නීතිවේදීන්ගෙන් ආණ්ඩුවට දෝෂාරෝපණයක්.

නීතිවේදීන්ගෙන් ආණ්ඩුවට දෝෂාරෝපණයක්.

දේශබන්දු. තෙන්නකෝන් ගේ පොලිස්පති ධුරය අත්හිටුවා වැඩබලන පොලිස්පතිවරයෙක් පත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති වේදීන්ගේ සංගමය ආණ්ඩුව දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කොට ඇත.

පාර්ලිමේන්තුව මගින් කරනු ලබන පත්කිරීම් ප්‍රශ්න කිරීමට ශ්රේෂ්ඨාධිකරණයට අයිතියක් නැතැයි ආණ්ඩුව දරණ මතය. නිවැරදි නොවන බවයි නීති වේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

ආණ්ඩුවේ ස්ථාවරය. යුක්තියේ පසිඳලීමේ ක්‍රියාවලියට බාධාකාරී බව නීතිවේදීහු පෙන්වා දෙති.ව්‍යවස්ථාදායක සභාව මගින් අනුමත කරනු ලැබූ පත්වීමක් ප්‍රශ්න ප්රශ්න කිරීමට ශ්රේෂ්ඨාධිකරණයට බලයක් නැතැයි කීම වැරදි බවයි. නීතිවේදීහු පෙන්වා දෙන්නේ.

දේශ බන්දු තෙන්නකෝන්. තවදුරටත් තනතුරේ රැඳී සිටින හෙයින් වැඩබලන පත්කිරීමක් සිදුකිරීමට හැකියාවක් නැතැයි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශය නීතිවේදීන්ගේ විවේචනයට ලක්ව ඇත.

යුද්ධය හෝ සාමය

 

කතානායකවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට. ශ්රේෂ්ඨාධිකරණයේ තීරණ බලරහිත කළ නොහැකි බව. නීතිවේදීහු දැඩිව කියා සිටිති.ජනාධිපතිවරයාට යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීමට. ඇති අයිතිය හැර ජනාධිපතිවරයා විසින් ගනු ලබන. අන් සියලු. තීරණ. මුලික අයිතිවාසිකම් පිළිබඳව වන නීතිරීති වලට යටත්වන බවයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ.

ජනාධිපති සමාව ලබාදීමට ගත් තීරණ නිෂ්ප්රභා කිරීමට සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණ නිෂ්ප්රභා කිරීම මෙන්ම. හිටපු ජනාධිපතිවරයා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් පියවර ගැනීම. ශ්රේෂ්ඨාධිකරණය විධායකය සම්බන්ධයෙන් ගත් තීරණ ලෙස. නීතිවේදීන් විසින් පෙන්වා දී ඇත.

ශ්රේෂ්ඨාධිකරණ තීරණවලට ගරු නොකලොත්. යුක්තිය පසිඳලීමේ ක්‍රියා පිළිවෙත පිළිබඳව මහජන විශ්වාසය බිඳ වැටී ප්‍රජා ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් විය හැකි බව නීතිවේදීහු පෙන්වා දෙති.

නීති වේදීන්ගේ සංගමයේ ලේකම් චතුර ගල්හේන ගේ අත්සනින් නිකුත් කර ඇති. මේ නිවේදනයෙන් ශ්රේෂ්ඨාධිකරණය පිළිබඳව. තමන් දැඩි විශ්වාසයක් තබා ඇතැයි. නීතිවේදීහු පවසති

Related Articles