්ත්‍රීවරු ඇතුළු අනූ දෙදෙනෙකුගෙන් යුතු පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවී තම සහයෝගය ඔහුගේ අපේක්ෂකත්වය වෙනුවෙන් ලබාදෙන බව කියා සිටියහ.

ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කොට සිටියේ ඇමැතිවරුන් වන අලි සබ්රි, රමේෂ් පතිරණ,. රාජ්‍ය රාජ්ය ඇමති කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී. දිසානායක.එස් එම් චන්ද්‍රසේන අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න. මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රේමනාත් සී. දොලවත්ත, ජානක වක්කුඹුර. ඩග්ලස් දේවානන්දා, මධුර විතානගේ සහ රාජිකා වික්රමසිංහ. මේ පිරිස අතර සිටි බවයි . ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටින්නේ.

පෝලිම් යුගය හමාරකොට රටට ස්ථාවරත්වය ගෙනා රනිල් වික්‍රමසිංහට තමන් කොන්දේසි විරහිතව සහයෝගය දෙන බවයි මේ පිරිස පවසන්නේ.

පොහොට්ටුව තමන්ගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණය වැරදි එකක් බවත් එම තීරණය පක්ෂයේ බහුතරය. අනුමත නොකරන බවත්. ජනාධිපතිවරයා හමුවූ. පොහොට්ටු සාමාජිකයින් පවසා ඇත.

 

මහින්ද රාජපක්ෂ

දේශපාලන විචාරකයින් පවසන්නේ මහින්ද රාජපක්ෂ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට මුල සිටම විරුද්ධ වූ බවත්. දැන් පොහොට්ටුව තවදුරටත්. දෙදරා යෑමට ඉඩ තිබෙන බවයි.

ඉදිරි දින කිහිපය තුලදී. තවත්. ඇමතිවරු හා මන්ත්රීවරුන් පිරිසක්. රනිල් වික්රමසිංහ හා එකතු වීමට නියමිතය. මේ සමගම  බැසිල් රාජපක්ෂය. දියත් කිරීමට උත්සාහ කළ වැඩපිලිවෙල ලත් තැනම ලොප් වනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

Related Articles