ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධාන පර්යේෂණ නිලධාරි ජී. කුමානායක “ඉබාගාතේ ගිය රාජ්‍ය මූල්‍ය කළමනාකරණය” පිළිබඳව අපුරු විග්‍රහයක් ඉදිරිපත් කොට තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් ශ්‍රී ලංකාවේ ගෙවීගිය වසර 75 න් 46ක්ම පාර්ලිමේන්තුවේ ගත කොට ඇත .
ශ්‍රී ලංකාව නිදහස ලබා ගත වූ වසර 75 තුළ රටක් වශයෙන් අප ආදායමට වඩා වියදම් කළ බවත් විදේශ ණය ලබාගැනීම හා මුදල් අච්චු ගැසීමෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම හා විවිධ සහනාධාර ලබාදුන් බවත් පාඩු ලබමින් රාජ්‍ය ව්‍යවසාය පවත්වාගෙන ගොස් ඇති බව ඔහුට ප්‍රකාශ කිරීමට සිදුවීම දෛවෝපගත සිදුවීමකික් බවයි ප්‍රධාන පර්යේෂණ නිලධාරි ජී. කුමානායක පෙන්වා දෙන්නේ .
රාජ්‍ය මූල්‍ය සම්පත් ඵලදායි ලෙස භාවිතවීම සහතික කිරීම සම්පත් ඵලදායි ලෙස භාවිත වීම සහතික කිරිම සඳහා කමිටු පත් කොට ඇති නමුත් එහි කාර්ය භාරය යටපත් වී මූල්‍ය විනය සහ නිසි ආර්ථික කළමනාකරණය පසෙකට විසි වී විධායකයේ මනදොළ පිරෙන ආකාරයට කටයුතු සිදුවිය. ආර්ථිකයට මහත් බරක් එක් කරමින් සුදු අලින් රාශියක් බිහි වී ඇත. කිසිදු ඵලදායිත්වයකින් තොර ගුවන්තොටුපොළවල්, වරාය, කුලුනු, සම්මන්ත්රණ ශාලා යනාදිය ඉදි කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාව ණය බරින් මිරිකීම හැර අන් කිසිවක් සිදුවී නැති බවයි.
රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට කාලාන්තරයක් තිස්සේ ආණ්ඩු අපොහොසත් වී ඇත. සෑම වසරකම පුරා මාසයක් මුළුල්ලේ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වුවද රට සැබෑ සංවර්ධන මාවතකට යොමු කර ගැනීමට සමත් නොවේ.
ඉහත සඳහන් කළ ‘මුර බල්ලන්ගේ’ කර්තව්‍යය ඉටුකරන කමිටුවලට අමතරව විවිධ විෂයයන් පිළිබඳව තියුණු අවධානය යොමු කිරීම සඳහා තවත් පාර්ලිමේන්තු කාරක සභා වර්ග දෙකක් අප පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වේ. ඒවා නම් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභාය.
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පිළිබඳව ඇගයුමක් කරන හිටපු පර්යේෂණ නිලධාරී කුමානායක පවසන්නේ අපේක්ෂිත ප්‍රතිපල ලැබී නැති බවයි . නිදසුනක් ලෙස අනුරාධපුරයේ නුවර වැව ආශ්‍රිතව මහා පරිමාණ පස් හා වැලි කැණීම නීති විරෝධීව සිදුවේ. එසේම අනුරාධපුරයේ තිස්ස වැව ආශ්රිත භූමි ප්‍රදේශයේ ඉඩම් නීති විරෝධීව යම් යම් පුද්ගලයන් විසින් අත්පත් කර ගනු ලැබේ. ඉපැරණි වටිනා ගස් කපා දමා ගිනිබත් කොට දෙමහල් නිවාසයක් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙක් විසින් ඉදිකරනු ලැබ ඇත. මෙම ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් මෙම කරුණු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා හෝ ආංශික අධීක්ෂණ කාරක සභා හමුවේ ඉදිරිපත් කරනු ලැබ තිබේද? එවැනි කරුණු සම්බන්ධයෙන් එම කාරක සභා විසින් ගන්නා ලද පියවර මොනවද? යයි ඔහු ප්‍රශ්න කරයි.
උසස් නිලතල පිළිබඳ කාරක සභාවක් පාර්ලිමේන්තුවේ ඇත . අමාත්‍යංශ ලේකම්වරුන්, තානාපති නිලධාරීන් ඇතුළු උසස් නිලධාරීන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා අදාළ පුද්ගලයන් කැඳවීම පොත් වාර්තා, වෙනත් ලේඛන ගෙන්වාගෙන පරීක්ෂා කිරීමට මෙම කාරක සභාවලට බලය ඇත. එසේ වුවද උසස් තනතුරු සඳහා නුසුදුසු පුද්ගලයන් පත්වීම බහුල ලෙස සිදුවේ.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් ‘කෝප්’ කමිටුවට විසින් වරින් වර මහා පරිමාණ දූෂණ, වංචා පිළිබඳ තොරතුරු වාර්තා වේ .අ ජනමාධ්‍ය විසින් ඒවාට විශාල ප්‍රසිද්ධියක් ද ලබාදෙනු ලැබේ. එහෙත් විවිධ වංචනික ක්‍රියාවල නිරත වෙමින් රටට අතිමහත් අලාභ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගනු දක්නට නොලැබේ. එම සාහසික ආර්ථික අපරාධ පාර්ලිමේන්තුවේ වාර්තාවලට පමණක් සීමාවේ. ඇතැම් විට මෙම වාර්තා සභාව කල් තැබීමේ විවාද (Adjournment Debates) වලට භාජන වේ. ඉන්පසු ඒවා සියල්ලන් විසින්ම අමතක කරනු ලැබේ.
අධික වියදමක් දරමින් පවත්වාගෙන යන අප රටේ පාර්ලිමේන්තුවද වත්මන් ආර්ථික අර්බුදයට නොමදව දායක වී ඇති බව එකහෙළාම කිව හැකි බව එය අතිශයින්ම ඛේදනීය තත්ත්වයක් බවත් හිටපු ප්‍රධාන පර්යේෂණ නිලධාරි ජී. කුමානායක පෙන්වා දෙන්නේ .