පාස්පෝට් අර්බුදයට විසඳුමක් සඳුදා සිට ක්‍රියාත්මක වේ

පාස්පෝට් අර්බුදයට විසඳුමක් සඳුදා සිට ක්‍රියාත්මක වේ

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ, එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කළ නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බවත්, ඒ අනුව, සඳුදා සිට ඒවා බෙදාහැරීම ක්‍රියාත්මක කරන බවයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අද (15) උදෑසන පැවැත්වෙද්දී, අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම ප්‍රකාශය කරන ලදී.

මාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ, ඊ-පාස්පෝට් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බවත්, එම නියෝගය නිමවනතුරු ටෙන්ඩර් කැඳවීම් සිදුනොකරන බවත්ය. නියෝගය අවසන් වූ පසු, එම මතවාදය සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවත් ඔහු සඳහන් කළේය.

මේ වනවිට ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ක් ඉදිරියේ දී අවසන් වීමට නියමිත බැවින්, නැවත පාස්පෝට් අර්බුදයක් ඇති විය හැකි බව හඳුනාගෙන, සාමාන්‍ය පාස්පෝට් ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියට පිවිස, තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීම සඳහා පසුගිය 11 වනදා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගත් බව ද ඔහු පවසයි.

Related Articles