පෑහෙන්නේ නැති සංඛ්‍යා ලේඛන

පෑහෙන්නේ නැති සංඛ්‍යා ලේඛන

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසන ආකාරයට රුපියල ශක්තිමත් වී උද්ධමනය පාලනය වී ඇත අනෙක් අතට
1.6% -2.5% දක්වා වූ ආර්ථික වර්ධන වේගයක් පිළිබඳව සාකච්ඡා කෙරේ.

ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යාම සියයට තුන්සියකි . ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1300 සිට අද වන විට රුපියල් 4115 දක්වා මිල වැඩි වී තිබේ. තෙල් මිල රුපියල් 167 සිට රුපියල් 371 දක්වා මිල ඉහළ ගොස් තිබේ.

භූමිතෙල්වල මිල මේ කාලය තුළ රුපියල් 70 සිට රුපියල් 236 දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් වසංගතයට පෙර රුපියල් 70 ට 80 ට පැවැති සහල් මිල රුපියල් 200 කට ආසන්නය .

රුපියල් 16ට පැවති බිත්තරය රුපියල් 40 සහ 50 දක්වා මිල ඉහළ ගොස් තිබේ.

2020 සිට 2024 දක්වා කාලය තුළ ලක්ෂ පහකට හයකට ආසන්න ප්‍රමාණයක රැකියා අහිමි වී ඇත . රටේ ආර්ථිකය සියයට 16 කින් සංකෝචනය වී ඇති අතර 2018 දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො.බි. 89 ක් වූ අතර එය 2023 වනවිට ඇ.ඩො.බි. 70 ත් 75 ත් දක්වා එනම් සියයට 16 කින් පමණ සකොචනයවී ඇත .

දළ දේශීය නිෂ්පාදිතය සියයට 16 කින් සංකෝචනය  වීම හේතුවෙන් රැකියා විරහිත බව සියයට 8 කින් පමණ ඉහළ යෑමට ඉඩ ඇත . මෙරට සමස්ත වැඩ කරන ජනතාවගෙන් සියයට 8 ක් යනු ලක්ෂ 6ක පමණ ප්‍රමාණයකි.

ලක්ෂ හයකට පමණ රැකියා අහිමි වෙද්දී මිලදී ගැනීමේ හැකියාව අඩුවෙන අතර උද්ධමනය අඩු විය හැකිය .එය ආර්ථික සංවර්ධනයේ දර්ශකයක් ලෙස සැලකීම සාධාරණද ?

 

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2024 නිකුත් කොට ඇති වාර්තාවට අනුව 2018 ට සාපේක්ෂව 2022 වන විට මෙරට මධ්‍ය පරිමාණ ව්‍යාපාර සියයට 50 කින් වැසී ගොස් ඇත. එසේ තිබියදී අපේක්ෂිත 2.5 % ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත හැකිද ?

සරලව ගතහොත් රනිල් වික්‍රමසිංහ තොරම්බල් කරන ගණන් හිලව් අසත්‍ය නොවන නමුත් මායාකාරිය.

දැඩි බදු පීඩනය උද්ධමනය පාලනය , රුපියල ශක්තිමත් කිරීම , මුල්‍ය අරමුදලේ ණය ලබාගත හැකිවීම වැනි ප්‍රමාණාත්මකව මිනුම් කල හැකි ප්‍රතිපල අත්පත් කර දුන්නද සැබෑ ලෙසින් ජනතාවගේ ජීවිතයේ ගුණාත්මක වෙනසක්
ඇති කිරීමට හේතු වේද ?
සමස්තයක් ලෙස ගත හොත් රට අගාධයට තල්ලු වෙන් ගමන නතර වී නැත
වැල් පාලමෙන් එගොඩ වීම කෙසේ වෙතත් අනපේක්ෂිත මොහොතක වැල් පාලම කඩ වැටීමට ඉඩ ඇත .

ගාමිණී රුවන්චන්ද්‍ර

Related Articles